BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

RMV නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරම: අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු නිලධාරිනියට ඇප!

T

The Leader Desk

July 27, 2026 • 4:30 PM

RMV නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරම: අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු නිලධාරිනියට ඇප!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමේ චෝදනා
  • ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදේශ ගමන් තහනම් කරමින් අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමුකරන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.
  • මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරිනියක වන විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර නමැත්තියයි.
  • එමෙන්ම මෙම නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළව දැනට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති බවත්, අද දින ඇප නියම වූ නිලධාරිනිය මෙම සිද්ධියේ හයවන සැකකාරිය ලෙස නම් කර ඇති බවත් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක් පැනවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් නියෝග

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) නීත්‍යනුකූල නොවන අන්දමින් වාහනයක් පැවරීම සහ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගන්නා ලද එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරිනියක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (ජූලි 27) නියෝග කළේය.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදේශ ගමන් තහනම් කරමින් අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමුකරන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරිනියක වන විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර නමැත්තියයි.

චෝදනාව සහ අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම

ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකර සහ අදාළ රේගු බදු ගෙවීමෙන් තොරව නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ නිල වශයෙන් ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අදාළ මෝටර් රථයේ පළමු පැවරීම සිදුකිරීම සඳහා කවුළු අංකයක් ලබාදෙමින්, එම තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට මෙම සැකකාරිය පියවර ගෙන ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

එමෙන්ම මෙම නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළව දැනට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති බවත්, අද දින ඇප නියම වූ නිලධාරිනිය මෙම සිද්ධියේ හයවන සැකකාරිය ලෙස නම් කර ඇති බවත් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියට දැඩි ඇප කොන්දේසි පනවමින් නඩුව පසුවට කල් තැබීය.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...