BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

සාලිය පීරිස් ජනාධිපති කරන්න ! - හිටපු ආණ්ඩුකාරවරු 3ක් ඉල්ලයි

T

The Leader Desk

July 11, 2022 • 10:00 AM

සාලිය පීරිස් ජනාධිපති කරන්න ! - හිටපු ආණ්ඩුකාරවරු 3ක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපති ලෙස පත් කරන්නැයි හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු
  •   එම ඉල්ලීම සිදුකර ඇත්තේ, ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න, රජිත් කීර්ති තෙන්කෝන් සහ අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් විසිනි.
  •  එම නිසා සියළු පාර්ශවයක්ට එකඟවිය හැකි නිර්පාක්ෂික, ස්වාධීනව කටයුතු කළ සාලිය පීරිස්, අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම සුදුසුයැයි අප මේ රටේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සහ පොදු ජනතාවට යෝජනා කරමු.
  •  එවිට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත හැකි පුද්ගලයෙකු/පක්ෂ සහ කණ්ඩායම්වලට අගමැතිවරයා ලෙස පත් කර ගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

කතානායකවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.  

එම ඉල්ලීම සිදුකර ඇත්තේ, ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න, රජිත් කීර්ති තෙන්කෝන් සහ අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් විසිනි.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

 

රාජ්‍ය මර්ධනය උත්සන්නවී රටේ අවධානම් තත්වයක් මතුව තිබුණු අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිඥවරුන් අමිල හා විශ්වසනීය සේවයක් ඉටු කරන ලදී. ජන අරගලයේ රැකවල්කරුවා වූවේ ද, විටෙක මැදිහත්කරුවා වූවේ ද නීතිඥ සංගමය යි. 

 

මේ වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ සහ කණ්ඩායම් අතර, අන්තර්කාලීන ජනාධිපතිවරයෙකු පත් කිරිම පිළිබඳ එකඟතාවයක් නැත.

 එම නිසා සියළු පාර්ශවයක්ට එකඟවිය හැකි නිර්පාක්ෂික, ස්වාධීනව කටයුතු කළ සාලිය පීරිස්, අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම සුදුසුයැයි අප මේ රටේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සහ පොදු ජනතාවට යෝජනා කරමු.

 එවිට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත හැකි පුද්ගලයෙකු/පක්ෂ සහ කණ්ඩායම්වලට අගමැතිවරයා ලෙස පත් කර ගත හැකිය.  

සැබෑ අර්ථවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර, අරගලකරුවන්ට ද එකඟවිය හැකි පොදු එකඟතා ක්‍රියාත්මක කළ හැකිය. වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරිය හෝ එයින් කොටසක් සම්පූර්ණ කිරීම කළ හැකිය.

 

සාලිය පීරිස් වැනි මධ්‍යස්ථ පුද්ගලයෙකු අරගලකරුවන්ගේ නියෝජනයක් ලෙස ආණ්ඩුවට එක් කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. එමගින් රට ස්ථාවර කළ හැකිය.  රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, ගමනාගමන වැනි දෛනික කටයුතු පවත්වාගෙන යමින් මේ මුල්‍ය අර්බුදය විසඳුම් ලබාගැනීමේ පදනම ගොඩ නගා ගත හැකිය.

 

කිසිදු අපචාර, විශමාචාර චෝදනාවක් නොමැති සාලිය පීරිස්ට මේ රටේ අති බහුතරයක් ජනතාවගේ ප්‍රමුඛ ඉල්ලීම වන දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් සොරකම් කරන ලද මුදල් නැවත මෙරටට ගෙන ඒම සඳහා හැකියාව ඇත. වංචා දුෂණ අක්‍රමිකතා සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කර, ව්‍යවස්ථානුකුලව දඩුවම් කිරීමේ හැකියාව ද ඇත.  

 එබැවින්, සාලිය පිරීස්  ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර, ඔහු අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා කරමු.''


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...