BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

සාරනාත් පුදබිම ලෝක උරුමයක් වෙයි: ඉන්දීය අගමැතිට සහ යුනෙස්කෝවට මහාබෝධි සංගමයෙන් ප්‍රශංසා

T

The Leader Desk

July 29, 2026 • 4:51 AM

සාරනාත් පුදබිම ලෝක උරුමයක් වෙයි: ඉන්දීය අගමැතිට සහ යුනෙස්කෝවට මහාබෝධි සංගමයෙන් ප්‍රශංසා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනගාරික ධර්මපාලතුමන් යළි ලෝකයට උරුමකර දුන් සාරනාත් පුදබිමට ජාත්‍යන්තර ඇගයීමක්.
  • ශ්‍රීමත් ධර්මපාලතුමන් පැවිදි දිවියට ඇතුළත් වී උපසම්පදාව ලැබුවේ මෙන්ම උන්වහන්සේගේ අපවත් වීම සිදුවූයේ ද සාරනාත් පුදබිමේදීය.
  • අතීතයේ යටපත්ව තිබූ ධමෙක් ස්ථූපය 1835-36 කාලසීමාවේදී පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනින්හැම් විසින් මතුකර ගත් බව සඳහන් කළ නාහිමියෝ, තමන් වහන්සේ පැවිදිවීම සඳහා දඹදිවට වැඩම කළ අවස්ථාවේදී බරණැස මහාබෝධි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ බව ද පැවසූහ.
  • පුරාවිද්‍යාත්මක වැදගත්කම සහ ජාත්‍යන්තර ඇගයීම එකල සාරනාත් භූමියේ සිදුවූ පුරාවිද්‍යා කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු තමන් වහන්සේට ද පුරාවිද්‍යා උපාධිය හැදෑරීමට දැඩි උනන්දුවක් ඇතිවූ බව බානගල උපතිස්ස හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුනෙස්කෝ ප්‍රධානියා වෙත ශ්‍රී ලංකාවෙන් පුණ්‍යානුමෝදනා.


බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පස්වග තවුසන්ට බරණැස (Varanasi) හිදී සිය ප්‍රථම ධර්ම දේශනාව හෙවත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ පූජනීය සාරනාත් පුදබිමේ පිහිටි ධමෙක් ස්තූපය (Dhamek Stupa) ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පියවර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සිය කෘතඥතාව පළ කරයි.

යුනෙස්කෝ (UNESCO) සංවිධානය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය වෙත ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී බෞද්ධයන්ගේ පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාව හිමිවන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක මෙන්ම සාංචි චේතියගිරි විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ සඳහන් කරති.

WhatsApp Image 2026 07 29 at 08.54.52
සාරනාත් පුදබිම සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ මතකය

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් 1931 වසරේදී සාරනාත් පුදබිමේ මූලගන්ධකුටි විහාරය ඉදිකරමින් සියවස් ගණනාවක් සැඟවී පැවැති මෙම පූජනීය භූමිය යළි ලෝක බෞද්ධ ප්‍රජාව වෙත උරුමකර දීමට කටයුතු කළ ආකාරය බානගල උපතිස්ස නාහිමියෝ මෙහිදී සිහිපත් කළහ. ශ්‍රීමත් ධර්මපාලතුමන් පැවිදි දිවියට ඇතුළත් වී උපසම්පදාව ලැබුවේ මෙන්ම උන්වහන්සේගේ අපවත් වීම සිදුවූයේ ද සාරනාත් පුදබිමේදීය.

අතීතයේ යටපත්ව තිබූ ධමෙක් ස්ථූපය 1835-36 කාලසීමාවේදී පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනින්හැම් විසින් මතුකර ගත් බව සඳහන් කළ නාහිමියෝ, තමන් වහන්සේ පැවිදිවීම සඳහා දඹදිවට වැඩම කළ අවස්ථාවේදී බරණැස මහාබෝධි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ බව ද පැවසූහ.

පුරාවිද්‍යාත්මක වැදගත්කම සහ ජාත්‍යන්තර ඇගයීම

එකල සාරනාත් භූමියේ සිදුවූ පුරාවිද්‍යා කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු තමන් වහන්සේට ද පුරාවිද්‍යා උපාධිය හැදෑරීමට දැඩි උනන්දුවක් ඇතිවූ බව බානගල උපතිස්ස හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

ඉන්දියාවේ බුදුදහම පුනර්ජීවනය කිරීමට සහ දඹදිව පූජනීය බෞද්ධ උරුමයන් සුරක්ෂිත කිරීමට ශ්‍රීමත් ධර්මපාලතුමන් හෙවත් සිරි දේවමිත්ත ධම්මපාල හිමියන් ගෙනගිය දැවැන්ත මෙහෙවරේ අවසාන සහ වඩාත්ම අධ්‍යාත්මික අවධිය සාරනාත් පුදබිම ආශ්‍රිතව සිදුවිය.

එබැවින් මෙම පුදබිම ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කැපවී කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට මෙන්ම යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල් ඛාලෙඩ් එල්-එනානි (Khaled El-Enany) ඇතුළු පාර්ශ්වයන් වෙත ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ප්‍රණාමය හිමිවන බව උන්වහන්සේ අවධාරණය කළහ.

(සටහන | ජේ. මුණසිංහ )

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සාරනාත් පුදබිම ලෝක උරුමයක් වෙයි: ඉන්දීය අගමැතිට සහ යුනෙස්කෝවට මහාබෝධි සංගමයෙන් ප්‍රශංසා | The Leader