BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

බඩු ගෙන්වීමේ මුවාවෙන් රුපියල් කෝටි 21,470ක විදේශ විනිමය රටින් පන්නලා: CIDයෙන් පාර්ලිමේන්තු මුදල් කමිටුවට හෙළිදරව්වක්!

T

The Leader Desk

July 23, 2026 • 4:02 PM

බඩු ගෙන්වීමේ මුවාවෙන් රුපියල් කෝටි 21,470ක විදේශ විනිමය රටින් පන්නලා: CIDයෙන් පාර්ලිමේන්තු මුදල් කමිටුවට හෙළිදරව්වක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටීටී (TT) ක්‍රමය අවභාවිත කරමින් ඩොලර් කෝටි 75කට අධික මුදලක් පිටරට යවා භාණ්ඩ ගෙනැවිත් නැහැ
  • එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අදාළ කාල සීමාව තුළ ටීටී (TT) ක්‍රමය හරහා විදේශයන් වෙත මුදල් යවා තිබුණ ද, ඊට අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති බවයි.
  • මෙම ක්‍රියාවලිය සඳහා ව්‍යාජ ඉන්වොයිසි, කූට ආනයන ලේඛන මෙන්ම ව්‍යාජ සමාගම් යොදාගෙන ඇති බව ද විමර්ශනවලදී තහවුරු වී තිබේ.
  • සිද්ධියට අදාළව සමාගම් 105ක්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13කට අයත් බැංකු ගිණුම් 227ක් හරහා සිදුව ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාගම් 105ක්, බැංකු 13ක් සහ ගිණුම් 227ක් හරහා සිදුවූ ගනුදෙනු 24,300ක් ගැන දීර්ඝ විමර්ශන

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer – TT) ක්‍රමය අවභාවිත කරමින්, 2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ රුපියල් කෝටි 21,470කට අධික මුදලක් (ඇමරිකානු ඩොලර් කෝටි 75කට ආසන්න ප්‍රමාණයක්) නීතිවිරෝධී ලෙස රටින් පිටකර යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ තොරතුරු අනාවරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම මහා පරිමාණ විදේශ විනිමය ජාවාරම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත.

ව්‍යාජ ලේඛන සහ ගනුදෙනු විමර්ශනය

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මඟින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි සලකා බැලීම සඳහා මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබුණි.

එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අදාළ කාල සීමාව තුළ ටීටී (TT) ක්‍රමය හරහා විදේශයන් වෙත මුදල් යවා තිබුණ ද, ඊට අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති බවයි. මෙම ක්‍රියාවලිය සඳහා ව්‍යාජ ඉන්වොයිසි, කූට ආනයන ලේඛන මෙන්ම ව්‍යාජ සමාගම් යොදාගෙන ඇති බව ද විමර්ශනවලදී තහවුරු වී තිබේ. සිද්ධියට අදාළව සමාගම් 105ක්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13කට අයත් බැංකු ගිණුම් 227ක් හරහා සිදුව ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

ජාතික හා ආර්ථික බලපෑම

මෙරට විදේශ විනිමය සංචිතයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිදුව ඇති මෙම ක්‍රියාවලිය පිටුපස සිටින පාර්ශ්වයන් හඳුනාගැනීම සහ අහිමි වූ රාජ්‍ය ආදායම් අයකරගැනීම කෙරෙහි කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි ද සහභාගී වූහ.

විමර්ශනවල ඉදිරි පියවර:
විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමවේදය අවභාවිත කරමින් මෙරටින් විදේශ විනිමය පටවා යැවීමේ ජාලයට සම්බන්ධ බැංකු ගිණුම් සහ සමාගම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි කොට්ඨාසය එක්ව ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටියි.

 
 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...