leader s

මේවනවිට ක්‍රියාත්මක ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසැල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී සිසුන්ට හා ගුරුවරුන්ට මානසික පීඩනයන් එල්ල වන ආකාරයට විවිධ බලපෑම් කිරීමේ සිද්ධීන් වාර්තා වෙමින් ඇතැයි
අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
 
 දරුවන්ට දරාගත නොහැකි ලෙස, කිසිඳු විවේක කාලයක් ලබා නොදී දවස පුරා පන්ති පැවැත්වීම හා ඇතැම් අවස්ථාවලදී උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා පන්ති පැවැත්වීම එම සිද්ධීන් අතරින් ප්‍රධානවේ.
 
සිසුන්ට නිල ඇඳුමෙන් සැරසී මාර්ගගත පාඩම් සිදුකරන ලෙස බලපෑම් කිරීම් සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
 
 මීට අමතරව ගුරුවරියන්ට සාරියකින් හෝ ඔසරියකින් හෝ සැරසී පාඩම්වලට සම්බන්ධ වන ලෙස දැනුම්දී ඇති බව ද සඳහන් වේ. 
 
 
ඒ අනුව මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසිය. 
 
 
දරුවන්ට, ගුරුවරුන්ට හා මව්පියන්ට අනවශ්‍ය මානසික පීඩනයක් ඇති නොවන අයුරින් සුදුසු ගැලපෙන ඇඳුමකින් සැරසී උචිත කාල රාමුවකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරත වීමට උපදෙස් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
 
 
 Atamassa 60
 
 
මේ අතර අන්තර්ජාල පහසුකම් සම්පූර්ණ කර ගැනීමට අඩි 40 ක් පමණ උසැති ගසක් මතට නැග ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නා දරුවන් පිරිසක් කොළඹ - රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි වෑවල, කලටුවාව ගම්මානයෙන් වාර්තා වූයේ මේ අතරතුරය. 
 
(නෙත් නිව්ස්)
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
###############
THE LEADER TV 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
 
රට ගිය බැසිල්ට ආණ්ඩුවෙන්ම නඩු දැමීමේ සූදානමක්! 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්