විදේශ
Showing page 102 of 134 (2,003 articles)

හේග් අධිකරණයේ 'අන්තෝ ජටා බහි ජටා'
ජාත්‍යන්තර අධිකරණයේ අපක්ෂපාතීත්වය පිලිබඳ ඊශ්‍රායලය ප්‍රශ්න කර සිටී.

කිව් අගනුවරට රුසියානු මිසයිල ප්‍රහාරයක්
අද උදෑසන රුසියාව, යුක්‍රේනයේ කිව් (Kyiv) අගනුවරට දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

ඉන්දුනීසියාවේ බාලි නුවර ගුවන් ගමන් නතර වේ
වර්ජින් ඕස්ට්‍රේලියා (Virgin Australia) ගුවන් සේවය, ඉන්දුනීසියාවේ බාලි නුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන සිය ගුවන් ගමන් සියල්ල අද තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තේය.

උතුරු කොරියාව සහ රුසියාව අතර ආරක්ෂක ගිවිසුමකින් හමුදා හුවමාරුවට දොර ඇරේ
උතුරු කොරියාව සහ රුසියාව අතර පසුගිය මස අත්සන් තැබුණු අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමක්, උතුරු කොරියාව පසුගිය දා අනුමත කළේය.

ලෙබනනයට දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර - හිස්බුල්ලා වෙතින් ඊශ්‍රායලට ඩ්‍රෝන ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ඊයේ (12) ලෙබනනයට යළිත් වරක් දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළේය. ලෙබනනයේ බීරුත් අගනුවර දකුණු තදාසන්න පෙදෙස් වෙත එම ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා පේජර පිපිරවීමේ වගකීම පිළිගනී
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සතු සන්නිවේදන පේජර තොගයක් පසුගිය සැප්තැම්බර් මස දුරස්ථව පුපුරා යාමට සැලැස්වීමේ ලොව නවතම සයිබර් ප්‍රහාරය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනුමත කළේ යැයි, එම කාර්යාලයේ නිල ප්‍රකාශක ඔමේර් දෝස්ත්‍රී (Omer Dostri) විසින් ප්‍රකාශ කර තිබේ.

භූතානය මනස් සුවතා නගරයක් ඉදි කිරීමට සැරසේ
දළ ජාතික සතුටු දර්ශකය පිළිබඳ සංකල්පය ලොවට හඳුන්වාදුන්, හිමාලයීය බෞද්ධ රාජ්‍යයක් වන භූතානය, 'මනස් සුවතා' නගරයක් ඉදිකිරීමට සැරසේ.

'හිස්බුල්ලා ත්‍රස්තවාදීන් පරාදයි' - ඊශ්‍රායල නව ආරක්ෂක ඇමති
ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පරාජය කර ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් (Israel Katz) ඊයේ (10) පැවසීය.

යුක්‍රේනයෙන් මොස්කව් අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්
අද යුක්‍ර්නය රුසියාවේ මොස්කව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.

විවේකී ඉරිදා උතුරු ගාසාවේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 40ක් මරුට
උතුරු ගාසා තීරයේ අද සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඉන්දුනීසියානු නව ජනපතිගේ පළමු නිල සංචාරය චීනයට
චීනය සහ ඉන්දුනීසියාව අතර නව වෙළඳ සබඳතා තර කෙරේ. ඒ අනුව, ලිතියම්, නව බලශක්ති මෝටර් රථ, හරිත බලශක්ති සහ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව දෙරට විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.

'ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මෙතෙක් මියගිය 70%ක් කාන්තාවන් හා ළමුන්' - එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි
ගාසා තීරයේ ඉකුත් පැය 24 ක ආසන්න කාලයක සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ 44 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන් වැඩි පිරිස ළමුන් බව වාර්තා වේ.

කැනඩාවෙන් H5 කුරුළු උණ රෝගියකු හමුවේ
කැනඩාවේ බටහිර බ්‍රිටිෂ් කොලොම්බියාවෙන් (British Columbia), H5 කුරුළු උණ රෝගියකු හඳුනා ගැනේ. H5 කුරුළු උණ ප්‍රභේදය වැළඳුනු බවට අනුමාන කෙරෙන රෝගී ශිෂ්‍යයකු එරටින් හමු වී ඇතැයි කැනඩා සෞඛ්‍ය අංශ ඊයේ (9) නිවේදනය කළහ.

'ගාසා සටන් විරාමයකට තවත් මැදිහත්වන්නේ නෑ' - කටාර් රාජ්‍යය
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ බරපතල ලෙස අවධානය යොමු කරන තෙක්, ඒ සම්බන්ධ සාධනීය මදහත්වීම් වලින් ඉවත් වන බව කටාර් රාජ්‍යය ඊයේ (9) දෙපාර්ශ්වය වෙත ම දන්වා යැවීය.

අහක යන නයි සළුවේ දමාගෙන නහින්නට යන කටාර් රාජ්‍යය
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම පිලිබඳ නවතම යෝජනාවක් හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

