BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය උණුසුම් වෙයි: නීතිඥ සංගමය ජනමත විචාරණයක් ඉල්ලයි - ආණ්ඩුවෙන් කෙලින්ම බෑ කියයි!

T

The Leader Desk

July 28, 2026 • 5:05 PM

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය උණුසුම් වෙයි: නීතිඥ සංගමය ජනමත විචාරණයක් ඉල්ලයි - ආණ්ඩුවෙන් කෙලින්ම බෑ කියයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ලක්ෂ 11ක නඩු ගොඩගැසීමට පිළියමක් ලෙස සමස්ත විනිසුරු මඬුල්ලේම වයස අවුරුදු දෙකකින් වැඩි කරනවා"
  • මාස ගණනාවක් තිස්සේ මෙම පත්කිරීම් ප්‍රමාද කරමින්, පාර්ශ්වකරුවන් සමඟ කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව හදිසියේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම විනිවිදභාවයෙන් තොර ක්‍රියාවක් බව හෙතෙම පැවසීය.
  • මෙවැනි පියවරක් ගැනීමට ප්‍රථම විවෘත මහජන සංවාදයක් පැවැත්විය යුතු අතර, සංශෝධනය ඉදිරියට ගෙන යන්නේ නම් ජනමත විචාරණයකින් මහජන අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බව නීතිඥ සංගම් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

: අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

විනිසුරු පුරප්පාඩු 8ක් නොපිරවීම ව්‍යවස්ථා උල්ලංඝනයක් බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් දැඩි චෝදනාවක්

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය මෙන්ම පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු දෙකකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමඟ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර දැඩි මතවාදී ගැටුමක් නිර්මාණය වී තිබේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් මහජන අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නීතිඥ රාජීව් අමරසූරිය ප්‍රකාශ කරන අතර, ජනමත විචාරණයකට යාමේ කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (ජූලි 28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෘජුවම පැවසීය.

"ජනමත විචාරණ අවශ්‍ය වගන්ති අතර මෙවැන්නක් නෑ" - කැබිනට් ප්‍රකාශක

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයට අමතරව ජනමත විචාරණයකට යා යුතු වගන්ති (1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 30/2 සහ 62/2) නිශ්චිතවම දක්වා ඇති බවයි.

උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට හෝ ඔවුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණ පැවැත්විය යුතු බවට එම වගන්තිවල කොහේවත් සඳහන් වී නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

නඩු ලක්ෂ 11ක් ගොඩගැසීමේ අර්බුදය සහ අධිකරණ ඇමතිගේ පිළිතුර

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හරර්ශන නානායක්කාර සඳහන් කළේ අධිකරණ පද්ධතිය තුළ දැනට නඩු ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති අතර, නඩු විසඳීම කඩිනම් කිරීම සඳහා පරිණත හා අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීම මෙම තීරණයේ මූලික අරමුණ බවයි.

දියුණු රටවල මිලියනයකට විනිසුරුවරුන් 40-60ත් අතර සංඛ්‍යාවක් සිටියද ශ්‍රී ලංකාවේ සිටින්නේ මිලියනයකට විනිසුරුවරුන් 20ක් වැනි සුළු සංඛ්‍යාවක් බවත්, වසර 10-15ක සිට පැවැති මෙම හිඟයට පිළියමක් ලෙස අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ පමණක් නොව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවරුන් ඇතුළු සමස්ත පද්ධතියේම විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි කිරීමට පියවර ගත් බවත් ඇමතිවරයා පැවසීය.

2016 සිට නීතිඥ සංගමය ද මෙවැනි යෝජනා ඉදිරිපත් කර තිබූ බවත්, යම් විනිසුරුවරුන් පිරිසක් දැක්වූ විරෝධතාවල කරුණු ද සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගන්නා බවත් පැවසූ අමාත්‍යවරයා, විපක්ෂය චෝදනා කරන පරිදි මෙයින් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදු නොවන බව ද කියා සිටියේය.

 නීතිඥ සංගමයෙන් ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ චෝදනාවක්

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නීතිඥ රාජීව් අමරසූරිය චෝදනා කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු 08 සඳහා නිසි පරිදි පත්කිරීම් සිදු නොකිරීම මගින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටින බවයි.

මාස ගණනාවක් තිස්සේ මෙම පත්කිරීම් ප්‍රමාද කරමින්, පාර්ශ්වකරුවන් සමඟ කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව හදිසියේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම විනිවිදභාවයෙන් තොර ක්‍රියාවක් බව හෙතෙම පැවසීය.

මෙවැනි පියවරක් ගැනීමට ප්‍රථම විවෘත මහජන සංවාදයක් පැවැත්විය යුතු අතර, සංශෝධනය ඉදිරියට ගෙන යන්නේ නම් ජනමත විචාරණයකින් මහජන අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බව නීතිඥ සංගම් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...