BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව අත්හිටුවයි: වසරකට වැඩි කාලයකදී ඇටසැකිලි 480ක් මතු කරගනී!

T

The Leader Desk

July 25, 2026 • 7:53 AM

චෙම්මනි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව අත්හිටුවයි: වසරකට වැඩි කාලයකදී ඇටසැකිලි 480ක් මතු කරගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *දින 96ක අඛණ්ඩ කැනීම්වලින් පසු කාර්ය මණ්ඩලයේ අත්‍යාවශ්‍ය විවේකය උදෙසා අගෝස්තු 04 දක්වා වැඩකටයුතු නවතී
  • එම සිරුර මේ දක්වා ගොඩගෙන නොමැති අතර  නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව එම මිනිස් ඇටසැකිල්ල ඉදිරියේ දී  ගොඩ ගැනීමට නියමිත බවයි.
  • යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ සමුහ සුසානයේ  කැනීම් කටයුතු  නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2026 අගෝස්තු 4 වැනිදායි.
  • චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද 144 ක් වන පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*රෝස පැහැති ඇඳුමකින් වැසුණු 467 වන ඇටසැකිල්ල ගැන තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙස නීතිඥ මණ්ඩලයෙන් ඉල්ලීමක්


ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවු විශාලතම සමුහ සුසානයේ කැනීම් කටයුතු සිදු කරන කාර්ය මණ්ඩලයට අත්‍යාවශ්‍ය විවේකයක් ලබා දීම සදහා කැනීම් කටයුතු යලිත් වරක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ජුලි 24 වැනිදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ 2025 මැයි 15 වැනිදා සිට වසරකට වැඩි කාලයක් තුළ අදියර තුනක් ඔස්සේ දින 96 ක් පුරා සිදු කළ කැනීම් වලින් මතුකරගත් දරුවන්ගේද ඇතුළු මිනිස් ඇටසැකිලි 480 න් ඇටසැකිලි 479 ක් මේ වන විටත් ගොඩ ගෙන අවසන් බවයි.  

වැහි කබායක් සේ දිස්වන රෝස පැහැති ඇඳුමකින් කොටසක් වැසී ගිය ඇටසැකිල්ලක් ජුලි 23 වැනි බ්‍රහස්පතින්දා චෙම්මනි සමූහ සුසානයෙන් මතු කරගෙන තිබුනි. එම සිරුර මේ දක්වා ගොඩගෙන නොමැති අතර  නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව එම මිනිස් ඇටසැකිල්ල ඉදිරියේ දී  ගොඩ ගැනීමට නියමිත බවයි.

අංක 467 ලෙස නම් කර ඇති එම මිනිස් ඇටසැකිල්ල සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා අයෙක් සිටීනම් ඒ සම්බන්ධයෙන් නීතිඥවරයකු මාර්ගයෙන් , අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මාර්ගයෙන් හෝ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දෙන ලෙස නීතිඥ වී එස් නිරංජන් එහිදී වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ සමුහ සුසානයේ  කැනීම් කටයුතු  නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2026 අගෝස්තු 4 වැනිදායි.

යාපනය මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ සමුහ සුසානය සුපරීක්ෂාවෙන් කැනීම් සිදුකළ වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් ඇතුළු  කණ්ඩායම විසින් මේ වන විටත් ගොඩ ගෙන තිබෙන මිනිස් අස්ථි අතර එක ගොඩේ අපිළිවෙලට වලදමා තිබු ඇටකටු පොදි 36 ක් ද සොයාගෙන තිබේ.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද 144 ක් වන පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වේ.

 

03 9

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...