BREAKING
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●
Top Ad
පුවත්

සිරගෙදර මරණ සහ වධහිංසා සම්බන්ධ පරීක්ෂණවලට කෙරෙන බාධා ගැන විදෙස් ඇස යොමුවේ

T

The Leader Desk

July 11, 2026 • 3:53 AM

සිරගෙදර මරණ සහ වධහිංසා සම්බන්ධ පරීක්ෂණවලට කෙරෙන බාධා ගැන විදෙස් ඇස යොමුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට මිනිස් ජීවිත 31 ක් බිලිගෙන ඇති ප්‍රචණ්ඩතාවලට බන්ධනාගාර තුලදී ගොදුරු වුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් ක්‍රියාධාරීන් දිගටම විරෝධතා පවත්වද්දී,
  • මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩතාවෙන් ගැලවී වෙනත් තැන්වලට යවනු ලැබූ රැඳවියන්ට වධහිංසා පමුණුවනු ලබන බවට එල්ලවන චෝදනා විභාග කිරීමට වැලිකඩ හිරගෙදරට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුල්වීම වැලැක්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව කොමිසම දැනුම් දී ඇත.
  • ඇම්නස්ටි සංවිධානයේ ඉල්ලීම මීගමුව හිරගෙදර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ පිලිබඳ වහාම පරීක්ෂණ පවත්වන ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය ඉල්ලා සිටී.
  • නඩු විභාගවලට පෙර දීර්ඝ කාලයක් රඳවා තැබීම, අධික තදබදය සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා යවනු වෙනුවට සිරකොට තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පෙන්වා දී ඇති ගැටළු සමහරකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මීගමුවෙන් වෙනත් රැඳවුම් ස්ථාන වලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් ඉල්ලා තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩතාවෙන් ගැලවී වෙනත් තැන්වලට යවනු ලැබූ රැඳවියන්ට වධහිංසා පමුණුවනු ලබන බවට එල්ලවන චෝදනා විභාග කිරීමට වැලිකඩ හිරගෙදරට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුල්වීම වැලැක්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව කොමිසම දැනුම් දී ඇත.

මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් පළිගැනීමේ චේතනාවෙන් වැලිකඩ සිරගෙදර නිලධාරීන් විසින් වධහිංසා පමුණුවා අවිශ්ක ගයාන් මරා දමා ඇතැයි චෝදනා කරන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සඳහා වන කමිටුව බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඇතුල්වීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වලක්වා ඇති බවට කළ හෙළිදරව්ව එමගින් තහවුරු වෙයි.

සිරකරුවන් මාරුකර යවන ලද ස්ථානවල සිදුකෙරෙන බවට චෝදනා කෙරෙන පළිගැනීමේ ඝාතන හා වධහිංසා පිළිබඳව සොයා බැලීම සඳහා බාධාවකින් තොරව රැඳවුම් මධ්‍යස්ථානවලට යාමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉඩ දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශිකා රවීනා ශම්දසානි ජිනීවා නුවරින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන පරිදි වැලිකඩ නිරීක්ෂණය වලක්වා ඇත්තේ එහි ප්‍රධාන බන්ධනාගාර නියාමක නිලධාරියාය.

ඇම්නස්ටි සංවිධානයේ ඉල්ලීම

මීගමුව හිරගෙදර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ පිලිබඳ වහාම පරීක්ෂණ පවත්වන ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය ඉල්ලා සිටී.

කලක් තිස්සේ හඳුනාගෙන තිබුණු ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩු අසමත් වීම රැඳවියන්ගේත් කාර්ය මණ්ඩලයේත් ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන බව අවධාරණය කරන ඇම්නස්ටියේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂ බාබු රාම් පන්ට්, වදහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඇතුළු ආයතන විසින් කලක් තිස්සේ පෙන්වා දී තිබු ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩු අසමත් වීම රැඳවියන්ගේත් කාර්ය මණ්ඩලයේත් ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන බව අවධාරණය කරයි.

නඩු විභාගවලට පෙර දීර්ඝ කාලයක් රඳවා තැබීම, අධික තදබදය සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා යවනු වෙනුවට සිරකොට තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පෙන්වා දී ඇති ගැටළු සමහරකි.

දිවයිනේ දසදින සංචාරයක් නිමා කළ වධහිංසාව වැලැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ අනුකමිටුව තම නිර්දේශ සහිතව හත් වසරකට පෙර රජයට ලබාදුන් වාර්තාවක් අදත් ප්‍රසිද්ධියට පත් නොකර සිටීම ගැන කනස්සල්ල පළකරමින් එය ජනගත කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබුණි.


ශ්‍රී ලංකාවේ සිරගෙවල් විස්සක් ආශ්‍රිත ගවේෂණයකින් ඒවායේ අමානුෂික තත්වය පිලිබඳව පිටු 800 ඉක්මවන සවිස්තර වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉංග්‍රීසියෙන් පළකර ඇත්තේ මෙයින් හය අවුරුද්දකට ඉහත කාලයකදීය. ඒ තත්වය සමනය කිරීමට දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වී නැති වීම ගැන දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පළකර ඇත.

අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අලුත්ම සංඛ්‍යාලේඛන අනුව දසදහසක් පමණ සිරකිරීමට පමණක් පහසුකම් ඇති ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල හතලිස් එක්දහසකට වැඩි පිරිසක් ගාල්කර තිබේ. එයින් හතරෙන් තුනකට වැඩි පිරිස වරදකරුවන් නොවේ.

 
මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩතාවෙන් බේරී වැලිකඩට මාරුකර යවනු ලැබූ රැඳවියන්ට වධහිංසා පමුණුවනු ලබන බවට එල්ලවන චෝදනා විභාග කිරීමට වැලිකඩ හිරගෙදරට සිය කොමිසමට ඇතුල්වීම වැලැක්වීම සහ වෙනත් හිරගෙවලට මාරුකර යවනු ලැබුවන්ට එරෙහි වධහිංසා චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍ර සිරිගේ අත්සනින් යුතුව ජුලි 10 වැනි සිකුරාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඉන්පසුව අනෙකුත් බන්ධනාගාර වල සිදු වූ සිදුවීම් සම්බන්ධ විමර්ශනයේ ප්‍රධාන අංශ අතරට පහත සඳහන් දෑ ඇතුළත් වන බවයි.

1. මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සහ තුවාල වලට හේතු වූ පසු බිම් තත්වයන්,

2. 2026 ජුලි 7 වැනි දින රාත්‍රී 8.30 ට පමණ පූර්ව දැනුම් දීමකින් තොරව රැඳවියන් පරීක්ෂා කිරීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන්ට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම,

3. මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන ලද රැඳවියන්ට වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ අයුතු ලෙස සැලකීම පිළිබඳ චෝදනා සහ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී එවැනි රැඳවියන් දෙදෙනෙකු මිය යාමට හේතු වූ කරුණු.

“මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් මාරු කරන ලද බන්ධනාගාර වෙත කොමිෂන් සභාවේ නිලධාරීන් කල සංචාරයන්ගෙන් මතුවන මූලික සොයාගැනීම දැනට කොමිෂන් සභාව විසින් සමාලෝචනය කරමින් පවතී. මෙම සංචාර වලදී, එම රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එකී නිලධාරීන්ම නිරීක්ෂණය කළ බවත්, එම රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ප්‍රමාද වී ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි. එවැනි සිරකරුවන්ට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බව හා එවැනි ප්‍රතිකාර ලබා දීමේ ඕනෑම ක්‍රමානුකූල ප්‍රමාදයක් පළිගැනීමක් විය හැකි බවත් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.”

බන්ධනාගාර වෙත බාධාවකින් තොරව කොමිෂන් සභා නිලධාරීන්ට ප්‍රවේශ වීම සම්බන්ධයෙන්, 2026 ජූලි 8 දිනැති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කරන) වෙත යවන ලද ලිපියෙන් ප්‍රකාශිත සිය ගැඹුරු කනස්සල්ල කොමිෂන් සභාව  සිය මාධ්‍ය නිවේදනය මගින් නැවත අවධාරණය කර තිබේ.

“2026 ජූලි 7 වන දින වැලිකඩ බන්ධනාගාරය තුළට කොමිෂන් සභා කාර්ය මණ්ඩලයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් වන අතර, විශේෂයෙන් වධ හිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා පිළිබඳ තොරතුරු ලැබී ඇති විට, බන්ධනාගාරවල සුභසාධනය පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට කොමිෂන් සභාවට ඇති අධිකාරි බලය එම ක්‍රියාව මගින් දැඩි ලෙස අවතක්සේරු කිරීමකි,” යි සභාපති විනිසුරු ටී බී දෙහිදෙනිය විසින් ජනාධිපති, අධිකරණ ඇමැති හා විදේශ කටයුතු ඇමැතිට පිටපත් සහිතව යවා ඇති ලිපියේ සඳහන්වේ.  

2026 ජූලි 8 වැනි  දින කොමිෂන් සභාවට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දුන් නමුත්, 2026 ජුලි 7 වැනි දින තීරණාත්මක අවස්ථාවක ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම මඟින් චෝදනා පිළිබඳව ඵලදායි හා අවශ්‍ය කාලරාමුව තුළ විමර්ශනය කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍ර සිරි නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ.

කෙසේ වෙතත්, පවත්වාගෙන යනු ලබන විමර්ශන කිසිවක් සම්බන්ධයෙන් කිසිදු නිගමනයකට එළඹ නොමැති බවත්, දැනට රැඳවියන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ඇතුළු සාක්ෂි රැස්කර ඒවා ඇගයීමට ලක් කරමින් සිටින බවත් කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරයි.

වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා වන ව්‍යවස්ථාපිත වගකීම ඉටු කිරීම සඳහා, ඕනෑම වේලාවක රැඳවුම් ස්ථාන වලට පුර්ව දැනුම් දීමකින් තොරව පරීක්ෂණ සිදු කිරීම සඳහා කොමිෂන් සභාවට ඇති හැකියාව තීරණාත්මක බව අවධාරණය කෙරෙන එම නිවේදනයේ තව දුරටත් සදහන් කර ඇත්තේ 2026 ජූලි 7 වැනි  දින කොමිෂන් සභාවට වැලිකඩ බන්ධනාගාරයට පිවිසීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ තත්වයන්  පිළිබඳව විමසීම සඳහා කොමිෂන් සභාව හමුවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කරන) සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා කැඳවා ඇති බවයි.

තම අඛණ්ඩ විමර්ශනයේ ප්‍රගතිය වරින් වර ප්‍රකාශ මගින් මහජනතාවට පැහැදිලි කිරීමට ද කොමිෂන් සභාව කටයුතු කරනු ඇති අතර, එවැනි ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශ නිවැරදිව හා වගකීමෙන් යුතුව සියලුම මාධ්‍ය ආයතන විසින් වාර්තා කරනු ඇතැයි ද කොමිෂන් සභාව සිය මාධ්‍ය නිවේදනය මගින් අපේක්ෂා කර තිබේ.


post
 
media releaseemanawa himikam

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...