BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

ගෝලීය වෙළෙඳ තරගය සහ දේශීය බදු පීඩනය: ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය ගැන රවී ගෙන් අනතුරු ඇඟවීමක්!

T

The Leader Desk

July 28, 2026 • 10:26 AM

ගෝලීය වෙළෙඳ තරගය සහ දේශීය බදු පීඩනය: ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය ගැන රවී ගෙන් අනතුරු ඇඟවීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු බදු සහ GSP Plus සහනය මත පමණක් යැපීමේ අවදානම ගැන හිටපු මුදල් ඇමැතිවරයා කරුණු දක්වයි
  • එහෙත්, බලහත්කාර ශ්‍රමය භාවිත කරන බවට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බව ද ඔහු සඳහන් කළේය.
  • එමෙන්ම, යුරෝපා සංගමයේ GSP Plus වැනි සහන මතම සදාකාලිකව යැපෙන්නේ නැතිව රටක් ලෙස ස්වාධීන තරගකාරීත්වයක් ගොඩනගා ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
  • දේශීය බදු ව්‍යුහය සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දේශීය බදු ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින් රවී කරුණානායක සඳහන් කළේ, වර්තමානයේ පවතින බරපතල බදු පීඩනය මගින් ආර්ථික අසමානතාව තවදුරටත් පුළුල් වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


"වර්තමාන බදු ක්‍රමය නිසා කුඩා ව්‍යාපාර වැසී ගොස් මහා පරිමාණ ව්‍යාපාර විතරක් ඉතිරිවීමේ තර්ජනයක්"



ගෝලීය වෙළෙඳ සංකීර්ණතා, ඇමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති නව ආනයන බදු සහ දේශීය වශයෙන් පවතින දැඩි බදු පීඩනය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුද ක්‍රියාවලිය බරපතල අභියෝගයකට මුහුණ දී සිටින බව හිටපු මුදල් හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පෙන්වා දෙයි.

ගෝලීය ආර්ථිකයේ සිදුවන සීඝ්‍ර වෙනස්කම් හමුවේ පවතින වෙළෙඳ වාසි ආරක්ෂා කරගනිමින්, වඩාත් ප්‍රායෝගික සහ තරගකාරී ආර්ථික ප්‍රතිපත්තියකට ශ්‍රී ලංකාව වහා අවතීර්ණ විය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ඇමෙරිකානු බදු සහ ගෝලීය වෙළෙඳ අභියෝග

ශ්‍රී ලාංකික අපනයන සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මෑතකදී පැනවූ 10%ක ආනයන බදුවලට අදාළව අදහස් දක්වමින් කරුණානායක සඳහන් කළේ, සෙසු තරඟකාරී රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව තවමත් තරගකාරී මට්ටමක පසුවීම සාධනීය කරුණක් බවයි. එහෙත්, බලහත්කාර ශ්‍රමය භාවිත කරන බවට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බව ද ඔහු සඳහන් කළේය.

ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් තනි පාර්ශ්වීය ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්ති වෙත යොමු වීම හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අර්බුදයට ලක්ව ඇති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව වසරකට ඇමෙරිකාවට සහ යුරෝපා සංගමයට ඩොලර් බිලියන 6ක පමණ භාණ්ඩ අපනයනය කරන බැවින් එම වෙළෙඳපොළවල් ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය බව ද පැවසීය. එමෙන්ම, යුරෝපා සංගමයේ GSP Plus වැනි සහන මතම සදාකාලිකව යැපෙන්නේ නැතිව රටක් ලෙස ස්වාධීන තරගකාරීත්වයක් ගොඩනගා ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

දේශීය බදු ව්‍යුහය සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර

දේශීය බදු ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින් රවී කරුණානායක සඳහන් කළේ, වර්තමානයේ පවතින බරපතල බදු පීඩනය මගින් ආර්ථික අසමානතාව තවදුරටත් පුළුල් වන බවයි. "වත්මන් බදු ක්‍රමය මෙලෙසම පැවතුණහොත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් තව තවත් බලවත් වී, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇතැයි" ඔහු අනතුරු ඇඟවීය.

ගෝඨාභය රාජපක්ෂ ගේ පාලන සමයේ සිදුවූ ආර්ථික කඩාවැටීම හේතුවෙන් රාජ්‍ය ආදායම පහත වැටීම නිසා මෙම බදු ඉහළ නැංවීම් සිදුවූ බව පෙන්වා දෙන හෙතෙම, වර්තමාන බදු පදනම අතිශය පටු එකක් බව ද කීය. රට තුළ බදු ගොනු ලක්ෂ 14ක් පමණ තිබුණද ඉන් සක්‍රීයව දායක වන්නේ පුද්ගලයන් ලක්ෂ 6ක් පමණක් බවත්, ලියාපදිංචි සමාගම් අතරින් බදු ගෙවන්නේ 30%ක් වැනි අඩු ප්‍රතිශතයක් බවත් ඔහු අනාවරණය කළේය.

මෙයට විසඳුම ලෙස ආයතනික බදු අනුපාතය 30% සිට 15% - 17.5% දක්වා පහත හෙළා, වැඩි පිරිසක් බදු ජාලයට එකතු කරගනිමින් බදු පදනම පුළුල් කිරීමේ සාධනීය ප්‍රවේශයකට යා යුතු බව හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් යෝජනා කර සිටියි.

(සටහන | සම්පත් ධීරසේකර )

මුලාශ්‍රය :

Sri Lanka’s Economic Crossroads: Tariffs, Taxes and Tough Choices Ahead: Ravi K

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...