BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්: 'විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 8 වැනිදා වාර්තා කරන්න!'

T

The Leader Desk

July 28, 2026 • 4:48 PM

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්: 'විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 8 වැනිදා වාර්තා කරන්න!'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීම සහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය මුදල් යෙදවීම ඇතුළු චෝදනා 3ක්
  • අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින්, මෙම සිදුවීමට අදාළ විමර්ශන අවසන් කර වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
  • ඊට අවසර දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, නඩුව යළි දෙසැම්බර් මස 08 වැනිදා කැඳවීමට නියම කළේය.
  •   මගීන් 75 දෙනෙකු පිටත් කර හැරීම: 2014 ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලා යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන්යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමෙරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

විමර්ශන අවසන් කර වාර්තා කිරීමට අල්ලස් කොමිසමට දිනයක් හිමිවෙයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් කර ඒ පිළිබඳ ප්‍රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (ජූලි 28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින්, මෙම සිදුවීමට අදාළ විමර්ශන අවසන් කර වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඊට අවසර දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, නඩුව යළි දෙසැම්බර් මස 08 වැනිදා කැඳවීමට නියම කළේය.

එල්ල වී ඇති ප්‍රධාන චෝදනා ත්‍රිත්වය

UL319 ගුවන්වාරයේ ගමන් මග වෙනස් කිරීම:
2014 ජනවාරි 22 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතව තිබූ UL319 දරන ගුවන්යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීම මගින් රජයට ඇමෙරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදුකිරීම.  

මගීන් 75 දෙනෙකු පිටත් කර හැරීම:
2014 ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලා යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන්යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමෙරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කිරීම.  

මැතිවරණ ප්‍රචාරණයට රාජ්‍ය මුදල් යෙදවීම:
2014 දෙසැම්බර් 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් 1,250,000ක රජයේ මුදල් අයථා ලෙස වැය කිරීම.  

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකාර නිශාන්ත වික්‍රමසිංහ මේ වන විට ඇප මත මුදාහැර සිටී.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්: 'විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 8 වැනිදා වාර්තා කරන්න!' | The Leader