ඉරානය ගෝලීය වශයෙන් විසන්ධි වී තිබේ. රට තුළ හට ගෙන ඇති ජන අරගල හේතුවෙන් එරට අන්තර්ජාල සබඳතා තවදුරටත්
මුළුමනින්ම අවහිර කිරීමට රජය අද (9) පියවර ගත්තේය. සියලු දුරකථන සබඳතා ද විසන්ධි කර තිබේ. ගුවන් ගමන් මුළුමනින් අවලංගු කර ඇත. නව මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම් ද අතිශය මන්දගාමීව පවතී.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බහට අවනතව අරගලයේ යෙදීම පිලිබඳ, එරට උත්තරීතර නායක, අලි ඛමෙනි ජාතිය අමතමින් විරෝධතාකරුවන්ට චෝදනා කළේය.
මහජන දේපළ වලට හානි සිදු කරමින් අරගලයේ යෙදෙන සියල්ලන්, රජයට එරෙහි විදෙස් කුලී හේවායන් සේ සලකා කටයුතු කරන බව, ඔහු අවධාරණය කළේය.
ඉරානයේ ආර්ථික අවපාතයට එරෙහි ජන උද්ඝෝෂණ උග්‍ර අතට හැරී පවතී.
විසිරී සිටින විපක්ෂය, ජන අරගල උදෙසා තව තවත් විරෝධතා කරුවන් කැඳවමින් සිටී. මුළු ලොවම ඉරානය දෙස බලා සිටින මොහොතේ, වහා වීදි බැස අරගලයට සහාය දෙන ලෙස ජනතාව වෙතින් ඉල්ලීම් සිදු කෙරේ.
ඉකුත් ගිම්හානයේ ජනපති ට්‍රම්ප්, ඉරානයට බෝම්බ හෙලීය. ඉරාන ජන අරගලයට සහායට එක්සත් ජනපදය එක්වනු ඇති බවට ද ඔහු ඉකුත් සතියේ අනතුරු ඇඟවීම් සිදු කළේය.
වීදි උද්ඝෝෂණයේ නිරත විරෝධතාකරුවෝ බස් රථ, මෝටර් රථ සහ යතුරුපැදි ගිනි තබා ඇති අයුරු දැක්වෙන දර්ශන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි. දුම්රිය ස්ථාන සහ බැංකු ද ගිනි ගෙන දැවෙමින් පවතී. එය යුද පිටියක් සේ දිස්වන බව මාධ්‍ය පවසයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iran cuts internet as Supreme Leader warns protesters
සබැඳි පුවත් :
ඉරානයේ ජන අරගල උග්‍ර අතට; 38ක් මරුට; 2,200ක් අත්අඩංගුවට







