leader s

Kristen Stewart කියපු ගමන් ඔබට සිහිවන අනෙක් නම The Twilight Saga.

Twilight  සිනමාපට පෙළෙහි ප්‍රධාන කන්තා චරිතය රඟපෑ සිහින් සරාගී කුඩා සිරුරැති ඒ නිළිය ”බෙලා”. සිය දෙමාපියන්ගේ ක්ෂේත්‍රය වූ සිනමා ලෝකයට ක්‍රිස්ටියන් ගේ ආගමනය සිදුවෙන්නේ වයස අවුරුදු 12 දී. එතැන් ඉදලා මේ වෙනතෙක් ඇය රඟපෑ සිනමාපට සංඛ්‍යාව 50 කට අධිකයි. ටෙලි සීරීස් සංඛ්‍යාව 6 ක් , music video 6 ක්. ඒවගේම කෙටි සිනමාපට කිහිපයකට සහ music video කිහිපයකටත් ඇය අධ්‍යක්ෂණයෙන් එක් වුණා.

 

stewart 2

2010 වසරේදී British Academy Film Awards හිදී නැගී එන තාරකාවට හිමි සම්මානය ඇය දිනාගනු ලැබුවා. එමෙන්ම 2015 වසරේදී Clouds of Sils Maria සම්මාන උළෙලේදී හොඳම සහය නිළිය ලෙස ඇයට සම්මාන හිමි වෙනවා. එමෙන්ම ඩයනා කුමරියගේ චරිතය රඟ දක්වමින් ඇය රඟපෑ  සිනමාපටය වෙනුවෙන් Academy Awards උළෙලේදීත්, AACTA Awards උළෙලේදීත් ඇය හොඳම නීළියට නිර්දේශ වෙනවා. ඊට අමතරව විවිධ සම්මාන උළෙල වලදී ඇය දිනා ඇති සහ නිර්දේශ වී ඇති සම්මාන ගණන 50 කට අධිකයි.

d395a8e858d4d2f03b7563d8fb85b6f6

 

හොලිවුඩයේ ඉහලම ජනප්‍රියත්වයක් සහ ඉහලම ඉපැයීමක් සහිත තාරකාවක් ලෙස ඇය මේ සියල්ල දිනාගන්නා විට ඇය යන්තම් අවුරුදු විසි ගණන් වල පසුවූවා පමණයි. එය ඇයගේ පෞද්ගලික ජීවිතයට කෙලෙස බලපෑවේ ද ?

නින්ද නොයෑම, කාංසාව, අධික හිසරදය, වමනය මෙන්ම Met Gala red carpet මතදී පවා panic attacks වලට ලක්වන මානසික දුර්වලතාවයන්ට ඇය දිගින් දිගටම නිරාවරණය වෙනවා. ඇතමුන් මේවා විවේචනය කරන්නේ ඇය අවධානය ලබා ගැනීමට සිදු කරන ක්‍රියා ලෙසයි. නමුත් පසු කාලීනව පැවති රූපවාහිනි සහ ප්‍රසිද්ධ ඒකන talk show වලදී ඇය ඒවාට මුහුණ දුන් අපහසුව ඇය පවසා සිටින්නේ කඳුළු පිරි දෙනෙතින්. අධික ජනප්‍රියත්වය සහ මාධ්‍ය අවධානය දරාගැනීම ඇයට පහසු වුණේ නැහැ.

kristen stewart once said she would have married her twilight co stars ex lovers robert pattinson had he proposed watch 001

 

Twilight සමගින් ඇයගේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණි ඇය එහි එඩ්වර්ඩ් ගේ චරිතය රඟපෑ ප්‍රධාන නළු Robert Pattinson සමඟින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධය බිඳවැටෙන්නේ ඇය Snow White හී අධ්‍යක්ෂක Rupert Sanders ව සිපගන්නා පැපරාසි ඡායරූප පෙළක් මාධ්‍යට අනාවරණය වීමත් සමඟයි. ඉන්පසු ඇයගේ රසික ප්‍රජාවගෙන් එල්ල වන අපවාද මෙන්ම ක්ෂේත්‍රයේ ගැටුම් සමඟින් ඇයගේ ජීවිතය වඩා අපහසු එකක් වෙනවා. ප්‍රේම සම්බන්ධතා ගණනාවක් බිඳ වැටීමෙන් පසු ක්‍රමිකව ඇය ඇඳුම් විලාසිතා වල සිට ද්විලිංගික නැඹුරුව ප්‍රකාශ කර සිටින්නට පටන් ගන්නවා.

 

dylen

මුල් කාලීනව එය ඇයව දැඩිව පීඩාවට පත් කරන්නට හේතු වුණත් පසුකාලීනව ඇය 2019 වසරේදී  Dylan Meyer හා ආරම්භ කළ ප්‍රේමසම්බන්ධය තුළ වඩා සාමකාමී මෙන්ම ස්ථාවර ලක්ෂණ පෙන්නුම් කිරීම ඇය වෙත එල්ල වී තිබු අප්‍රසාදය නැවත යථාතත්වයට පත් කරන්න හේතු වුණා. 2021 වසරේදී ඔවුන් විවාහ ගිවිසගත් අතර පසුගිය අප්‍රේල් 24 වැනිදා Kristen Stewart ගේ ලොස් ඇන්ජලීස් නිවසේදී ඔවුන් විවාහ දිවියට පත් වුණා.

i do i really really really really really do 680a7b5ee217a

 

එම ඡායාරූප පෙළ වෙත ට්විටර් සුබ පැතුම් එක් කරමින් බොහෝ දෙනෙක් නැවත ඇයවත්, ඇයගේම සාමයත්, මාවතත් සොයාගැනීම ගැන ප්‍රශංසා එක් කොට තිබුණා. ඉතිං Kristen Stewart තාරකාව එලෙස සිය දිවියේ තමා සුවපත් කරනා ප්‍රේමය සොයා ගැනුණා.

 

 

සටහන : Yesha Fernando

Yesha F

 

 

 

 

සබැඳි ලිපි:  

මත්පැන්, ගැහැනු සහ අඳුරු මනසට ගොඳුරු වූ සිත්තරා

ගිබ්ලි vs ඇමරිකන් AI

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර් 

බැන්ක්සි බලපෑම 

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු 

ඇමරිකාව කොමඩ් එකට දැමු ‘කැටලන්‘
 
කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනව ද ?
 
මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
 
සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!
 
කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?
 
උපුල් නුවන් විදහා සිනා නොවන ඩාවින්ලිසා

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්