BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය: NPP විධායක සභිකයෙකුගෙනුත් ප්‍රබල විරෝධයක්!

T

The Leader Desk

July 27, 2026 • 5:07 PM

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය: NPP විධායක සභිකයෙකුගෙනුත් ප්‍රබල විරෝධයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්
  • මම අවුරුදු 55ක් නීතිඥ වෘත්තියේ හිටියා.
  • අවුරුදු 60ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා.
  • අපි අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ෆීලික්ස් ඩයස්, ජේ.ආර්.
අකුරු ප්‍රමාණය (Font Size):

"මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්, මට කට වහගෙන ඉන්න කිව්වා" - NPP නායකත්ව මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගෙන් දැඩි චෝදනාවක්

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට අද (ජූලි 27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දැනට නියම කර ඇති අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වන අවුරුදු 63 සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වන අවුරුදු 65 යන සීමාවන්, අදාළ ව්‍යවස්ථා සංශෝධනය මගින් තවත් වසර දෙක බැගින් පිළිවෙළින් අවුරුදු 65 සහ 67 දක්වා දීර්ඝ කිරීමට රජය මෙසේ පියවර ගෙන තිබේ.


ජාතික ජන බලවේගය තුළින්ම මතු වූ විරෝධය

මෙම සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් එක්ව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ (NPP) නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පෙන්වා දුන්නේ මෙම තීරණය පක්ෂයේ කිසිදු සභාවක එකඟතාවයෙන් ගත් එකක් නොවන බවයි.

"මම ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ ඉන්න කෙනෙක්. මම ඉන්න NPP විධායක සභාවක හෝ වෙන කිසිම සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන මෙහෙම තීරණයක් අරන් නෑ. මම මේ ගැන ඇහුවම කිව්වා මට කට වහගෙන ඉන්න කියලා. මම අවුරුදු 55ක් නීතිඥ වෘත්තියේ හිටියා. අවුරුදු 60ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා. අපි අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ෆීලික්ස් ඩයස්, ජේ.ආර්. ජයවර්ධන, නිහාල් ජයවික්‍රම වගේ අය එක්ක සටන් කළා. ඒ නිසා අදත් මම සටන් කරනවා. මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්," යනුවෙන් ප්‍රකාශ කළ ලාල් විජේනායක, අනාගත පරපුරට වැරදි පූර්වාදර්ශයක් නොදෙන ලෙස ඉල්ලමින් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත ලිඛිතව ද භාරදුන් බව පැවසීය.


නිදහස් නීතිඥ සංගමය සහ රජයේ ස්ථාවරය

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් නිදහස් නීතිඥ සංගමය සඳහන් කරන්නේ, මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 08 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවත්, එම පුරප්පාඩු පිරවීම පැහැර හරිමින් මෙලෙස වයස දීර්ඝ කිරීමට තීරණය කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් බවත්ය.

කෙසේ වෙතත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අවධාරණය කළේ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුකරන බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය යම් යම් පැලැන්ති ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව තමන් අවධානයෙන් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...