BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

දෙවුන්දර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර: පොලීසිය සහ STF යොදවා දැඩි ආරක්ෂාවක්!

T

The Leader Desk

July 28, 2026 • 4:02 AM

දෙවුන්දර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර: පොලීසිය සහ STF යොදවා දැඩි ආරක්ෂාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *පාතාල තර්ජන හමුවේ අවලංගු කිරීමට ගිය කාවඩි පෙරහැර පැවැත්වීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තීරණයක්
  • අර්බුදයේ පසුබිම සහ ලබාදුන් තීරණය පෙරහැරේ කාවඩි නර්තනයට සහභාගී වන කණ්ඩායම් සීමා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපාන් ඉම්රාන්' නැමැත්තා විසින් දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මධුසංක වෙත තර්ජනය කළ බවට තොරතුරු වාර්තා විය.
  • කෙසේ වෙතත්, ඊයේ (ජූලි 27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී, පසුගිය වසරවල සහභාගී වූ සියලුම කාවඩි කණ්ඩායම්වලට මෙවර ද නර්තනය සඳහා අවසර ලබාදීමට තීරණය විය.
  • අතිරික්ත පොලිස් බලඇණි යොදවමින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට එහිදී එකඟතාව පළ විය.
අකුරු ප්‍රමාණය (Font Size):


*"ජාතික ආරක්ෂාව සහ සංස්කෘතිය අනතුරේ" යැයි කියමින් විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි දේශපාලන ප්‍රහාරයක්


දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සහිත පෙරහැර අද (ජූලි 28) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යොදවමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, සෘජු පොලිස් අධීක්ෂණය සහ විශේෂ ආරක්ෂාව යටතේ පෙරහැර සංවිධානය කර ඇති බවයි.

අර්බුදයේ පසුබිම සහ ලබාදුන් තීරණය

පෙරහැරේ කාවඩි නර්තනයට සහභාගී වන කණ්ඩායම් සීමා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපාන් ඉම්රාන්' නැමැත්තා විසින් දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මධුසංක වෙත තර්ජනය කළ බවට තොරතුරු වාර්තා විය. අපරාධ කල්ලි සාමාජිකයන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ලැබුණු බුද්ධි තොරතුරු සැලකිල්ලට ගනිමින්, කාවඩි නර්තන පෙරහැර තාවකාලිකව අවලංගු කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මීට පෙර නිර්දේශ කර තිබිණි.

කෙසේ වෙතත්, ඊයේ (ජූලි 27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී, පසුගිය වසරවල සහභාගී වූ සියලුම කාවඩි කණ්ඩායම්වලට මෙවර ද නර්තනය සඳහා අවසර ලබාදීමට තීරණය විය. අතිරික්ත පොලිස් බලඇණි යොදවමින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට එහිදී එකඟතාව පළ විය.

දේශපාලන වේදිකාවේ උණුසුම් විවේචන

මෙම සිද්ධිය මුල්කරගනිමින් විපක්ෂයේ දේශපාලනඥයන් ආණ්ඩුවේ නීතිය හා සාමය පවත්වාගැනීමේ හැකියාව දැඩි ලෙස ප්‍රශ්න කර සිටියි. පාදුක්ක ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූයේ, එල්ටීටීඊ ත්‍රස්තවාදී තර්ජන පැවැති අසීරුම කාලවකවානුවල පවා ආරක්ෂාව සපයමින් සංස්කෘතිකාංග පවත්වාගෙන ගියද, වත්මන් ආණ්ඩුවට අවම වශයෙන් පෙරහැරකටවත් ආරක්ෂාව දීමට නොහැකි වී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ද සඳහන් කළේ, සංස්කෘතික උත්සව පාලනය කිරීමට පාතාලයට ඉඩ නොදිය යුතු බවත්, ආණ්ඩුවට නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් නොමැති බවත්ය.

එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සඳහන් කළේ, බුද්ධි තොරතුරක් ලැබුණු විට එය විශ්ලේෂණය කර තීරණ ගැනීම පොලීසියේ කාර්යභාරයක් වන අතර, එය ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයක් ලෙස හුවාදැක්වීම දේශපාලන අරමුණින් සිදුකරන්නක් බවයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...