1200 x 80 DMirror

 
 

(Prasanna Weerakkody- Paintings)

ක්‍රි.පූ. 377 අවුරුද්දේ නිකිණි මහේ (සැප්තැමිබරය) සිදුවන ජාතික සම්මුතිය ඒකීය රටක්ද එක්සත් ජාතියක්ද තිරසර අගනුවරක්ද බිහි කළේය.


පණ්ඩුකාභය දවල් රජුද අභය රූ රජ්ජුරුවන්ද වී ඇරඹෙන මේ අමුතු සුසංයෝගයට බැදී ගෙතී ඇති විචිත්‍ර දේශපාලන අන්දර අපමණය.

රණකාමය ප්‍රිය කරන ඉතිහාස මතු කිරීම නිසා මෙම උත්තර මානුෂික සිදුවීම් නූතන සිතුම් පැතුම් වලට ලගා වීද නැත. ඉතිහාසයට වෙන් වු හැම ඉඩම අල්ලාගෙන ඇත්තේ බෙදීමටම ඉව අල්ලන බෙදුම්වාදීන්මය.


සිරිලක සිනමාවේත් ගීතයෙන් සාහිත්‍යයෙන් වාර්තාකරණයෙන් මාධ්‍ය වලත් මේ දුක්ඛිත ඉරණම අධිපති වී ඇත. වඩාත් ශෝචනීය වන්නේ රටේ අධ්‍යාපන විෂය පථය ද ඉතිහාසය නමින් නිර්දේශ කර ඇත්තේ යුද්ධයට බැදුනු ඉතිහාසයම වීමය. තව දුරටත් රටක් ජාතියක් ආණ්ඩුවක් විදියට කවර හේතුවක් නිසා බෙදුම්වාදය නඩත්තු කරන්නේද?.


ඇත්තටම ක්‍රි.පූ. 377 දී එළඹ ගත් බහුවිධ මනුෂ්‍යත්යේ ජාතික සම්මුතිය ගැන මෙනෙහි කර ගන්නට අවකාශය අහිමි වූයේ ඒකමය.



දැන්වත් ඉතිහාසය බෙදුම්වාදීන්ගේ දඟ ගෙයින් මුදවා ගත යුතුය. ඉතිහාසයට නිදහස ඉල්ලා අරගල කළ යුතුය. එවිට නිරායාසයෙන්ම මනුෂ්‍යාට නිදහස ලැබෙනු නියතය. එ මිනිස්කමේ නිදහස විසින් සිංහලයන් ද මුස්ලිම්වරුන් ද දෙමළයන් ද නිදහස් මිනිස්සුන් කරනු ඇත. එවිට නිදහස් මිනිසුන් නිදහස් ලොවක් සඳහා නිර්මාණශීලී වනු ඇත. එවිට යළිත් සිරිලකවාසීන් නිර්මානශීලී ජාතියක් බවට පත් වනු නියතය.

sacred bo tree anuradhapuraඅනුර නුවර තවමත් ලොව ඇති සජීවී එකම නුවරය.


රටත් ජාතියක් බිහිවීමට බස, ජාතිය, භූමිය, ආර්ථිකය වගේමය එහි අගනුවර. ඒ අතින් සිරිලක් වැසියා අග්‍රගණයේ වැජඹිනි. ඒ ලොව දියුණුම තිරසර අගනගරය තැනූ නිසාය.

ඒ අගනුවරට ගෙවැදුනේ ක්‍රි.පූ. 377 නිකිණි සඳ සිරිලක අහස මැදින් ලම්බක වූ පුන් පොහෝදාය. අනුර නුවර තවමත් ලොව ඇති සජීවී එකම නුවරය. අන් සියලු  පුරාණ අගනුවරවල් කෞතුක නගර වී ඇත. ඒත් අනුර නුවරට අගනුවර අහිමි වුවද තවමත් එය සජීවී නුවරක් සේ තිරසර වී ඇත.

තිරසර සංවර්ධනය ලෝක පැවැත්මෙහි සංවර්ධන මාදිලිය වී ඇති මෙකල මේ සිදුව ඇත්තේ අනුර නුවරට අනුගත වන වැඩ තාලය සොයා යාමය. මේ වගේ දියුණු නවීණ සිතුම් වලින් ලොව නැගිටින විට සිරිලක බෙදුම්වාදයේ සිතුවිලිවලින් ඉතිහාසය තවමත් වසා තබාගෙන ඇත.

ඉතින් අනුර නුවර තිරසර වූයේ වැව් කෙත්වතු, උයන්, විල්, පොකුණු, වන වියන්, සතා සිව්පා, සහ කළාගාර, ආරාම, මහජන ගොඩනැගිලි, වීදි පාරවල් හා සුපිරි ජනඝනත්වයක් සහිතවය. ඒ ජන ඝනත්වයහි බහුවිද වීමද තිරසර වූ අරුමයහි අපුරුව වී ඇත්තේය.


ගෙවිදුණු නැකතේදීම අනුර නුවර අගනගරය බහු වාර්ගික මුසුවෙන් විකසිත කරලීමට පණ්ඩුකාභය ශාක්‍යසිංහ වගේම අභය විජය සිංහ ගත් අරුම දනවන පියවර ශිෂ්ඨ ජාතියක ඇරඹුම වූයේය.


“යොන් ලියන්” කවුද ?



ඒ වන විට සිරිලක පුරා බැදීමක් ඇතිව මෙහි දිවි ගෙව් ලෝක ජාලයක් සහිත ජාතිය වූයේ යොනකයන්ය. යොනකයන් සේ අතීත තතු අන්දරයේ ලියවි ඇත්තේ යවන යන්ය. යවනයන් ගැන අරුත තෝරා ගන්නට නම් පුරාණd 10 නිරුක්ති ශාස්ත්‍රයට පියමැන බැලිය යුතුය. එවිට අනුරනුවරට ගෙවිදුණු නැකැතේදීම පණ්ඩුකාභයට හා අභයට හමු වූ යොනකයන් කවුදැයි වැටහේ.

නිරුක්ති ශාස්ත්‍රයට අනූව ‘යොන්’ යන වදන යෙදී ඇත්තේ අයෝනියානුවන් හැදින්වීම සදහාය. පහුව එම වදන ‘යවන’ සේද අරුත් ගැන්වී ඇත්තේය. එතකොට අයෝනියානුවන් සේ ග්‍රීකවරුන්ද තව විටෙක ග්‍රීකයන් යවනයන්ද සේයෙදී අරුත් ගන්වාගෙන තිබේ. පසුව  ග්‍රීක අයෝනියානුවන් අතරින් වෙන්වන අරාබීන් හැදින්වීමට යොන්, යවන යොනක යන්න භාවිතා වන්නට පටන් ගන්නේය.

එසේ නම්, ඉතා පැහැදිලිය. කුමක්ද?. එදා කියන්නේ ක්‍රි:පු 377 අවුරුද්දේ අනුරනුවරට ගෙවිදුන නැකතේ හමුවන “යොන් ලියන්” කවුදැයි කියා. මේ කවරෙකුන්වත් නොව යොනකයන්ගේ ස්ත්‍රීන්ය. පොදුවේ ගත් විට යොනකයන්ය. යොනකයන් කීවේ පුර්ව ඉස්ලාමීයන්ටය.



එ අනුව ඉස්ලාමියන් සිරිලක පුරවැසි අයිතිය හිමි කර ගන්නේ ක්‍රි:පූ 377 දීය. එ දවස අනුරනුවර නාගරික පෙදෙසක් වෙන් කර රාජ්‍ය සේවයට පත් යොනකයන්ගේ කථාව අසිරිමත් කරන්නේ යොන් ලියන්ය.



‘යොන් ලියන්’ සේ පද වරුණාවක් බැද තබන්නේ මේ ගැන කමණීය කවි පද ගෙතූ සිංහල සංදේශ කවිහුය. ඒ අතරින් කෝකිල සංදේශය සහ ගිරා සංදේශය මුල් පෙලේ වේ. කෝකිල සංදේශය කිවිදු ස්වකීය 74 වන කවි පැදියෙන්ද ගිරා සංදේශ කවියන්ද්‍රයාණන් 104 වන පද පෙළහරින්ද “යොන් ලියන්” ගැන කදිම අන්දරයක් මතු කරයි.

මේ චිත්‍රණය කර ඇත්තේ ක්‍රි:පු 377 සිදුවීමේ නින්නාද යයි. එනම්  මහවංශයහි ශාස්ත්‍රීය තතු විත්තිය රමණිය කවි බසකින් තිව්ර කිරීමය. එවිට හැගෙන හැගීම කුමක්ද?. යොන් ලියන් මේ තරම් අවධානයට පාත්‍ර වුයේ මන්ද යන්නය.

ඇත්තටම යවනයන් යොනකයන් හෙවත් ඉස්ලාමීයන් සිරිලකදී බිරිදන් කර ගත්තේ සිංහල ලියන් හෝ දෙමළ ලියන්ය. ඒ අතර තම රටින් “යොන් ලියන්” ගෙන ඒමට වරම් තිබුනේ අතිප්‍රභූ යොනක වංශවත් පුරුෂයන්ටය. එතකොට ක්‍රි:පූ 377 දීත් එවන් සුවිශේෂ  යොන් ලියන් මෙහි අවුත් සිටි වග පෙනේ. ඒ අතර සිරිලක රජුගේ බිසව් මණ්ඩලයහි යොන් ලියන් සිරියහන් දේවියන් ලෙසද වැජඹි ඇති තතුද වේ.



සිංහල රජුගේ සිරියහනහි සැතපු එවන් යොන් ලියන් අතර තුන්වන විජයබාහුගේ යොන් ලිය “නර්දිනා” සුවිශේෂ වන්නේය. එ ඈ තෙමේ තම කුසට රජු ලවා පුත් කුමරෙකු වඩමවා ගත් නිසාය. එයතවත් දිගු කථාවක් ලියන්නේ එ පුතු දඹදෙණිය ශෛල නුවරින් සිරිලක රජ පදවි ගත් නිසාය. එ කථාව හද දෙදරවන කම්පිතයක් වන්නේ එ රජු කුමරු ඇතුගලින් පහලට පෙරලා මරා දැමු කම්පිතය නිසාය.


ඉන්පසු යොන් ලියන් සිරියහන් මණ්ඩලයහි උන්නාදැයි නිසි තතු නැත. ඒත් රහසින් රහසේ සිංහල නරපතින් රස බැලූ යොන් ලියන් ගැන කතා අන්දර බොහෝය. වෙසසින්ම කෝට්ටේ මහනුවර රජුන් එවන් රහසේ රස විද බැ`ඵ යොන් ලියන් හා බැදුණු තතු රහස් නොවී, රස වෑහෙන මහජන රහස් සේ එකළ ජන පවතින් නූතන පද අරුතට ද එක්ව ඇත.


මේ කිසිවක් මතු කර තබන්නටත් බෙදුම්වාදින් ඉඩ නොදේ.



Muslim12 1

(ජායා - vikalpa.org)


ක්‍රි:පු 377 දි එකට බැදුණු ජාතික ප්‍රේමය සිංහලයන් හා යොනකයන් නොබිදා ගෙන වසර දෙහස් තුන්සියක්ම ඇවිත් ක්‍රි:ව 1915 බිද දමා ගත්තේය. ඒ 1915 සිංහල මුස්ලිම් අරගලය අවුලාගෙනය. ඒත් පුදුමය  මෙතුවක් තරම් දුරක් නොගැටී ආ හැටිය. ඒ හැටිය විදියක් කලේ යොන් ලියන්ය.



යොන් ලියන් වූ සිංහල ලියන්ද, දමිළ ලියන් ද මැද ජානගත යොන් ලියන්ද සිරිලක ලියා ඇති රමණීය ඉතිහාසය එළියට ඇද ගත යුතුය. එහෙම විවෘත කර ගෙන බැදීමක බිදීම අවසන් කළ යුතුය. මෙතරම් වෙනස් ජාතීන් දෙකක් මේ තරම් දිගු සහවාස ප්‍රේමයක ස්වීය අනන්‍යතාවක් තබාගෙන පැමිණ ඇත්තේය. එ පැමිණීම ලෝක මට්ටමේ පරමාදර්ශීය පැවැත්මකි.

මඟ හැරුණු ඉතිහාසය හා අමතක කළ ඉතිහාසය ද වසන් කරන ඉතිහාසය ද නමින් ඉතිහාසය බොහෝ පුළුල් ය. එ පුළුල් ම ඉතිහාසය ඉතිහාසයය. ඉතිහාසය බෙදා ගත්තහම රට වැසියා බෙදි යන්නේය. එතකොට යටත් වැසියන් බිහිකර ගත හැකිය. ඇත්තටම රජවරු ඇති කළේ යටත් වැසියන් බව පිළිගැනෙන කථාවකි.



එත් සිරිලක ක්‍රි.පූ. 377 දී බැදගත් සම්මුතියේ රට වැසියා යටත් වැසියාගෙන් වෙනස් කොට පුරවැසියා බවට පත් කර තැබුවේය. ඒ පුරවැසි අයිතිය, සම පෙළ හිදගෙන විදගන්නට යොනකයන්ටත් සමවැසි ඉඩ ලැබුනේය. ඉතිහාසයෙන් පෙරා ගත යුතු මේ තරම් ලෝක වටිනාකමක් අපට ඇත්තේය. එවන් වටිනාකමක් ඇති වටපිටාවක් ලියා තැබූ මහසාර ඉතිහාස පොත වසා ගෙන ඇති බෙදුම්වාදි බෙබද්දන්ගෙන් එය නිදහස් කර ගත යුතුය.



ඒ නිදහස් අරගලයට ඇති මඟ බාධව වන්නේ සම්මුතිය ඇත්තේ ලෝක සංකල්ප තුල බවටත් සිංහල සංකල්පය පටු හීන බවටත් වූ ඇදහීමය...

නැත ඇත්තටම සිංහල සංකල්පය උපත ලබා ඇත්තේ මහා මනුෂ්‍යත්වයටත් ඔබ්බෙහි වූ මහා කරුණාව පදනමහි තබාගත් ලෝක ෂත්වයාටම විෂය වූ ධර්මතාවය මතය. යොන් ලියන් හා එක්ක සිතුවිලි සහවාස ගත වූ විට මෙය අගේට වැටහේ.

Sujith 2021

(සුජිත් අක්කරවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.






 

කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි


ශාසනයත් දේශපාලනයත් බේරාගත් මධුසාදය -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

  

'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip 

Shorts වරදට කිපෙනු සටනට වැද ජය ලබනු - සීතා කියු කවි / Seetha Arambepola

 

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්