BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් සෘජු ප්‍රහාරයක්: 'විධායකයේ ආක්‍රමණයට එරෙහිව විසඳුම ජනමත විචාරණයයි!'

T

The Leader Desk

July 28, 2026 • 4:09 PM

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් සෘජු ප්‍රහාරයක්: 'විධායකයේ ආක්‍රමණයට එරෙහිව විසඳුම ජනමත විචාරණයයි!'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ගේ නඩුව තමන්ටම ඇසීමට නොහැකි සදාචාරාත්මක ප්‍රතිපත්තිය හමුවේ තීරණය ජනතා අධිකරණයට භාරදෙන ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් බලකිරීමක්
  • පීරිස් පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ පාලන සමයේ පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වයට අත නොතැබූ බවයි.
  • පෙර-අපර දිග සමස්ත නීති ක්ෂේත්‍රයේම පිළිගත් "තමන්ගේ නඩුව තමන්ටම ඇසිය නොහැක" යන මුලධර්මය උල්ලංඝනය කරමින්, යෝජිත සංශෝධනයෙන් සෘජු වාසි ලබන විනිසුරුවරුන් හමුවටම මෙහි නිත්‍යානුකූලභාවය තීරණය කිරීමේ වගකීම පැවරීම සදාචාරාත්මක නොවන බව ඔහු පැවසීය.
  • එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85, 86 සහ 87 වගන්ති ප්‍රකාරව මහජන පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරමින් ජනතා අධිකරණය හමුවට මෙම ප්‍රශ්නය යොමු කළ යුතු බව මහාචාර්යවරයා අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණ අසහනයට පාරකපන අත්තනෝමතික පියවරක් බවට දයාසිරිගෙන් චෝදනා

අධිකරණ පද්ධතියේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු දෙකකින් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට විධායකය දරන සංවිධානාත්මක උත්සාහයක් බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

කොළඹ මල් පාර පිහිටි දේශපාලන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එම එකමුතුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජ්‍යෙෂ්ඨ නීති විශාරදයන් අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් පමණක් මෙම සංශෝධනය සිදු කළ නොහැකි අතර, ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.

තමන්ගේ නඩුව තමන්ම ඇසීමේ සදාචාරාත්මක අර්බුදය

මාධ්‍ය හමුව ඇමතූ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු නීති විශාරද මහාචාර්ය ජී. එල්. පීරිස් පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ පාලන සමයේ පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වයට අත නොතැබූ බවයි. පෙර-අපර දිග සමස්ත නීති ක්ෂේත්‍රයේම පිළිගත් "තමන්ගේ නඩුව තමන්ටම ඇසිය නොහැක" යන මුලධර්මය උල්ලංඝනය කරමින්, යෝජිත සංශෝධනයෙන් සෘජු වාසි ලබන විනිසුරුවරුන් හමුවටම මෙහි නිත්‍යානුකූලභාවය තීරණය කිරීමේ වගකීම පැවරීම සදාචාරාත්මක නොවන බව ඔහු පැවසීය.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85, 86 සහ 87 වගන්ති ප්‍රකාරව මහජන පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරමින් ජනතා අධිකරණය හමුවට මෙම ප්‍රශ්නය යොමු කළ යුතු බව මහාචාර්යවරයා අවධාරණය කළේය. නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවට ආණ්ඩුව දක්වන හේතුව අසත්‍යයක් බවත්, විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ නොකර මෙවැනි සංශෝධන ගෙන ඒම පිටුපස පටු දේශපාලන අරමුණක් පවතින බවත් කඩුවෙල, ගාල්ල, ගම්පහ, මහනුවර නීතිඥ සංගම් ඇතුළු පහළ අධිකරණ විනිසුරුවරුන් ද මෙයට දැඩි විරෝධය පළ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

තරුණ අසහනය සහ ව්‍යවස්ථාපිත ඉතිහාසය

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන කියා සිටියේ, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ඉතිහාසය පුරාම තරුණ අසහනයට සහ විරැකියාවට සෘජුවම බලපෑ කාරණයක් බවයි. 1971, 1987-89 තරුණ නැගී සිටීම් හමුවේ පත්කළ තරුණ අසහන කොමිෂන් සභා වාර්තා අධ්‍යයනය කර බලන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අබේවර්ධන, 1978 ව්‍යවස්ථාවට ජනමත විචාරණ වගන්ති ඇතුළත් කළේම පාර්ලිමේන්තුවට හෝ විධායකයට ජනතා පරමාධිපත්‍යය යටපත් කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමට බව පෙන්වා දුන්නේය. ජනමත විචාරණයකින් තොරව සිදුකරන මෙවැනි අත්තනෝමතික ක්‍රියාමාර්ගවල අවසාන ප්‍රතිඵලය රට දැවැන්ත අර්බුදයකට තල්ලු කිරීම බවද ඔහු සඳහන් කළේය.

අභ්‍යන්තර සාකච්ඡා නැති තනි තීරණයක්?

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේදී හෙළිදරව් කළේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 12 සමඟ හෝ අධිකරණ සේවා සංගමය සමඟ හෝ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය සමඟ හෝ මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කිසිදු පූර්ව සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි. නඩු ප්‍රමාදය නැවැත්වීමට නම් කළ යුත්තේ පහළ අධිකරණවල විනිසුරුවරුන් සංඛ්‍යාව සහ අධිකරණ කාර්ය මණ්ඩල ධාරිතාව ඉහළ නැංවීම බව අධිකරණ සේවා සංගමය ලිඛිතවම පෙන්වා දී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි ආසියාතික රටවල අධිකරණ පද්ධතියට සහ එහි තීන්දු තීරණවලට එල්ල වූ දේශපාලන බලපෑම් හමුවේ ඇති වූ ජනතා නැගීසිටීම් උදාහරණයට ගනිමින්, විධායකය විසින් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ද්විත්වයම පාලනය කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය සනිටුහන් කරනු ඇති බවට දයාසිරි ජයසේකර අනතුරු ඇඟවීය.

හිටපු අමාත්‍ය සුරේන් රාඝවන්, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සහ නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුනූස් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...