BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

ජූලි 27 කොළඹදී මහා සඟ සමුළුවක්: සම්බුද්ධ ශාසනයට සහ ජාතික අභියෝගයන්ට එරෙහිව සංඝ සාමග්ගිය ගොඩනැඟීමට ශාසනාරක්ෂක සංඝ සභාවෙන් පියවර!

T

The Leader Desk

July 25, 2026 • 2:54 PM

ජූලි 27 කොළඹදී මහා සඟ සමුළුවක්: සම්බුද්ධ ශාසනයට සහ ජාතික අභියෝගයන්ට එරෙහිව සංඝ සාමග්ගිය ගොඩනැඟීමට ශාසනාරක්ෂක සංඝ සභාවෙන් පියවර!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සුඛා සංඝස්ස සාමග්ගි" තේමාවෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) රැස්වීමට සූදානම්
  • භික්ෂු සමාජය හමුවේ ඇති අභ්‍යන්තර අභියෝග වත්මන් ශාසනික අර්බුදයට බාහිර බලපෑම් මෙන්ම අභ්‍යන්තරික සාධක ද හේතු වී ඇති බව ශාසනාරක්ෂක සංඝ සභාව පිළිගනියි.
  • දේශපාලනික නොවන මහසඟ හමුවක් මෙම මහා සඟ සමුළුව කිසිසේත්ම ආණ්ඩු විරෝධී හෝ යම් පුද්ගල, ආයතනික හෝ දේශපාලන කණ්ඩායම් බලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද්දක් නොවන බව ශාසනාරක්ෂක සංඝ සභාව අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති ශාසනික වගකීම් ඉටුකරන ලෙස රාජ්‍ය සහ ගිහි නායකත්වයට අවධාරණය කරයි

රට, ජාතිය සහ සම්බුද්ධ ශාසනය හමුවේ මතුව ඇති නූතන අභියෝගයන්ට මුහුණදීම සහ සංඝ සාමග්ගිය ගොඩනැඟීමේ අරමුණින් ශාසනාරක්ෂක සංඝ සභාව විසින් මෙහෙයවනු ලබන "මහා සඟ සමුළුව" ජූලි 27 වන සඳුදා පස්වරු 2.30 ට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

"සුඛා සංඝස්ස සාමග්ගි" (සංඝයාගේ එකමුතුව සැපතකි) යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කර ඇති මෙම විශේෂ සමුළුව සඳහා දිවයින පුරා වැඩවෙසෙන මහා සංඝරත්නය සහභාගී වීමට නියමිත බව ශාසනාරක්ෂක සංඝ සභාව සඳහන් කරයි.

ශාසනාරක්ෂාව සහ ව්‍යවස්ථාපිත වගකීම්

ශ්‍රී ලාංකීය මහාවිහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේ සහිත සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් රජයට පවරා ඇති වගකීම් සක්‍රීයව පවත්වාගෙන යන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණක් වී තිබේ.

එමෙන්ම, ශාසනාරක්ෂාව පිළිබඳ රාජ්‍ය හා සාම්ප්‍රදායික ගිහි ප්‍රජා නායකත්වයේ වගකීම සිහිපත් කිරීමත්, භික්ෂු සමාජයේ ස්වයං වගවීම තහවුරු කිරීමත් මෙහිදී අපේක්ෂා කෙරේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, අන්තගාමී බලවේග, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ ඩයස්පෝරා මැදිහත්වීම් හරහා බෞද්ධ සංස්කෘතියට සහ මහා සංඝරත්නයට එල්ල වන විවේචන හමුවේ භික්ෂු සංඝයා වහන්සේලා සංවිධානාත්මකව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ශාසනාරක්ෂක සංඝ සභාව පෙන්වා දෙයි.

භික්ෂු සමාජය හමුවේ ඇති අභ්‍යන්තර අභියෝග

වත්මන් ශාසනික අර්බුදයට බාහිර බලපෑම් මෙන්ම අභ්‍යන්තරික සාධක ද හේතු වී ඇති බව ශාසනාරක්ෂක සංඝ සභාව පිළිගනියි.

ඒ අනුව, සිංහල බෞද්ධ ජනගහනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව හීනවීම, සසුන්ගත වීම සඳහා දෙමාපියන් තුළ පවතින උනන්දුව අඩුවීම, ගම සහ පන්සල අතර පවතින සබඳතාව දුරස් වීම, භික්ෂු අධ්‍යාපනය යාවත්කාලීන නොවීම සහ භික්ෂු ආයතනික කළමනාකරණයේ පවතින දුර්වලතා පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුකිරීමට නියමිතය.

දේශපාලනික නොවන මහසඟ හමුවක්

මෙම මහා සඟ සමුළුව කිසිසේත්ම ආණ්ඩු විරෝධී හෝ යම් පුද්ගල, ආයතනික හෝ දේශපාලන කණ්ඩායම් බලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද්දක් නොවන බව ශාසනාරක්ෂක සංඝ සභාව අවධාරණය කරයි.

පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි සහ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි යන උන්වහන්සේලා විසින් මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලබති.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...