BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

කිරින්ද වරායේ වැලි කැණීම් අල්ලස් නඩුව: රාජිත සේනාරත්නට ජූලි 31 අධිචෝදනා!

T

The Leader Desk

July 28, 2026 • 4:51 PM

කිරින්ද වරායේ වැලි කැණීම් අල්ලස් නඩුව: රාජිත සේනාරත්නට ජූලි 31 අධිචෝදනා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමු සැකකරු උපාලි ලියනගේ චෝදනා නොමැතිව නඩුවෙන් නිදහස් කිරීමට නියෝග
  • බෝදරගම හමුවේ අද (ජූලි 28) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මෙම දැනුම්දීම සිදුකළාය.
  • පළමු සැකකරු නිදහස් - දෙවැන්නාට අධිචෝදනා නඩුවේ පළමු සැකකරු වන උපාලි ලියනගේ නමැත්තාට එරෙහිව මෙදින චෝදනා ගොනු නොකරන බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූ සහකාර නීති අධ්‍යක්ෂිකාව, ඒ අනුව ඔහු අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියාය.
  • ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සිද්ධියේ පළමු සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත්, දෙවන සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට එරෙහිව අධිචෝදනා ගොනුකර ඒ පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙසත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොරියානු සමාගමකට ව්‍යාපෘතිය පවරා රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාවේ විමර්ශන අවසන්

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම මගින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධියට අදාළව, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ට එරෙහිව ජූලි 31 වන දින අධිචෝදනා ගොනුකරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද (ජූලි 28) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මෙම දැනුම්දීම සිදුකළාය.

පළමු සැකකරු නිදහස් - දෙවැන්නාට අධිචෝදනා

නඩුවේ පළමු සැකකරු වන උපාලි ලියනගේ නමැත්තාට එරෙහිව මෙදින චෝදනා ගොනු නොකරන බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූ සහකාර නීති අධ්‍යක්ෂිකාව, ඒ අනුව ඔහු අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සිද්ධියේ පළමු සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත්, දෙවන සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට එරෙහිව අධිචෝදනා ගොනුකර ඒ පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙසත්ය.

විමර්ශන අවසන් - මහාධිකරණයේ නඩුවට පියවර

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසම සඳහන් කළේ, අදාළ සිද්ධියට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බැවින් සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට නීතිමය පියවර ගනිමින් සිටින බවයි.

සංස්ථාවට සහ රජයට පාඩු සිදුකිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර සිටින සැකකරුවන් දෙදෙනාම අද දින අධිකරණයේ පෙනී සිටියහ.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම හරහා රජයට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පාඩු සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ මෙම නඩුකරය නැවත 2026 දෙසැම්බර් මස 04 වන දින කැඳවීමට නියමිතය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...