ක්‍රීඩා
Showing page 18 of 152 (2,267 articles)

රෝමයේ ඩයමන්ඩ් ලීගය හොල්ලමින් රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ වාර්තාවක්!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉතාලියේ රෝම නුවර පැවැති කීර්තිමත් 'ඩයමන්ඩ් ලීග්' (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක අතිවිශිෂ්ට දුරක් හෙල්ල විසිකිරීමට 23 හැවිරිදි රුමේෂ් තරංග සමත් විය.

ගෝලීය පාපන්දු ලොක්කාට එරෙහිව දැවැන්ත මෙහෙයුමක්!
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට සතියක් තිබියදී එය සංවිධානය කරන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ ක්‍රියාවන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මහා පරිමාණයේ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

කොංගෝවේ පූර්ව-ලෝක කුසලාන තරගය අහෝසි කරයි
ස්පාඤ්ඤයේ නගරයක පැවැත්වීමට නියමිතව තිබූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ ලෝක කුසලාන පාපන්දු මිත්‍ර තරගයක් ඉබෝලා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් අහෝසි කර තිබෙනවා.

ටෙස්ට් තරගවලට රෝස පන්දු යොදා ගැනීමේ අත්හදා බැලීමක් !
ආලෝකය මඳවන (bad light) අවස්ථාවන්හිදී ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ කාලය වැඩි කිරීම සඳහා රෝස පැහැයෙන් යුත් පන්දු භාවිතා කිරීම අත්හදා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.

15 හැවිරිදි සූර්යවන්ශි දිනා ගත් SUV කාරය පදවන්න තව අවුරුදු තුනක් බලා ඉන්න වෙනවා
ඉන්දියාවේ නැගී එන පිතිකරු වයිභාව් සූර්යවන්ශි ඉන්දියා ප්‍රිමිය ලීගයේ දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් මෝටර් රථයක් දිනා ගත්ත ද, එය පැදවීම පිණිස වසර තුනක් බලා සිටීමට මේ 15 හැවිරිදි ක්‍රීඩකයාට සිදුවනවා.

ලෝක කුසලානයට පෙර ඉරාන පාපන්දු පිල ඇමරිකානු වීසා සටනක!
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන ඉරාන කණ්ඩායමට අමෙරිකාව ට ඇතුළු වීම සඳහා බහු-වීසා (multiple-entry) පහසුකම් සැලසීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කරනු ඇතැයි ඉරානයේ පාපන්දු සම්මේලනය අපේක්ෂා කරනවා.

ලෝක කුසලාන ආරම්භක තරගයේ මෙක්සිකෝ ජනපතිනියගේ ටිකට් පත ආදිවාසී තරුණියකට!
මෙක්සිකෝවේ ජනාධිපතිනි ක්ලවුඩියා ෂෙන්බවුම් මාර්තු මාසයේ දුන් පොරොන්දුවක් ඉටු කරමින් ඇයට හිමි ලෝක කුසලාන පාපන්දු ආරම්භක තරගයේ ටිකට් පත පරිත්‍යාග කර තිබෙනවා.

කෝලිගේ සුපිරි ඉනිම බැංගලෝරයට දෙවැනි IPL කිරුළත් ගෙනෙයි: ගුජරාට් ටයිටන්ස් අනුශූරතාවයෙන් සැනසෙයි!
ලොව ධනවත්ම සහ වඩාත්ම තරගකාරී පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියන් ප්‍රීමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ මහා අවසාන මහා තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් තමන් සතු IPL කිරුළ සාර්ථකව ආරක්ෂා කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායම සමත් විය.

21 වැනි සියවසේ ක්‍රිකට් කිරුළ මුරලිට, සචින්ට සහ කලිස්ට!
ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ ශ්‍රී ලංකා දඟ පන්දු ලෙජන්ඩ් මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

PSG ලීගය යුරෝපා කිරුළ රැකගනිද්දී පැරිසිය ගිනිගනී !
යුරෝපීය පාපන්දු චැම්පියන්ස් ලීග් අවසාන තරගයේදී එංගලන්තයේ ආසනල් කණ්ඩායමට එරෙහිව ප්‍රංශයේ පැරිස් සැන්-ජමෑන් (PSG) කණ්ඩායම

අලුත් මුහුණු රැසක් සමඟින් චමරි 2026 T20 ලෝක කුසලාන මෙහෙයුම අරඹයි
මීට පෙර පැවති සියලුම කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන් නවය ට ම ක්‍රීඩා කළ චමරි අතපත්තු 2026 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

IPL ක්‍රීඩකයන්ට 'ස්මාට්' කන්නාඩි තහනමක්? දූෂණ මර්දන අංශයෙන් රතු එළියක්!
‘ස්මාට්’ වර්ගයේ ඇස් කන්නාඩි, අව් කන්නාඩි හා ඇස් ආරක්ෂාවට පළඳින කන්නාඩි (ගොග්ල්ස්) භාවිතය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ක්‍රීඩකයින් හා සහාය කාර්ය මණ්ඩලයට අලුත් උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

FIFA ට රතු එළියක්: ලෝක කුසලාන ටිකට් මාෆියාවට එරෙහිව අමෙරිකාව උසාවි යයි!
ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන අමෙරිකාවේ නිව්යෝක් හා නිව් ජර්සි නගරවල නීතිපතිවරු 2026 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සුළඟට වැනෙන ලයනල් මෙසීගේ අඩි 70ක් උස ප්‍රතිමාව ඉන්දියාවේ වෙනත් තැනකට ගෙන යයි
ඉන්දියාවේ තිබෙන ලයනල් මෙසී පාපන්දු ලෙජන්ඩ්ගේ අඩි 70ක් උස ප්‍රතිමාව සුළඟට වැනෙන අයුරු දිස්වීමෙන් පසුව එය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

ක්‍රිස් ගේල් අභිභවා ගිය ‘විශ්වයේ බබා බොස්’ ට තවත් වාර්තාවක් නූලෙන් මඟ හැරෙයි
දිනපතා ම පාහේ වාර්තා බිඳ දමමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව සිටින ඉන්දියාවේ 15 හැවිරිදි වයිභව් සූර්යවන්ශි දැන් තනි IPL (ඉන්දියා ප්‍රිමිය ලීග්) තරගාවලියක වැඩිම හයේ පහර සංඛ්‍යාවේ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

