පක්ෂපාතී චෝදනා සහ නීතියේ ආධිපත්‍යය: විදේශීය විමර්ශන හමුවේ මතුවන නීතිමය හා දේශපාලන විශ්ලේෂණය
දේශසීමා ඉක්මවා යන සංකීර්ණ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ චෝදනා විමර්ශනය කිරීම උදෙසා ශ්‍රී ලංකා පරීක්ෂණ නිලධාරීන් විදේශයන් වෙත යෙදවීම, ආණ්ඩුවේ දූෂණ මර්දන වැඩසටහන තුළ කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්ව තිබේ.
දේශපාලනික වශයෙන් අතිශය සංවේදී චෝදනා රැසකට අදාළ සාක්ෂි සහ තොරතුරු රැස්කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාම ඊට ආසන්නතම උදාහරණයයි.
එයාර්බස් ගනුදෙනුව සහ ඕස්ට්‍රේලියානු සබැඳියාව
මෙම විශේෂ ඕස්ට්‍රේලියානු මෙහෙයුමේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූයේ යැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ජාවාරම සම්බන්ධයෙනි.
අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමකින් අල්ලස් මුදල් ලබාගත් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමලී විජේනායක සහ ව්‍යාපාරික ෂමීන්ද්‍ර රාජපක්ෂ ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අදාළ අල්ලස් මුදල් හුවමාරු කිරීම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන බැංකු ගිණුමකට හිමිකම් කියන, දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව කියන ඩබ්ලිව්. ඩී. නීමල් පෙරේරා ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද පරීක්ෂණ කණ්ඩායම අපේක්ෂා කරයි.
මෙලෙස රැස්කරගන්නා සාක්ෂි මඟින් ජාත්‍යන්තර පොලිසිය (Interpol) සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, දේශීය මෙන්ම ජාත්‍යන්තර අධිකරණ හමුවේ ඉදිරි නීතිමය කටයුතු තහවුරු කරගැනීමටත් පරීක්ෂණ අංශ පියවර ගනිමින් සිටී.
ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව
ඕස්ට්‍රේලියානු සංචාරය මඟින් පෙන්නුම් කරන්නේ මෑත කාලයේ ශ්‍රී ලංකා විමර්ශන ඒජන්සි විසින් අනුගමනය කරනු ලබන පුළුල් මූලෝපායික ප්‍රවේශයයි.
දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ බලපෑම්කාරී ව්‍යාපාරිකයන් සම්බන්ධ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.
නූතන දූෂණ විමර්ශනවලදී විදේශීය බැංකු වාර්තා, සමාගම් ලියාපදිංචි කිරීම්, ආගමන විගමන ලේඛන සහ බහු-අධිකරණ බලප්‍රදේශ තුළ විසිරී සිටින සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබාගැනීමට සිදුවීම සංකීර්ණ පරීක්ෂණ ක්‍රියාවලියක අනිවාර්ය අංගයකි.
දේශපාලන තර්ක සහ විපක්ෂයේ චෝදනා
මෙම ක්‍රියාමාර්ග අගය කරන පිරිස් පෙන්වා දෙන්නේ, මීට පෙර දේශපාලන සුරක්ෂිතභාවය ලැබූ බලපෑම්කාරී පුද්ගලයන් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට පැවති මැලිබව මෙමඟින් ඉවත් වන බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ දූෂණ හා වංචා හේතුවෙන් මෙරටට ඩොලර් බිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවත්, රාජ්‍ය ආයතන දුර්වල වී විදේශ ආයෝජන ඇනහිටීමට එය ප්‍රධාන හේතුවක් වූ බවත් ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව, සැකකරුවන් විදේශයන්හි සිටියද නීතිය හමුවට පැමිණවීම මඟින් නීතියට ඉහළින් කිසිවෙකුත් නොමැති බවට පැහැදිලි පණිවිඩයක් සමාජගත වන බව රජයේ පාර්ශ්වයන්හි මතයයි.
කෙසේ වෙතත්, ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙල විපක්ෂයේ දේශපාලන පක්ෂවල දැඩි විවේචනයට ලක්ව ඇත. හිටපු දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කරගනිමින් විමර්ශන මෙහෙයවන නමුත්, වත්මන් පාලනයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි යටගසන බවට විපක්ෂ නායකයෝ චෝදනා කරති.
ස්වාධීන නීතිමය ක්‍රියාවලියකට වඩා ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් දේශපාලන බිම වෙනස් කිරීමට දූෂණ මර්දන ඒජන්සි භාවිත වන බවට චෝදනා කරමින් විපක්ෂය විරෝධතා ව්‍යාපාර ද සංවිධානය කර තිබේ.
නීතිමය විනිවිදභාවය සහ අනාගත අභියෝගය
නීති විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මහජන විශ්වාසය තීරණය වන්නේ සිදුකරන ලබන විදේශීය පරීක්ෂණ මෙහෙයුම් සංඛ්‍යාව මත නොව, අදාළ විමර්ශන ජාත්‍යන්තරව පිළිගත් සාධාරණත්වය, නිසි නීතිමය පටිපාටිය සහ අධිකරණ ස්වාධීනත්වය යන ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන්නේද යන්න මත බවයි.
විශ්වසනීය සාක්ෂි මත පදනම්ව සිදුකරන සාර්ථක නඩු පැවරීම් මඟින් මෙරට නීතිමය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය ශක්තිමත් කෙරෙන නමුත්, අධිකරණමය නිමාවකින් තොරව සිදුකරන දීර්ඝ විමර්ශනයන් මඟින් මහජනතාව තුළ සැකය සහ අපේක්ෂාභංගත්වය වර්ධනය වීමේ අවදානමක් ද පවතී.
එයින් පැහැදිලි වන්නේ සංකීර්ණ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මෙහෙයුම වැනි ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් වැදගත් සාක්ෂි ලැබිය හැකි වුවද, මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා සෑම විමර්ශනයක්ම - අදාළ පුද්ගලයන්ගේ දේශපාලන සබඳතා කුමක් වුවත් - විනිවිදභාවයෙන්, අපක්ෂපාතීව සහ නීතියේ ආධිපත්‍යයට යටත්ව සිදුකිරීම අත්‍යවශ්‍ය වන බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ප්‍රංශයේ එයාර්බස් (Airbus) සමාගම අතර 2013 වසරේදී සිදුවූ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය (SFO) මඟින් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ, අදාළ කොන්ත්‍රාත්තුව ලබාගැනීම සඳහා එයාර්බස් සමාගම විසින් ශ්‍රී ලංකන් සමාගමේ එවකට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ බිරිඳකට අයත් බෲනායි හි පිහිටි ව්‍යාජ සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ගෙවා ඇති බවයි. පසුකාලීනව ජාත්‍යන්තර මට්ටමින් එයාර්බස් සමාගම මෙම දූෂණ චෝදනා පිළිගනිමින් ඩොලර් බිලියන 3.9කට අධික දඩ මුදලක් ගෙවීමට එකඟ වූ අතර, ඊට අදාළ දේශීය නීතිමය ක්‍රියාමාර්ග සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ වර්තමානය දක්වා දීර්ඝ වෙමින් පවතී.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Overseas Police Missions Raise Accountability Questions and Political Tensions




