leader s

පොල් වෙර්ලෙන් ආදර විරසකය උත්සන්න වූ පසු වෙඩි උණ්ඩයෙන් පවා දිවි ගලවා ගත් ආචූ රම්බෝ යෞවන කවියාට සිදුවූ සන්තෑසිය කවරාකාර වීදැයි සහෘදිනියක් අසා එවා තිබිණ. ඉදින් ඒ ගැන සංසංක්ෂිප්තතකර්කව ලියමි.

 

ar1
ආචූ රම්බෝ නම් නූතන කවියා, වසර පහක් බඳු අතිශය සජීවී, අතිශය සකර්මණ්‍ය කෙටිකාලීන කාව්‍යමය ජීවිතය හිටිහැටියේ ම අවසන් කර දැමූ. ඉක්බිත්තේ උදාවුණු ජීවන සමය ‘සාහිත්‍යයිකව’ නොහොත් කාව්‍යයිකව ගත් කල ‘සද්ද‍ෙ වසා’ තැබුණු සමයකි. පාද යාත්‍රාවෙන් ම ‘ඇල්ප්ස් කඳු හරහා දේශ සීමා තරණය කළ රම්බෝ පළමුව, කුලී භටයකු ලෙස  ලන්දේසි යටත්විජිත හමුදාවට බැඳිණ. සුපුරුදු පරිදිම  එයින් පළා ගිය හිටපු කවියා, යළි සිය රට පැමිණි අතර පසුව ජර්මනියේ, හැම්බර්ග් නුවර සර්කර්ස් කණ්ඩායමක අයකැමියකු ලෙසත්,  එතනින් සයිප්‍රසයට පිවිසී. එහි ගොඩැනැඟිලි ඉදිකිරීම් සමාගමක, කම්කරුවන් බාර ෆෝමන්වරයකු ලෙසත් වැඩ කරන්නට විය. සයිප්‍රසයේදී,  කායිකව අබල දුබලව ගිය, අසනීප පීඩාවන්ගෙන් හික්මුණ පරිපීඩිත රම්බෝ නම් තරුණයා යළි කායික ජවය පතා සිය රට පැමිණ, ප්‍රතිකාර අතරතුර සිතන්නට වූයේ ජීවිතයේ මීළඟ වීර චාරිකාව වූ අප්‍රිකානු මහපොළොවට පිවිසෙන අන්තදමයි. සිතුවා සේම ඔහු 'ඒඩ්න්' වෙත පිවිස කෝපි කරුමාන්තයට සමීපව කරක් ගසන්නට විය.  කෙමෙන් අප්‍රිකානු මහද්වීපයට සමීප වෙමින් සිටි රම්බෝ කෝපිකරණය හරහා ඉතියෝපියාවට සංක්‍රමණය විය. මෙකල ඔහු කළ ජීවිත ගවේශණය සහ අද්දැකීම පසුකාලීනව ෆ්‍රන්ස භූගෝල විද්‍යා ජාතික සංගමය හරහා ප්‍රකාශයට  පත්විය.

රම්බෝ නම් ෆ්‍රන්ස සුද්දාගේ භාෂා ඥානය මෙන්ම ඔහු ඉතියෝපියානුවන් සමඟ සමඟ පවත්වාගෙන ගිය හිතෛෂී සුහද මිත්‍රශීලී ගනුදෙනු ව නිසා ඔහු ජනප්‍රිය චරිතයක්ව සිටියේ ය. රම්බෝගේ ප්‍රගතිය දුටු ඔහු සේවය කළ සමාගමේ ප්‍රධානීන් විසින් ඓතිහාසික ඔහු හරාර් නුවර දක්වා යන තවලමක ප්‍රධානියා කොට පත් කෙරිණ. ඒ ගමන සැබැවින්ම ඔහු තුළ සිහිනයක්ව පැවතිණු ගමනකි.

 

ar2
රම්බෝ ජීවත්ව සිටි සමයේ හරාර් වනාහි මක්කමට, මදීනාවට, ජෙරුසලම පසුව ඉස්ලාම් බැතිමතුන්ගේ  ශුද්ධවර නගර අනුපිළිවෙලේ සිව්වැනි ශුද්ධවූ නගරයයි. ගණුදෙණු පිණිස ප්‍රකටව තිබෙනා අතර ම, සූෆී ඉගැන්නුම් වරනැඟුණු අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වූයේ ද හරාරයයි.

Rimbaud the abyssinian Haji Jaber3රම්බෝ අද හරාර් හි ප්‍රකට ය. ඔහු පිළිබඳ බොහෝ පුරාවෘත්ත ද නිමැවී තිබේ. ඔහුගේ ජීවිතය පාදක කර ගනිමින් හජී ජබීර් විසින් ප්‍රබන්ධගත කෙරුණු ‘ඇබිසීනියානු රම්බෝ’  (The Abyssinian Rimbaud) හරහා ඔහුගේ ජීවිතයේ වෙනත් මානයක් මතුකරලන්නට නවකතාකරුවා උත්සුක වෙයි.

ආචූ රම්බෝ පොදුවේ ව්‍යාපාරික කටයුතු වලදී අරාබි බස චතුරව කතා කළ බවත්, තමන්ගේ සේවකයා සමඟ හරාරි බසින් කතා කළ බවත්, තවත් ප්‍රාදේශිය භාෂා ඔහු දැන සිටි බවටත් කියැවුණු පුරාවෘත්ත අද වන විට ඇත්තක් ලෙස පි‍ළිගැනේ.

යුනෙස්කෝ සංරක්ෂිත හරාර් නගරයේ ඔහු නිවැසී යැයි සැළකෙන ගොඩනැඟිල්ල  අද යෞවන සංචාරක ඇල්ම සහිත වපසරියකි. ‘’ඔහු නියත වශයෙන්ම උපශමනය අත් විඳන්න ඇති. අභ්‍යන්තර ශාන්තිය අත්පත් වෙන්න ඇති.‍’’ ඔහු ගැන දන්නා කිසිවකු නැතත් නගරවාසී අලුත් පරපුරු රම්බෝ ගැන සිතන්නේ එහෙම ය.

 

UNSPECIFIED - NOVEMBER 02:  French poet Arthur Rimbaud in Harar Abyssinia (Ethiopia) in 1883  (Photo by Apic/Getty Images)

ක්‍රමයෙන් ඉතියොපියානු රාජධානියේ  එම්ප්‍රදෝරු රජ වූ දෙවැනි මෙනිලෙක් හට සමීප වූ ආචූ රම්බෝ නම් වූ තරුණ කවියා  ආයුද වෙළෙන්දකු බවට රූපාන්තරණය වෙමින් සිටියේ ය. ඒ වනාහී සරුවට සල්ලි ගලා ආ  කරුමාන්තයක් වන්නට ඇත. නමුත් කවියකු ආයුධ වෙළෙන්දකු බවට පත් වී ම කලා සංස්කෘතික සමාජය සළකන්නේ නරුමභාවයේ ප්‍රකාශනයක් ලෙසට ය. නමුත් මෙකී , භාවිතය ගැඹුරින් විශ්ලේෂණය කළ ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වන්නේ දෙවැනි මෙනිලෙක්ට ආයුද සම්පාදනය කර දීම වූ කලි රම්බෝ විසින් නූතන අප්‍රිකානු ඉතිහාසයට සිදුකළ විශිෂ්ඨතම සම්ප්‍රදානය බවයි. ඉතාලිය විසින් සිදුකරන්නට කැස කැවුණු ඉතියෝපියානු ආක්‍රමණයට ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකිවූයේ  මෙම සන්නද්ධභාවය නිසාය යන  තර්කය මේ අනුව මතුකෙරෙයි.

අනෙක් පසින් වෙඩි කෑමක් ඔස්සේ කවිය අතැර දැමූ දැවැන්තයෙක් වෙඩි තියනා ආයුද වෙලහෙලදාම් කිරීම තුළ ආත්මීයත්වයේ අඩංගුවක් ද ඇති බව මම තර්ක කරමි.

rambaud234 230
රම්බෝගේ කාව්‍යමය බිඳී යාමට පදනම වූ වෙර්ලෙන් කවියාගේ වෙඩිපහර දෙකේ ඓතිහාසික සංසිද්ධිය අතිශය උත්ප්‍රාසාත්මක අන්තයක් දක්වාම විකාශය විය. ෆ්‍රන්ස සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකටම ගිනි අවිය වූ වෙර්ලෙන් කවියා ගිනි බිඳීමට යොදා ගත් කෑලි හයේ මිලි මීටර් හතේ රිවෝල්වරය 2016 වසර අවසානයේ,  යුරෝ 434,500කට ප්‍රසිද්ධ වෙන්දේසියකදී වෙන්දේසි විය.

ඒත් ඔවුන් දෙදෙනාම එක්ව බෙදා හදාගත් ජීවිතය සහ කවිය කිසිදු ප්‍රසිද්ධ වෙන්දේසියක  වෙන්දේසි කරනට කිසිවෙකුටත් පුළුවන්කමක් නැත.  ඔවුන් දෙදෙනාටම කාව්‍ය ඉතිහාසය තුළ ලබා දී ඇති තැන සැබැවින්ම ඔවුන්ගේ කාව්‍ය භාවිතය නිවැරදිව තක්සේරු කිරීම මත පදනම්ව සිදුවී ඇත්තක්ද නො එසේ නම්  ඔවුන්ගේ විස්මකුරු ජීවන චර්යාව මත විමෝහනය විමක් ද යන්න තවමත් නො නිමි  අඛන්ඩ සංවාදයකි.


manjula wediwardhana
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

සබැඳි ලිපි :

ෆ්‍රන්සක්කාරයෝ : බෝද්ලෙයානු මොහොතක මත්වීමේ ආදිනව - (මංජුල වෙඩිවර්ධන)

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ - වෙර්ලෙන් මධුරාදරේ කවි සමේ | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ ; ආතුරසහගත ප්‍රේමය දක්වා ජීවිතය | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : සෝබර ය, වෙනසකුදු නැත දවස රැය සදිසිමය | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : ඔන්ද්‍රෙ ෂෙනියේ පුරාවත | මංජුල වෙඩිවර්ධන

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්