BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

ඇප ලැබුණත් කොන්දේසි සපුරාගත නොහැකි වූ චරිත් අබේසිංහ යළි රිමාන්ඩ් !

T

The Leader Desk

July 28, 2026 • 4:39 PM

 ඇප ලැබුණත් කොන්දේසි සපුරාගත නොහැකි වූ චරිත් අබේසිංහ යළි රිමාන්ඩ් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග ඇප කොන්දේසි සපුරාලමින් නිදහස් වෙති
  • දෙදෙනෙකු නිදහස් - චරිත් යළි බන්ධනාගාරයට අධිකරණ නියෝගයට අනුව එක් එක් සැකකරු සඳහා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම විය.
  • එමෙන්ම ශරීර ඇපකරුවන් සතුව ඇපයේ වටිනාකමට සරිලන ස්ථිර ආදායමක් හෝ දේපළ පවතින බවට තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතු බවට ද, සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගන්නා ලෙසට ද නියෝග කෙරිණි.
  • අධිකරණය නියම කළ ඇප කොන්දේසි විවෘත අධිකරණයේදී සපුරාලීමට නීතීඥ රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් දෙදෙනා කටයුතු කිරීම නිසා ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදාහැරීමට නියෝග කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

'හරක් කටා' අල්ලස් නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 8 වැනිදා අධිකරණයට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'හරක් කටා' නමැත්තාගෙන් රුපියල් කෝටි ගණනක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව අධිකරණය මගින් ඇප නියම කෙරුණු සමගි ජන බලවේගයේ හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ, නියමිත වේලාවට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් තිදෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අද (ජූලි 28) දහවල් ඇප නියෝග කරන ලදී.

දෙදෙනෙකු නිදහස් - චරිත් යළි බන්ධනාගාරයට

අධිකරණ නියෝගයට අනුව එක් එක් සැකකරු සඳහා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම විය. එමෙන්ම ශරීර ඇපකරුවන් සතුව ඇපයේ වටිනාකමට සරිලන ස්ථිර ආදායමක් හෝ දේපළ පවතින බවට තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතු බවට ද, සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගන්නා ලෙසට ද නියෝග කෙරිණි.

අධිකරණය නියම කළ ඇප කොන්දේසි විවෘත අධිකරණයේදී සපුරාලීමට නීතීඥ රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් දෙදෙනා කටයුතු කිරීම නිසා ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදාහැරීමට නියෝග කෙරිණි.

කෙසේ වෙතත්, සැකකාර චරිත් අබේසිංහට නියමිත වේලාවට සිය ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පස්වරු 5.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

චෝදනාවේ පසුබිම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටි නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' නමැත්තා ඝාතනය කිරීම වැළැක්වීම, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් ස්ථානයකට යොමු කිරීම ඇතුළු පහසුකම් සැලසීම වෙනුවෙන් 2023 වසරේදී ඩුබායිහිදී ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා, පසුව එය කෝටි 20 දක්වා අඩු කර ඉන් අත්තිකාරම් ලෙස රුපියල් කෝටි 12ක් ලබාගත් බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙම සිදුවීමට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන දෙසැම්බර් මස 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...