leader s

ලේඛකයින් කියන්නේ කාල සංචාරකයින් ද, නැතහොත් ඔවුන්ට නොස්ට්‍රඩාමයේ අනාවැකි හා සම්බන්ධයක් තියෙනවද? මේ ප්‍රශ්නය බරපතල විදිහටම අපි ඉදිරියට ගේන කාටුනය තමයි ද සිම්ප්සන්ස් කියන්නේ.

1989 අවුරුද්දේ දෙසැම්බර් 17 වෙනිදා පළමු වරට තිරගත වෙන 'ද සිම්ප්සන්ස්’ හි පළමු කතාංගය තමයි   “Simpsons Roasting on an Open Fire”. එතැන් ඉදලා මේ වෙනකම් මේ විකාශය වෙන්නේ එහි 36 වෙනි සීසන් එකේ 788 වෙනි කොටස. ලෝකයේ වඩාම කතාබහට ලක්වුණු , වඩාම ප්‍රසිද්ධ වැඩිහිටි කාටුන් නිර්මාණය විදිහට සැළකෙන මෙය වැඩි වශයෙන් ගෙතෙන්නෙ ඇමරිකාවේ සමාජ දේශපාලන වාතාවරණය පාදක කරගනිමින්. මෙහි ප්‍රධාන චරිත වන්නේ හෝමර්, මාර්ජ්, ලීසා, බාර්ට් සහ මැගී යන එක පවුලක සාමාජිකයින් පිරිසක්.
simpson 1
සෑම කථාංගයකම මොනවා හෝ විශේෂ සිදුවීමක් අඩංගු වෙලා තිබීමත් මේ විශේෂ සිදුවීම් බොහොමයක් ඒ සමහර සිදුවීම් වලට අවම වශයෙන් වසර පහකට පෙර ිද සිම්ප්සන්ස් ලේඛකයින් විසින් පුරෝකථනය කරලා තිබීමත් තමයි මෙහි තිබෙන පුදුමය. ඇත්තටම සිම්ප්සන්ස් අනාගත ලෝකය පුරෝකථනය කරනවද නැත්නම් ලෝකය සිම්ප්සන්ස් පිටපත අනුගමනය කරමින් ඉන්නවද කියලා හිතෙන තරමට ඒ සමහර කතාංග වලින් පෙන්නලා තියෙන අනාගත දර්ශන හැබෑ වෙලා තියෙන හැටි පුදුමයි.
matt abnd james lJames L. Brooks - Matt Groening
 
Matt Groening විසින් රචනා කරපු James L. Brooks" Matt Groening විසින් අධ්‍යක්ෂණය කොට කාටුනයක් ලෙස සංස්කරණය කරපු මේ අපුරු නිර්මාණයට මේ වන විට රචකයින් සහ සහය රචකයින් 154 දෙනෙක් රචනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ වන විට එහි අධ්‍යක්ෂණයට සහය වූ අධ්‍යක්ෂවරුන් සහ සහය- අධ්‍යක්ෂකවරුන් සංක්‍යාව 42 ක්.

අපි බලමු මොනවද සිම්ප්සන්ස් පවුල විශේෂයෙන්ම දේශපාලනික සහ සමාජීය වශයෙන් දක්වලා තියෙන හැබෑ වුණු අනාවැකි කියලා.
 
simpson 2
හැමෝම කැමතියි දුර්වලයෙක් අවසානෙදි දිනන කතාවකට. ඉතිං සිම්ප්සන්ස් 21 වන කතා මාලාවේ 'Boy Meets Curl' කතාංගය 2010 දී කැනඩාවේ පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලට සමගාමීව නිකුත් කරන ලද අතර මෙය හෝමර් සහ මාජ් වටා කේන්ද්‍රගත වී තිබුණා. විනෝදජනක දිනයක් වෙනුවෙන් යම් ක්‍රියාකාරකමක් සොයන ඔවුන්ට ඔවුන් ශීත ඍතු ක්‍රීඩාවක් වන කර්ලින් ක්‍රීඩාව හමුවෙනවා. පළමුව ඉතා දුර්වල ලෙස පටන් ගන්න ඔවුන්ට පසුව මේ ක්‍රීඩාව සඳහා එක්සත් ජනපද ඔලිම්පික් කණ්ඩායමට ඇතුළත් කර රන් පදක්කම දිනා ගැනීම තෙක් ජයග්‍රහණයේ ගමනකට අවතීර්ණ වෙන්න හැකියාව ලැබෙනවා.

එයින් වසර අටකට පසුව ස්වීඩනයට තියුණු තරඟයක් ලබා දෙමින් 2018 දී පියොංචැං හි පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී කර්ලින් ක්‍රීඩාවෙන් ඇමරිකාව රන් පදක්කම දිනා ගන්න සමත් වෙන්නේ 'Boy Meets Curl' සිම්ප්සන්ස් අනාවැකිය සැබෑ කරමින්.
 
simpson 3
1997 වසරේදී විකාශය වුනු 'Lisa’s Sax' කියන කතාංගයේදී එක් දර්ශනයක, බාර්ට් අසනීප වී මානසික අවපීඩනයක ඉන්න බවක් පෙන්නුම් කරනවා. එහිදී  'Curious George and the Ebola Virus' ලෙස අමුතු නමක් සඳහන් පොතක් කියවීමෙන් ඔහුව සතුටු කිරීමට උත්සාහ කරනවා.  පුදුම සහගත විදිහට Ebola  කියන්නේ 1997 වසරේදී ලෝකය දැනුවත්ව හිටපු  වෛරසයක් නෙමෙයි. එහි පැතිරීම ආරම්භ වෙන්නේ එයිනුත් වසර 3 කට පසුව 2000 වසරේදීයි 2014 වන විට එහි පැතිරීම පුළුල් වන අතර මේ ඉබෝලා වසංගතයෙන් කොංගෝ ජනරජයේ පුද්ගලයින් 254 දෙනෙකුගේ සහ උගන්ඩාවේ තවත් 224 දෙනෙකුගේ ජීවිත අහිමි වෙනවා. ඉතිං මේකත් සිම්ප්සන්ස් කියපු අමුතුම අනාවැකි අතරට එකතු වෙනවා.
simpson 4
1994 දී නිකුත් කළ 'Lisa vs Malibu Stacy' කතාංගයේදී ඉතා හාස්‍යජනක ලෙස ප්‍රවෘත්ති නිවේදකයා කෙන්ට් බ්‍රොක්මන් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවට කෙටි සඳහනක් සමඟ එම විකාශනය අවසන් කිරීමට පෙර බාර්බි සෙල්ලම් බඩු වල ජනප්‍රියතාවය ගැන සඳහන් කරනවා. එයින් වසර ගණනාවකට පසු ඒ සමානවම 2023 අගෝස්තු 24 වන දින, එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාවාරම් සම්බන්ධ චෝදනා මත අධිචෝදනා ලැබ එරට ආරක්ෂක බලධාරීන්ට යටත්ව සිරභාරයට ගැනෙනවා.
 
simpson 5
”ද සිම්ප්සන්ස්” හි උපහාසාත්මක ස්වභාවය සැලකිල්ලට ගත්තම ගෝලීය දේශපාලනය සම්බන්ධව පළ කරලා තියෙන අනාවැකි නොසලකා හරින්න බැහැ. බාර්ට්ගේ අනාගතය පිළිබඳ දැක්මක් දක්වන 2000 වසරේ විකාශය වූ 'Bart to the Future' 11 වන වාරයේ කථාංගයේ,  ලීසා සිම්ප්සන් පළමු කාන්තා එක්සත් ජනපද ජනාධිපතිවරිය බවට පත්වීමේ දර්ශනයක් තියෙනවා. ජෝ බයිඩන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව, කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම මෑත කාලීන උදාහරණවලින් එකක්. 2021 වසරේ උපජනධිපතිනිය ලෙස  කමලා හැරිස් සිය පදවි ප්‍රාප්තියේදී ඇඳ සිටි දම් පැහැ ඇඳුමල සුදු මුතු මාලය සහ කරාබු යුවළ  'Bart to the Future' හී  ලීසා සිම්ප්සන්  සිය ජනාධිපති පදවි ප්‍රාප්තියේදී ඇඳ සිටි ඇඳුමට අතිශයින් සමාන වීම ලෝකය පුදුමයට පත් කරවනවා.
 
simpson 6
 
මේ දර්ශනය ඇතුලත් වෙන්නේ 1997 වසරේ තිරගත වූ සිම්ප්සන්ස් කතාංගයක් වන 'The City of New York vs. Homer Simpson' හි යි. එකපාරටම ලොකු සම්බන්ධයක් නොපෙනුණාට මේ රෑපයේ දැක්වෙන සඟරාවේ නිව් යෝර්ක් වචන වලට පහලින් ඩොලර් 9 එහි මුදල් ඒකකය ලෙස දැක්වෙන ඩොලර් සලකුණෙහි 11 ලෙස සංකේතවත් වන ඉරි ද්විත්වය වගේම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුළුනු දෙක දක්වා තියෙන්නේ 9 / 11 හැඟවෙන පරිදි කියලා හොඳින් බලන කෙනෙක්ට පෙනෙනවා. කතාංගයේ රචකයින් මීට කිසිම සම්බන්ධයක් නැතත් ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල් කයිඩා සංවිධානය විසින් ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානය ට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරලා විශාල ජන සංහාරයක් කලේ එයින් සිව් වසරකට පස්සේ 2001 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වන දින යි. ඉතිං ඒක පුදුම අනාවැකියක් නෙමෙයිද ?
simpson 7
 
1993 දී, සිම්ප්සන්ස් ප්‍රථම වරට විකාශය කල 'Marge in Chains' කථාංගයේදී සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිර දඬුවම් විඳීමට බල කරන ලද මාජ් සහ ස්ප්‍රින්ග්ෆීල්ඩ් නගරයේ පැතිර යන ‘ඔසාකා උණ‘ නමැති රෝගයක් වැළදීම දර්ශනය කෙරෙනවා. මෙම ඔසාකා උණ  Covid -19 වසංගතයට සමාන වසංගතයක් බව පිළිඹිබු කරමින් එය වෙනත් රටකින් එක්සත් ජනපදයට ව්‍යාප්ත වූ බව පෙන්නුම් කෙරෙනවා. ඊට අමතරව, මේ කථාංගයට අනුව ස්ථිර ප්‍රතිකාරයක් නොතිබූ එම රෝගයට ගොදුරු වූ රෝගීන්ට එම කථාංගයේ වෛද්‍යවරයා ඇඳ විවේකයක් ලබා ගන්නා ලෙස පමණක්  නිර්දේශ කළ, විද්‍යාඥයින්ට එලෙසෙම Covid-19 වෛරසය වැළැක්වීම සඳහා නිසි එන්නතක් සොයා ගැනීමට බොහෝ කාලයක් වෙහෙසීමට සිදු වුයේ රෝගය වැළඳුනු රෝගීන්ට ඇඳ විවේකය පමණක් ප්‍රතිකාරයක් ලෙස ඉතිරි කරමිනි.

මෙලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනාධිපතිවරයා වීම තෙක් ද සිම්ප්සන්ස් දක්වා ඇති අනාවැකි ගණන බොහෝයි. එය ඔවුන් කෙලෙස සිදු කළාද යන්න තවමත් පුදුමයක්.
 

සටහන : Yesha Fernando

සබැඳි ලිපි:  

මත්පැන්, ගැහැනු සහ අඳුරු මනසට ගොඳුරු වූ සිත්තරා

ගිබ්ලි vs ඇමරිකන් AI

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර් 

බැන්ක්සි බලපෑම 

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු 

ඇමරිකාව කොමඩ් එකට දැමු ‘කැටලන්‘
 
කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනව ද ?
 
මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
 
සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!
 
කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?
 
උපුල් නුවන් විදහා සිනා නොවන ඩාවින්ලිසා

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්