BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

කල් ඉකුත් වූ ඖෂධ හා රසායනික භාවිත කළ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් සහ ලැබ් 23කට නඩු

T

The Leader Desk

July 23, 2026 • 4:12 PM

කල් ඉකුත් වූ ඖෂධ හා රසායනික භාවිත කළ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් සහ ලැබ් 23කට නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දිවයින පුරා දැවැන්ත වැටලීමක්: යාපනය වෙනුස් රෝහලට විතරක් ලක්ෂ 30ක දඩයක්!
  • 5,798,000/-) දක්වා ඉහළ ගොස් ඇත.
  • හෙළි වූ ප්‍රධාන අක්‍රමිකතා මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස බලපෑ හැකි වැරදි රැසක් මෙම විමර්ශනවලදී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති උපරිම පාලන මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

උපරිම මිල ඉක්මවා ගාස්තු අය කිරීම සහ කල් ඉකුත් වූ ඖෂධ අලෙවිය ඇතුළු බරපතළ වැරදි රැසක් හෙළිවෙයි

දිවයින පුරා පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සැල් ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සිදු කළ විශේෂ විමර්ශන හා වැටලීම් මාලාවකින් අනතුරුව, බරපතළ අක්‍රමිකතාවලට සම්බන්ධ ආයතන 23කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ගොනු කළ නඩුවලට අනුව, එම ආයතන වෙත අය කර ඇති සමස්ත දඩ මුදල රුපියල් පනස් හත් ලක්ෂ අනූ අට දහසක් (රු. 5,798,000/-) දක්වා ඉහළ ගොස් ඇත.


හෙළි වූ ප්‍රධාන අක්‍රමිකතා

මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස බලපෑ හැකි වැරදි රැසක් මෙම විමර්ශනවලදී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

  • රෝග විනිශ්චය සඳහා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සහ ඒවා භාවිතයට සූදානම් කර තබා තිබීම.

  • කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගීන් සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම.

  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති උපරිම පාලන මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීම.

  • කල් ඉකුත් වූ සහ නොවුණු රසායනික ද්‍රව්‍ය වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක ගබඩා කිරීම.


දඩ නියම වූ ප්‍රධාන ආයතන

අධිකරණ මඟින් නියම කළ වැඩිම දඩ මුදල වන රුපියල් ලක්ෂ 30ක මුදල යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් 'Venus Speciality Hospital' ආයතනය වෙත නියම කර ඇත.

ඊට අමතරව, කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට රුපියල් 800,000ක දඩයක් ද, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් සිලෝන් හොස්පිටල් පී.එල්.සී. ආයතනයට රුපියල් 400,000ක දඩයක් ද නියම කර තිබේ.

එමෙන්ම ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස්, නවලෝක ලැබෝරටරිස්, කිංග්ස් හොස්පිටල්, ඩර්ඩන්ස් හොස්පිටල්, නව සුව සෙවන සහ රෝයල් හොස්පිටල් ඇතුළු කොළඹ, අනුරාධපුර, බදුල්ල, යාපනය, මාතර හා එරාවූර් යන ප්‍රදේශවල පිහිටි රෝහල් සහ ලැබ් රැසකට ද මෙලෙස දඩ නියම කෙරිණි.


නඩු පවරන ලද ආයතන සහ නියම කළ දඩ මුදල්

1.⁠ ⁠Venus Speciality Hospital (Pvt) Ltd
 රු. 3,000,000/-
2026.07.21
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය

2. ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික් (ප්‍රයිවට්) ලිමිටඩ්
රු. 800,000/-
2026.07.22
කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය

3.⁠ ⁠ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පී.එල්.සී.
රු. 100,000/-
2026.07.22
කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය

4.⁠ ⁠ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස්
රු. 200,000/-
2026.07.20
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය

5.⁠ ⁠නවලෝක ලැබෝරටරිස් පුද්ගලික සමාගම
රු. 100,000/-
2026.07.22
කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය

6.⁠ ⁠කිංග්ස් හොස්පිටල් කලම්බු පුද්ගලික සමාගම
රු. 100,000/-
2026.07.15
කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය

7.⁠ ⁠ඩර්ඩන්ස් හොස්පිටල්
රු. 100,000/-
2026.07.15
කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය

8.⁠ ⁠Durdans Medical Center (Pvt) Ltd
රු. 100,000/-
2026.07.17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය
 

9.⁠ ⁠සමූපකාර රෝහල MPCS සමාගම
රු. 200,000/-
2026.07.17
එරාවූර් අධිකරණය

10.⁠ ⁠සිලෝන් හොස්පිටල් පී.එල්.සී.
රු. 400,000/-
2026.07.20
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය

11.⁠ ⁠සිලෝන් හොස්පිටල් පී.එල්.සී.
රු. 50,000/-
2026.07.16
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය

12.⁠ ⁠නව සුව සෙවන පෞද්ගලික රෝහල
රු. 100,000/-
2026.07.17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය

13.⁠ ⁠Lanka Hospital Diagnostics (Pvt) Ltd
රු. 100,000/-
2026.07.17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය

14.⁠ ⁠Royal Hospital (Pvt) Ltd
රු. 100,000/-
2026.07.17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය

15.⁠ ⁠Yarl Mother Care Hospital
 රු. 100,000/-
2026.07.21
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය

16.⁠ ⁠Wayamba Diagnostic Medical Laboratory (Pvt) Ltd
රු. 100,000/-
2026.07.17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය

17.⁠ ⁠Unique Diagnostic (Pvt) Ltd
රු. 100,000/-
2026.07.17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය

18. Aloka Diagnosis Laboratory
රු. 10,000/-
2026.07.22
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය

19.⁠ ⁠හෙළදිව හෙල්ත්කෙයා සෙන්ටර්
රු. 7,000/-
2026.07.15
මාතර මහේස්ත්‍රාත් අධිකරණය

20.⁠ ⁠Union Medi Lab
රු. 7,000/-
2026.07.15
මාතර මහේස්ත්‍රාත් අධිකරණය

21.⁠ ⁠මොහොට්ටි මෙඩි ලැබ්
 රු. 7,000/-
2026.07.15
මාතර මහේස්ත්‍රාත් අධිකරණය

22.⁠ ⁠නිව් ලොජික් රසායනාගාරය
රු. 7,000/-
2026.07.15
මාතර මහේස්ත්‍රාත් අධිකරණය

23.⁠ ⁠රවිඳු රසායනාගාරය
රු. 10,000/-
2026.07.20
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය
 
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිවේදනය
විමර්ශනයට ලක් කළ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත අතර, මෙවැනි අක්‍රමිකතා සිදුවන්නේ නම් 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විමර්ශනයට ලක් කළ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතය.

මහජන සෞඛ්‍යයට සහ පාරිභෝගික ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

සභාපති
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...