The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 63 of 152 (2,267 articles)

ග්වේන් හේරත් : කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සඳවත
ක්‍රීඩා

ග්වේන් හේරත් : කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සඳවත

කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම සරදමට ලක්වූ යුගයක, කාන්තාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කරමින්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ පුරෝගාමී සභාපතිනිය වූ ග්වේන් හේරත් පෙරේදා (27 වැනිදා) සිය දිවි ඉනිම නිමා කළාය.

The Leader Deskover 1 year ago
ආසියානු මලල ක්‍රීඩා උළෙල : අවලංගු කළ ලෝකඩ පදක්කම යළි ශ්‍රී ලංකාවට
ක්‍රීඩා

ආසියානු මලල ක්‍රීඩා උළෙල : අවලංගු කළ ලෝකඩ පදක්කම යළි ශ්‍රී ලංකාවට

අභියාචනයෙන් ලෝකඩ පදක්කම තහවුරු කර ගත් මීටර 400 × 4 (මිශ්‍ර) ශ්‍රී ලංකා සහය දිවිමේ කණ්ඩායම

The Leader Deskover 1 year ago
ලිවපූල් කාරය බිරිඳ යටකර ගෙන බබාගේ ප්‍රෑමයත් ඇදගෙන ගිය අයුරු දුටු පියා තවමත් කම්පනයෙන්
ක්‍රීඩා

ලිවපූල් කාරය බිරිඳ යටකර ගෙන බබාගේ ප්‍රෑමයත් ඇදගෙන ගිය අයුරු දුටු පියා තවමත් කම්පනයෙන්

එංගලන්තයේ පැවති ලිවපූල් ප්‍රිමිය ලීග් කුසලාන ජයග්‍රාහී පෙළපාළිය බොහෝ දෙනෙකුගේ නරකතම දවසක් බවට පත්වුනා.

The Leader Deskover 1 year ago
රොනාල්ඩෝ අල්-හිලාල් පිල සමග පාපන්දු සමාජ ලෝක කුසලාන තරග බිමට
ක්‍රීඩා

රොනාල්ඩෝ අල්-හිලාල් පිල සමග පාපන්දු සමාජ ලෝක කුසලාන තරග බිමට

පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කිරීම පිණිස ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජය වන අල්-හිලාල් කණ්ඩායම සමග එකඟත්වයකට එළඹ සිටින බව වාර්තා වනවා.

The Leader Deskover 1 year ago
පාපන්දු සමාජ ලෝක කුසලානයේ ක්‍රීඩා කරන්න කණ්ඩායමක් නැතිව රොනාල්ඩෝ අතරමං වෙලා
ක්‍රීඩා

පාපන්දු සමාජ ලෝක කුසලානයේ ක්‍රීඩා කරන්න කණ්ඩායමක් නැතිව රොනාල්ඩෝ අතරමං වෙලා

ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියට - 2025 FIFA Club World Cup

The Leader Deskover 1 year ago
සිම්බාබ්වේ පිතිකරුවාගේ විස්මයජනක පැය 24: Dinner එංගලන්තයේ, Breakfast & Lunch ඩුබායි-අබුඩාබි, ජයග්‍රහණය පාකිස්තානයේ
ක්‍රීඩා

සිම්බාබ්වේ පිතිකරුවාගේ විස්මයජනක පැය 24: Dinner එංගලන්තයේ, Breakfast & Lunch ඩුබායි-අබුඩාබි, ජයග්‍රහණය පාකිස්තානයේ

එංගලන්තයේ ටෙස්ට් ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කිරීමේ සිට ලාහෝර් නුවර පාකිස්තාන සුපර් ලීග් (PSL) අවසාන තරගයේ ජයග්‍රාහී ලකුණු වාර්තා කිරීම දක්වා සිම්බාබ්වේ පිතිකරු සිකන්දර් රාසාගේ විස්මයජනක පැය 24 පිළිබඳව ක්‍රිකට් ලෝකයේ කතාබහක් ඇතිව තිබෙනවා.

The Leader Deskover 1 year ago
ජගත් ක්‍රිකට් කෙළිබිමේ නව ලෝක වාර්තා 3ක්
ක්‍රීඩා

ජගත් ක්‍රිකට් කෙළිබිමේ නව ලෝක වාර්තා 3ක්

ජාත්‍යන්තර ක්‍රිකට් කෙළිබිමේ නව ලෝක වාර්තා තුනක් පසුගිය දිනවල බිහිවුනා. මෙයින් දෙකක් ටෙස්ට් පිටි‌යෙන් වාර්තා වූ අතර අනෙක වාර්තා වුනේ ජාත්‍යන්තර එක්දින තරග බිමෙන්.

The Leader Deskover 1 year ago
යුරෝපීය ලීග් පාපන්දු ජයග්‍රාහකයන්ට දෙන්න පදක්කම් මදිවෙලා
ක්‍රීඩා

යුරෝපීය ලීග් පාපන්දු ජයග්‍රාහකයන්ට දෙන්න පදක්කම් මදිවෙලා

යුරෝපීය ලීග් (Europa League) පාපන්දු කුසලාන ජයග්‍රාහකයන්ට පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී පදක්කම් අවසන්ව තිබීම හේතුවෙන්

The Leader Deskover 1 year ago
විනීසියස් ට අපහාස කළ ක්‍රීඩා ලෝලීන් පස් දෙනෙකුට ස්පාඤ්ඤයෙන් පළමු වරට වෛරී අපරාධයේ දඬුවම්
ක්‍රීඩා

විනීසියස් ට අපහාස කළ ක්‍රීඩා ලෝලීන් පස් දෙනෙකුට ස්පාඤ්ඤයෙන් පළමු වරට වෛරී අපරාධයේ දඬුවම්

ජාතිවාදී අපහාසය වෛරී අපරාධයක් බවට ප්‍රථම වතාවට තීන්දු කළ ස්පාඤ්ඤය රේආල් මෙඩ්රිඩ් ක්‍රීඩා සමාජයේ සුපිරි පාපන්දු තරුව වන විනීසියස් ජූනියර් ට වර්ගවාදී අපහාස සිදුකළ වයඩලේඩ් කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් පස් දෙනෙකුට සිරදඬුවම් නියම කළා.

The Leader Deskover 1 year ago
රොනාල්ඩෝගේ ශරීරය වයසට වඩා අවුරුදු 11කින් තරුණයි ලු
ක්‍රීඩා

රොනාල්ඩෝගේ ශරීරය වයසට වඩා අවුරුදු 11කින් තරුණයි ලු

සැබෑ වයසට වඩා තමා අවුරුදු 11කින් තරුණ බව ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ කියනවා. Whoop නමැති තාක්ෂණික ආයතනය විසින් කරන ලද

The Leader Deskover 1 year ago
බොක්සිං ලෝකය හඬවමින් එංගලන්ත ක්‍රීඩිකාව අඩු වයසේදී පිළිකාවට පරදී
ක්‍රීඩා

බොක්සිං ලෝකය හඬවමින් එංගලන්ත ක්‍රීඩිකාව අඩු වයසේදී පිළිකාවට පරදී

බොක්සිං ප්‍රජාව තුළ මහත් ආදරයට ලක්ව සෑම දෙනාගේම ගෞරවය දිනා ගෙන සිටි එංගලන්තයේ වෘත්තීය බොක්සිං ක්‍රීඩිකා ජෝර්ජියා ඔකොන (Georgia O’Connor) පිළිකාවට එරෙහිව කළ නිර්භීත සටනින් පැරදී 25 වැනි වියේදී මිය යාමේ දුක්මුසු පුවතින් බොක්සිං ලෝකය මහත් කම්පාවට පත්ව සිටිනවා.

The Leader Deskover 1 year ago
ටලිබාන් නියෝගයෙන් ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩා කිරීම තහනම්!
ක්‍රීඩා

ටලිබාන් නියෝගයෙන් ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩා කිරීම තහනම්!

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩා කිරීම දැන් තහනම් කර තිබෙනවා.ටලිබාන් යටතේ සද්ගුණයේ ව්‍යාප්තිය සහ දුසිරිත වැළැක්වීමේ අමාත්‍යංශයේ එක් ආඥාවකින් චෙස් ක්‍රීඩා කිරීම භයානක ක්‍රියාවක් බවට සැණින් පත්වුනේ එක් රැයකින්. චෙස් දැන් ‘හරාම්’. තහනම්.සූදු කෙළීම පිළිබඳව අවධානය යොමු කර වර්තමානයේ මේ ක්‍රීඩාව නිරීක්ෂණය කරමින් සිටින ටලිබාන් රජය ඇෆ්ගනිස්තාන ජාතික චෙස් සම්මේලනය (ANCF) ද අත්හිටුවා තිබෙනවා.ආගමිකව සැලකිලිමත් වීම පිණිස චෙස් ක්‍රීඩාව තහනම් කළ බව අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. රජුන්ගේ මේ ක්‍රීඩාව ආගමික හේතුන් මත සියුම් පරීක්ෂාවට ලක්වූ පළමු අවස්ථාව මෙය නෙවෙයි. “ෂරියා ඉස්ලාමීය නීතියට අනුව චෙස් සලකනු ලබන්නේ සූදුවක් ලෙසින්” යැයි ක්‍රීඩා අධිකාරියේ ප්‍රකාශකයෙක් පවසනවා. “චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් ආගමික සැලකිලිමත් වීමක් හටගෙන තිබෙනවා. මේවා පිළිබඳව සොයා බලන තෙක් චෙස් ක්‍රීඩාව ඇෆ්ගනිස්තානයේ තහනම්” යනුවෙන් ඔහු කියනවා. ඇෆ්ගනිස්තාන බලධාරීන් මෑත වසරවලදී අනෙකුත් ක්‍රීඩාවන්ටද සීමා පනවා තිබෙන අතර රට තුළ කිසිම ක්‍රීඩාවක් කිරීම කාන්තාවන්ට සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. පසුගිය වසරේදී, වෘත්තීය තරගාවලියක් වන මිශ්‍ර සටන් කලාව (MMA) වැනි නිදහස් සටන් ක්‍රීඩාවන් ද තහනම් කෙරුනේ ඒවා ප්‍රචණ්ඩත්වයෙන් වැඩි සහ ෂරියා නීතියට ගරු කිරීමේදී එය ගැටලු සහිත බවට ප්‍රකාශ කරමින්.මෙය තාවකාලික අත්හිටුවීමක් මිස තහනමක් නොවන බව ANCF නිලධාරියෙක් පවසනවා. “සම්පූර්ණයෙන්ම තහනම් කළ MMA ක්‍රීඩාව වගේ නොව චෙස් ක්‍රීඩාව නීතිවිරෝධී කර නැහැ. ආගමික හා පරිපාලනමය සමාලෝචනයන් පැවැත්වෙන අතරතුර එය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.” ඇෆ්ගනිස්තානයේ තිබෙන ජාතික චෙස් සම්මේලනයට පසුගිය වසර දෙකේදී ඵලදායී ක්‍රියාකාරකම් කිසිවක් නොතිබූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.“විධිමත් හෝ අවිධිමත් මට්ටමෙන් චෙස් ක්‍රීඩා කිරීමට මේ මොහොතේ අවසර නැහැ” යනුවෙන් ANCF සභාපති Ghulam Ali Malak Zad පවසනවා.“තාවකාලික තහනම යන වචනයෙන් සමාලෝචන කාලයක් පිළිබඳව හැඟීමක් ඇතිවුනත් චෙස් ක්‍රීඩාව නැවත ආරම්භ කරනවාද, ආරම්භ කරනවා නම් ඒ දිනය කවදාද යන්න පිළිබඳව කිසිම කාල රාමුවක් හෝ මාර්ගෝපදේශයක් ලබා දී නැහැ” යනුවෙන් සභාපතිවරයා සඳහන් කරනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇෆ්ගන් චෙස් සම්මේලනයට ඔවුන්ගේ නිල මෙහෙයුම් නතර කිරීමට බලකර තිබෙන අතර උද්‍යාන හා ක්‍රීඩා සමාජ වැනි ප්‍රසිද්ධ ස්ථානවල ඇෆ්ගන් ජනතාව නිදැල්ලේ විනෝදයට කරන චෙස් ක්‍රීඩාව පවා තහනමට ලක්ව තිබෙනවා. චෙස් ක්‍රීඩකයන් අවිනිශ්චිත භාවයට මුහුණ දී සිටින අතර ඔවුන් ආදරය කරන ක්‍රීඩාවේ සාමාන්‍ය පරිදි නියැලීම පවා අවදානමක් බවට පත්ව තිබෙනවා. | ANCF සභාපති Ghulam Ali Malak Zad “මේ අභියෝග මධ්‍යයේ වූවත්, ඇෆ්ගන් චෙස් සම්මේලනයේ සභාපති වශයෙන් මම මීට පෙර මෙන් දැනුත් ක්‍රීඩකයන් වෙනුවෙන් කැපවී සිටිනවා. රටින් පිටුවහල්ව සිටිමින් දිගටම තරග කරන ඇෆ්ගන් නියෝජිතයන් හා ශූරයින් අපේ චෙස් උරුමයේ ධජය ප්‍රාණවත්ව තබාගෙන සිටින අන්දම දකින විට අපමණ සතුටක් දැනෙනවා. මේ තනි පුද්ගලයන් නිකම් ම ක්‍රීඩකයන් පමණක් නෙවෙයි. ඔවුන් අපේ ජාතික අනන්‍යතාව හා ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ අපේ තානාපතිවරුන්.” චෙස් ක්‍රීඩා කිරීමේදී කිසිම ඔට්ටු ඇල්ලීමක් සිදු නොවූ බවත් අනෙකුත් බොහෝ ඉස්ලාමීය රටවලට ජාත්‍යන්තර මට්ටමේ චෙස් ක්‍රීඩකයන් සිටින බවත් මිත්‍රශීලී චෙස් නිතරම ක්‍රීඩා කෙරෙන ඇෆ්ගනිස්තානයේ කුඩා ‌තේ කඩේක හිමිකරුවෙක් කියා සිටිනවා.තමා මේ චෙස් ක්‍රීඩා අත්හිටුවීමට ගරු කළත් එය තමාගේ බිස්නස්වලට පාඩුවක් සහ චෙස් ක්‍රීඩාවෙන් විනෝද වූ අයට වේදනාවක් බව ඔහු කියනවා. “මේ දවස්වල තරුණ පුද්ගලයන්ට විනෝද වෙන්න ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් නැහැ. ගොඩක් අය හැමදාම මෙතැනට ආවා. ඔවුන් තේ කෝප්පයක් රස විඳිමින් ඔවුන්ගේ මිතුරන්ට චෙස් තරගයකට අභියෝග කරනවා.”ජාත්‍යන්තර චෙස් සම්මේලනයේ (FIDE) හිටපු සභාපති Kirsan llyumzhninov මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින්, චෙස් ක්‍රීඩාව තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි කරන ඉල්ලීමක් සමග ටලිබාන්වරුන්ට ඇපෑලක් තමා සූදානම් කර තිබෙන බව කියා තිබෙනවා.ටලිබාන්වරු 1996 වසරේදී ඇෆ්ගනිස්තානයේ බලයට පැමිණි වහාම ද චෙස් ක්‍රීඩාව තහනම් කළා. එහෙත් 2001 වසරේ එම ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව චෙස් ක්‍රීඩාව කාලය ගෙවා දැමීමේ ජනප්‍රිය ක්‍රියාවක් ලෙස නැවත පැමිණියා. 2018 වසරේ පැවති Batumi Olympiad තරගාවලියේදී ඇෆ්ගනිස්තානය CM Khaiber Farazi, CM Habibullah Amini, Wais Abdul Khaliq, Ashrafi Sulaiman Ahmad සහ Safy Kanz Ahmad යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම මාර්ගයෙන් ‘ඩී’ අංශය ජයග්‍රහණය කළා. ටලිබාන් නැවත වරක් 2021 වසරේදී රටේ පාලනය අත්පත් කරගත් අතර ඔවුන් දැන්‌ මේ තහනම ප්‍රකාශ කර තිබෙනවා.ආගමික හේතුන් මත චෙස් ක්‍රීඩාව තහනම් කිරීමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. සදාම් හුසේන් ට පසු යුගයේදී ඉරාකයේ පූජකවරුන් ඉරාකයේ ද, 1981 වසරේදී අයතුල්ලා කොමේනි ඉරානයේ ද චෙස් ක්‍රීඩාව තහනම් කෙරුවා. David Shenk ගේ The Immortal Game පොතට අනුව, චෙස් ක්‍රීඩාවට එරෙහිව ඉස්ලාමීය නීතියක් මුලින්ම පනවා තිබෙන්නේ වසර 655දී Caliph Ali Ben Abu-Talib විසින් වන අතර 780 වසරේදී Abbasid Caliph al-Mahdi ibn al-Mansur විසින් තවත් තහනමක් පනවා තිබෙනවා. | Caliph Ali Ben Abu-Talib මධ්‍යතන යුගයේ මුල් අවධියේ සිට 13 වැනි ශතවර්ෂයේ මැද වනතෙක් කතෝලික පල්ලිය චෙස් ක්‍රීඩා කිරීම අඛණ්ඩව තහනම් කළේ එය චෙස් හා දාදු කෙළීම අතර පැහැදිලි වෙනසක් නොපෙන්වූ බැවින්. 1061 වසරේදී කාඩිනල් බිෂොප් Petrus Damiani විසින් පාප් වහන්සේ ලෙස තේරුණු දෙවැනි Alexander සහ Archdeacon Hildebrand (පසුව හත්වැනි Gregory පාප් වහන්සේ) වෙත යවන ලද ජනප්‍රිය ලිපියකින් සමහර පූජකවරුන් චෙස් ක්‍රීඩාව ඇතුළු විනෝදකාමී ක්‍රියාකාරකම්වලට සහභාගි වෙමින් පව්කර ඇති බව කියා තිබෙනවා.වාසනාව සම්බන්ධ වන අනෙකුත් ක්‍රීඩා මෙන් නොව චෙස් යනු නිපුණතාව මත පදනම් වූ ක්‍රීඩාවක් බවට තර්ක කරමින් ෆ්ලොරන්ස් හි බිෂොප්තුමා ඔහුගේ චෙස් ක්‍රීඩාව සාධාරණීකරණය කළ බව ද ඉතිහාසයේ සඳහන්.(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීgunasekera33@gmail.com

The Leader Deskover 1 year ago
ඔලිම්පික් බිරිඳගේ මරණය සිදුකළ ලෝක පාපැදි ශූර සැමියාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක්
ක්‍රීඩා

ඔලිම්පික් බිරිඳගේ මරණය සිදුකළ ලෝක පාපැදි ශූර සැමියාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක්

ඔලිම්පික් පාපැදි ක්‍රීඩිකාවක මෙන්ම තම බිරිඳ ද වන මෙලීසා හොස්කින්ස් (Melissa Hoskins) වාහන අනතුරකින් මිය යාමේ සිද්ධියට හිටපු ලෝක පාපැදි ශූර රොහාන් ඩෙනිස් (Rohan Dennis) ට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් නියම වී තිබෙනවා.

The Leader Deskover 1 year ago
රොනාල්ඩෝගේ 14 හැවිරිදි පුතා පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගනී
ක්‍රීඩා

රොනාල්ඩෝගේ 14 හැවිරිදි පුතා පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගනී

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ 14 හැවිරිදි පුතා පෘතුගාලයේ අවුරුදු 15න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ පළමු ගෝලය ඉරිදා වාර්තා කළා.

The Leader Deskover 1 year ago
ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වීමේ පුවත හිතලුවක් පමණකැයි BCCI කියයි
ක්‍රීඩා

ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වීමේ පුවත හිතලුවක් පමණකැයි BCCI කියයි

පිරිමි ආසියානු කුසලානය හා කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය යන තරගාවලියන්ගෙන් ඉන්දියාව ඉවත් වීමට තීරණය කර ඇති බවට මාධ්‍යවල පළවූ වාර්තා අනුමානයක් සහ සිතින් මවා ගැනීමක් පමණක් බවට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පවසා ඇතැයි ‘පී.ටී.අයි.’ පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

The Leader Deskover 1 year ago