BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

'හරක් කටා' අල්ලස් නඩුව: රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අධිකරණයෙන් ඇප!

T

The Leader Desk

July 28, 2026 • 6:24 AM

'හරක් කටා' අල්ලස් නඩුව: රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අධිකරණයෙන් ඇප!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්: විදේශ ගමන් තහනම්
  • බෝදරගම විසින් අද (ජූලි 28) මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
  • ඇප කොන්දේසි සහ විදේශ ගමන් තහනම නියෝගයට අනුව, එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම විය.
  • ශරීර ඇපකරුවන් සතුව ඇපයේ වටිනාකම තහවුරු කෙරෙන ආකාරයේ ස්ථිර ආදායමක් හෝ දේපළ පවතින බවට තහවුරු කරන සහතික අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

'හරක් කටා' ආරක්ෂිත බන්ධනාගාරයකට යැවීමට කෝටි 12ක අල්ලසක් ගැනීමේ සිද්ධිය: විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 8දා කැඳවයි


සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' නැමැත්තාගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඉකුත් නඩු දිනයේදී සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අද (ජූලි 28) මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

ඇප කොන්දේසි සහ විදේශ ගමන් තහනම

නියෝගයට අනුව, එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම විය. ශරීර ඇපකරුවන් සතුව ඇපයේ වටිනාකම තහවුරු කෙරෙන ආකාරයේ ස්ථිර ආදායමක් හෝ දේපළ පවතින බවට තහවුරු කරන සහතික අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

මීට අමතරව, සැකකරුවන් තිදෙනාටම විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගන්නා ලෙස ද නියෝග කෙරිණි. මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන දෙසැම්බර් මස 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

අල්ලස් චෝදනාවේ පසුබිම

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය වෙති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටි 'හරක් කටා' නැමැත්තා ඝාතනය කිරීම වැළැක්වීම, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් ආරක්ෂිත බන්ධනාගාරයකට යොමු කිරීම සහ විමර්ශනවලින් නිදහස් කරදීම සඳහා මෙම අල්ලස් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ වෙනුවෙන් 2023 වසරේදී ඩුබායි රාජ්‍යයේදී 'හරක් කටා'ගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නැමැත්තියගෙන් මුලින් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා, පසුව එය රුපියල් කෝටි 20 දක්වා අඩුකරමින් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් කෝටි 12ක් ලබාගත් බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු අනාවරණය කර ඇත. අදාළ විමර්ශනවලට අනුව රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඉකුත් ජූනි මස 25 වැනිදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...