BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ හිඟය සර්වකාලීනයි - ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ඖෂධ අනුකමිටු සභාපතිනිය ඖෂධ නඩුවේදී කියයි

T

The Leader

March 21, 2026 • 4:08 AM

ඖෂධ හිඟය සර්වකාලීනයි - ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ඖෂධ අනුකමිටු සභාපතිනිය ඖෂධ නඩුවේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඖෂධ හිඟය සර්වකාලීන වන අතර අද වන විටද ඖෂධ හිඟයක් ඇති බවත්, ශුන්‍ය ඖෂධ තොග ඇති බවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී,
  •   මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරමින් සිටි තමන් සුව මීගමුව වෛද්‍ය අධිකාරීවරිය ලෙස පත්වූ බවද, වෛද්‍ය පරිපාලන සේවයට එක්වීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොරුවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.
  •    ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන කමිටුව විසින් අදාළ අනුමත කළහොත් එම ඉන්වොයිස් පත් හා පෝරම රැගෙන යන ලෙස සැපයුම්කරුවන්ට දැනුම් දීමද තම අනුකමිටුව මගින් සිදුකරන බව සාක්ෂිකාරිය සඳහන්  කළාය.
  •   ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ "අදාළ ඉන්වොයිස් පත් සහ ගැනුම් ඇනවුම් පරීක්ෂාකර ඒවා පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කර ඊට කමිටු සාමාජිකයන් සියලු දෙනාම ඊට අත්සන් තබනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (20) ප්‍රකාශ කළාය. 

2022 වසරේදී පැවති ඩොලර් හිඟය හේතුවෙන් මෙරට තුළ ඖෂධ හිඟය තීව්‍ර වීම වැළැක්වීම සඳහා ,ඉන්දියානු ණයයෝජනා ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් ඖෂධ ගෙන්වීමේ දී ප්‍රමුඛතා ලේඛන පිළිබඳව අවධානය යොමු කළ බව ඇය සඳහන් කර සිටියාය. 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ  ඖෂධ සැපයීම සඳහා අයදුම්කළ ඉල්ලුම්කරුවන්  එම අයදුම්පත ඉල්ලා අස්කර ගැනීම හෝ අවලංගු කර   තිබේ නම් එය යහපත් ප්‍රවණතාවක් නොවන බැවින්  දඩ මුදල් අය කරගන්නා ලෙස නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් වරයා විසින් ප්‍රධාන කමිටුවට ලිඛිතව දැනුම් දී තිබූ බව ද  ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
 
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති  නඩුවේ 203 වන  සාක්ෂිකාරිය ලෙස හතර වන දිනටත් සාක්ෂි ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කැදවන ලදි.
 
එහිදී  අද දිනට නියමිත හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින් තුන්  වන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  ඉසුරු ජයවර්ධන මහතා වෛද්‍ය සැපයුම් අංශයේ සොලමන් හා චාන්දනී යන මහත්මීන් කාර්ය සාධක ඉන්වොයිස් පත් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් කරුණු විමසා සිටියේය.. 
 
අදාල ලේඛන පරිහරණය කරමින් ඊට පිළිතුරු ලබා  දුන් සාක්ෂිකාරිය ඔවුන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව ඉන්වොයිස් පත් විසි තුනක් අත්හිටුවීමට ක්‍රියා කළ බව සඳහන් කළාය.
 
අනතුරුව මෙම නඩුවෙහි දහවන විත්තිකරු  වෙනුවෙන් පෙනී සිටිත් ජනාධිපති නීතීඥ ප්‍රියන්ත නාවන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම  ආරම්භ කරමින් ඇයගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළේය .
 
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරමින් සිටි තමන් සුව මීගමුව වෛද්‍ය අධිකාරීවරිය ලෙස පත්වූ බවද, වෛද්‍ය පරිපාලන සේවයට එක්වීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොරුවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.
 
සේවා අවශ්‍යතා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහාද විදෙස් රට ගතව කටයුතු කළ බවද ඇය සඳහන් කළාය. 
 
2022 වසරේදී මාර්තු මාසයේදී ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඖෂධ සඳහා වන අනුකමිටුවේ සභාපතිනිය ලෙස පත් වූ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.  
ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ අනුකමිටු තුනක් තිබූ බවත් එම කමිටු තුනට අදාළ ප්‍රධාන කමිටුවක් තිබූ බවත් එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සම්බන්ධීකරණ කමිටුවක් තිබූ බවත් සාක්ෂිකාරිය  කියා සිටියාය. 
 
"ඖෂධ අනුකමිටුවෙන් මොකක්ද කළේ ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුව,  රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් හා ඊට අනුබද්ධ ආයතනවලින් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් හා නිෂ්පාදකයන්ගෙන් හා වෙනත් අයගෙන් ලැබෙන කාර්ය සාධන ඉන්වොයිස් පත් වූ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ගනු ලබන තීරණය  ප්‍රධාන කමිටුවට ඒ බව දැන්වීම අනුකමිටුව මගින් සිදු කරන බවය.
 
 ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන කමිටුව විසින් අදාළ අනුමත කළහොත් එම ඉන්වොයිස් පත් හා පෝරම රැගෙන යන ලෙස සැපයුම්කරුවන්ට දැනුම් දීමද තම අනුකමිටුව මගින් සිදුකරන බව සාක්ෂිකාරිය සඳහන්  කළාය.
 
"එම පෝරම වල මොනවද තිබෙන්නේ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර එම පෝරම වල තිබෙන දේ තමන් නොදන්නා බවත්, ඉන්වොයිස් පත් සලකා බැලීමේ ක්‍රියාවලියෙන් අනතුරුව සැපයුම්කරුට ඒ බව දැන්වීමත් සමඟ තමන්ට පැවරී ඇති රාජකාරීමය වගකීම අවසන් වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"මෙම ක්‍රමය යටතේ ඉන්දියාවෙන් පමණයි නේද බෙහෙත් ගන්න පුළුවන්කම තිබ්බේ? යනුවෙන් නීතිඥ ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියෙන් "විමසීමක් කළේය. 
එහෙමයි, ස්වාමීනී" යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය. 
 
රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් ඖෂධ මිලදී ගැනීම් සිදුකරන බව සාක්ෂිකාරිය එහිදී තවදුරටත් සඳහන් කර සිටියාය. 
 
aurvedic center
"රාජ්‍ය අංශයේ ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන දෙකක් තියෙනවා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී spc සහ msd තියෙනවා. ඊට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව  තිබෙනවා. ඔවුන් ඖෂධ නිෂ්පාදකයන්ගේ ඇනවුම් අනුව නිෂ්පාදනය කරනවා.  එම ආයතනය ආදායම් උත්පාදනය කරන ආයතනයක්. ඔවුන්ටත් තමන්ගේ නිෂ්පාදන කටයුතු කිරීමට ගැනුම් ඇණවුමක් ලැබිය යුතුයි." යනුවෙන් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.  
"ඖෂධ මිලදී ගැනීම සඳහා ගැනුම් ඇනවුම සහ ඉන්වොයිස්පත් යන දෙකම ඔබේ අංශයට ඉදිරිපත් කළ යුතුයි නේද ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරයකින් විමසා සිටියේය .
 
ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ "අදාළ ඉන්වොයිස් පත් සහ ගැනුම් ඇනවුම් පරීක්ෂාකර ඒවා පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කර ඊට කමිටු සාමාජිකයන් සියලු දෙනාම ඊට අත්සන් තබනවා. අනතුරුව එය ප්‍රධාන කමිටුවට යවනු ලබනවා. ප්‍රධාන කමිටුව මුල් ලේඛන කිසිවක් පරීක්ෂා කරන්නේ නෑ. අනුකමිටුවේ සටහන් පමණයි බලන්නේ එම අනු කමිටුවේ තීරණ සලකා බලා සම්බන්ධීකරණ කමිටුවට අදාල තීරණය දැනුම් දෙනවා. අනතුරුව අදාළ සැපයුම්කරුවන් තෝරා ගත් බව  ඔවුන් අපට දැනුම් දීමෙන් පසුව එම සැපයුම්කරුවන්ට අප දැනුම් දෙනවා අදාල ඉන්වොයිස් පත් සහ පෝරම රැගෙන සම්බන්ධීකරණ කමිටුවට යන ලෙස" යනුවෙන් සාක්ෂිකාරිය දීර්ඝ පැහැදිලි කිරීමක් ඒ සම්බන්ධයෙන් සිදු කළාය. 
 
"සම්බන්ධීකරණ කාර්යාලයෙන් එම ලේඛන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යවන බව ඔබ දන්නවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය .
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කරේ එම ලේඛන යවන ක්‍රමය පිළිබඳව තමන් නොදන්නා බවය. එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යවන්නේ ද යන්න පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොමැති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.  
 
2024 ජනවාරි මස 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකාරියගෙන් ‍ප්‍රකාශයක්සටහන් කර ගත්තේ ද යන්න පිළිබඳව විමසා සිටි ජනාධිපති නීතිඥවරයා  "අදාල ලේඛන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යවන බවට" එම ප්‍රකාශයේ සඳහන්ව ඇති බව සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළේය.
 
lawyer female
"එහෙම ප්‍රකාශයක් කර ඇත්නම් එය  හරි වෙන්න ඇති. දැන් මට ඒ ගැන මතක නෑ. අනිවාර්යෙන්ම ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට යන බව නම් හරි ඒත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යවනවාද යන්න පිළිබඳව මට ස්ථිරව කියන්න බෑ" යනුවෙන් සාක්ෂිකාරිය ය සම්බන්ධයෙන් සිය ස්ථාවර ප්‍රකාශ කළාය. ඖෂධ ලබා ගැනීම සඳහා වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී ඩොලර් භාවිතා කරන නමුත් මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේදීඉන්දියානු රුපියල් භාවිතා කිරීමට සිදුවූ බව සාක්ෂිකාරිය  සඳහන් කළාය.  
"ලංකාවේ භාවිතා කරන ඖෂධ 85%ක් ආනයනය කරන බව ඔබ දන්නවාද?" යන යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයට "නෑ ,මම දන්නේ නෑ. එලෙස 85%ක් නිෂ්පාදනය කරනවාද කියලා මම දන්නේ නෑ යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය. 
 
ඖෂධ ලංකාවෙත් ලංකාවෙන් පිටතත් නිෂ්පාදනය කරන බව තමන් දන්නා නමුත් එම නිෂ්පාදන ප්‍රතිශතය කවරක් ද යන්න පිළිබඳව ස්ථීර ලෙස ප්‍රකාශ කර නොහැකි බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. බෝ නොවන බොහෝ රෝග සඳහා ඖෂධ මෙරට නිෂ්පාදනය කරන අතර  සෑහෙන ඖෂධ ප්‍රමාණයක් ආනයනය කරන බවද තමන් දන්නා බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සඳහා වන අනුකමිටුව පළමුවරට රැස්වූයේ 2022 වසරේ මාර්තු මස 24 වැනි දා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර එය  අනුමත කළ සාක්ෂිකාරිය  එදින සිට  සතියකට වරක් හෝ දෙවරක් අවශ්‍යතාවය මත කමිටුව රැස්වූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය
 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් වෙන්කළ මුදල් රාජ්‍ය ඖෂධ සංස්ථාව,  රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇතුළු අනුබද්ධ ආයතන වලට ලබාදී තවත් කොටසක් පුද්ගලික අංශයටත්  ලබාදීමට තීරණය කළ බව ඇය කරුණු පැහැදිලි කරමින් සඳහන් කළාය.  
 medicine hospital
"රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේත් ඖෂධ සැපයුම සමතුලිත ලෙස පවත්වා ගැනීම අවශ්‍යයි ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර  එවැනි සමතුලිතතාවයක් තබා ගැනීම අවශ්‍ය බවත්, රාජ්‍ය අංශයේ ඖෂධ හිඟතාවයක් ඇතිවුවහොත් එහි පීඩනය පෞද්ගලික අංශයට ලැබෙන බවත්, පෞද්ගලික අංශයේ  ඖෂධ හිඟතාවයක් ඇතිවුවහොත් එය රාජ්‍ය අංශයට පීඩනයක් වන බවත් එම ආයතන අතර සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීමක් බවත් සාක්ෂිකාරිය ය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය.  
විදේශයකින් යමක් ආනයනය කිරීමේදී දේශීය වශයෙන් සිදු කරන අවසාන පියවර ණයවර ලිපියක් විවෘත කිරීම බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටියේ "එම අවස්ථාව වන විට මිලියන 9.38ක ණයවර ලිපි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ගොඩ ගැසී තිබීම සම්බන්ධයෙන් අවබෝධයක් තමන්ට තිබෙනවා නේද ?"යනුවෙනි .
 
ඒ සම්බන්ධයෙන් තමාට  කිසිදු අවබෝධයක් නොමැති බව  සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. මෙම සාක්ෂිකාරියගෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න  කරමින් සිටි අවස්ථාවේදී ප්‍රශ්නය තුළම අදාළ උත්තරය හැඟවෙන පරිදි ප්‍රශ්න ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය  සිය විරෝධය පළ කළාය. 
 
සාක්ෂිකාරියගෙන් අවශ්‍ය ප්‍රශ්න විමසීම සිදු කළ හැකි බව  පෙන්වා දුන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා  පිළිතුරු හැඟවෙන ලෙස ප්‍රශ්න ඉදිරිපත් නොකර වෙනත් ආකාරයකින් ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයාට දන්වා සිටියේය.
 
ඉන්දියානු ණයයෝජනා ක්‍රමයෙන් ලැබෙන මුදල් හොඳින් භාවිතා කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් ප්‍රමුඛතා  ලැයිස්තුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට තීරණය කළ බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. එලෙස සිදු කළේ ඖෂධ ගෙන්වීමේදී සිදුවන මුදල් නාස්තිය අවම කිරීම සඳහා බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
"ඒ වන විට ඖෂධ හිඟයක් තිබුණ නේද ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "එහෙම කියන්න බෑ. ඕනෑම අවස්ථාවකදී ඖෂධ  හිඟයක්යක් තිබෙනවා. ඖෂධ ගෙන්වීමේදී මුදල් නාස්ති වෙන්න බෑ. ඖෂධ හිඟයක් මේ අවස්ථාවේදීත් තියෙනවා. නමුත් අපේ වගකීම වෙන්නේ තිබෙන මුදලින් අවශ්‍ය ඖෂධය උපරිම වශයෙන් ගෙන්වීමයි. 
 
එම වගකීම උපරිමයෙන් ඉටුකිරීම සඳහා ඇස්තමේන්තු ක්‍රමයේ යම් දෝෂ ඇත්නම් එය නිවැරදි කිරීමට කටයුතු කරනවා. ප්‍රසම්පාදන දුර්වලතා අඩු කරනවා. ප්‍රසම්පාදන ජාලය ශක්තිමත් කිරීමට විශාල කාර්යභාරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරම්භ කර තිබෙනවා." යනුවෙන් කරුණු පැහැදිලි කිරීමක් කළාය 
 
"හැමදාම තියෙන ඔය ඖෂධ හිඟය 2002 වසරේදී තීව්‍ර වුනේ ඩොලර් නැති නිසා බව පිළිගන්නවාද ?"යනුවෙන් ජනාධිපති  නීතිඥවරයා සාක්ෂිකාරියගේ ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කරේ ඖෂධ හිඟය තීව්‍ර වුණා කියලා කියන්න බැහැ . යනුවෙනි. 
 
ඒ වන විට ඖෂධ හිඟයක් ඇතිවීමේ  හැකියාව තිබුණා. එය වළක්වන්න තමයි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය  ලබාගත්තේ. ඒ වගේම ණය නැවත සලකා බැලීම මගින්  ඩොලර් ලබා ගැනීමටත් හැකි වුණා . අමාත්‍යාංශ මට්ටමෙන් ගත් ඵලදායී මැදිහත්වීම නිසා ඖෂධ හිඟය තීව්‍ර වූ බව කියන්න බැහැ." යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කර සිටි අය සිටියාය 
 
"වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල සහ රෝහල්වල ගබඩාවල මෙන්ම වෙනත් ප්‍රදේශ ප්‍රාදේශීය ගබඩාවල ද ඖෂධ  ශුන්‍ය වන අවස්ථා  තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය. 
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ" ඔව් හැම කාලයකටම බෙහෙත් ශුන්‍ය ඖෂධ වර්ග තියෙනවා." යනුවෙනි 
 
"එවැනි අවස්ථාවක ඇහැ කන පියාගෙන ඉන්නවද?, නැත්නම් පියවර ගන්නවද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "ඊට එරෙහිව ඉක්මනින්ම පියවර ගත යුතුයි" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
medicine storage
 
ඖෂධ තොග සාමාන්‍යයෙන් කොපමණ කාලයකට තබාගන්නා ද යන්න පිළිබඳව තමන්ට නිවැරදිව නොහැකි බව සඳහන් කළ සාක්ෂිකාරිය එය මාස දෙකක් විය යුතු බවට තමන්ගේ අදහස බව සඳහන් කළේය කළාය. 
 
"ඖෂධ කළමනාකරන අත්පොතේ හැටියට වෛද්‍ය සැපයුම් අංශය අවම වශයෙන් මාස තුනකට ස්ථාවර තොගයක් තබාගෙන සිටිය යුතු බව ඔබ දන්නවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර  තමන් ඒ බව දන්නා බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"පැන නගින ඕනෑම වසංගතයක් හෝ  ඕනෑම හේතුවක් මත සෞඛ්‍ය අංශයේ ජනතාව අවදානමකට ලක්වීම වළක්වා ගැනීම සඳහා එම තොග පවත්වා ගැනීම වැදගත් නේද? ඒ මත නේද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කළේ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය.
 
"ඔව්, හදිසි ප්‍රසම්පාදනයක් සිදු කළේ අනවශ්‍ය පීඩනයක් රාජ්‍ය පැත්තට ඒම වළක්වා ගැනීමටයි."යනුවෙන් සාක්ෂිකාරිය එහිදී පිළිතුරු ලබා දුන්නාය. 
 
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රත්නායක මහතා  සාකච්ඡාවකට සහභාගී වූ බවට පෙර දිනයේ දී ප්‍රකාශ කළා නේද?. යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරිකයන් විමසා සිටි අතර සාක්ෂිකාරිය   "රත්නායක මහතා එම සාකච්ඡාවට ආවා .එම සාකච්ඡාවට ඔහුගේ සහභාගිත්වය ඉතා වැදගත් වුණා ප්‍රමුඛතා ලේඛනයක් තිබුනද යන්න පිළිබඳව සලකා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔහුගේ සහභාගිත්වය ඉතාම වැදගත් වුණා." යනුවෙන් සාක්ෂිකාරිය  කියා සිටියාය. 
 
ඖෂධ අනුකම්ටුවේදී "ඉන්දියානු ණය  යෝජනා  ක්‍රමයෙන් ලැබුණු මිලියන 200ක් බෙදාහැරීම සම්බන්ධයෙන් "සාකච්ඡා කළාද. ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් සාක්ෂිකාරියට ඉදිරිපත් කළේය. 
 
"ඔව් ,මිලියන 116 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටත්  මිලියන 25 ක්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවටත් මිලියන 45ක් පෞද්ගලික අංශයටත් ලබාදීමට තීරණය වුණා. 
 
medicine 20260131
 
ඒ වන විට ප්‍රමුඛතා ලැයිස්තුවක්   එවැනි ප්‍රමුඛතා ලේඛනයක් තිබූ බව සාක්ෂිකාරිය එහිදී පිළිගත්තාය. එම ප්‍රමුඛතා  ලේඛනයේ සඳහන් ඖෂධ අතර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් යන ඖෂධ ඇති බව අදාළ සටහන් පරිහරණය කරමින් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.
 
MSD එක මගින් ඉදිරිපත් කළ තොග සම්බන්ධ වාර්තාවේ සදහන් කර ඇති පරිදි ඖෂධ ශුන්‍ය අවස්ථා පිළිබඳව ජනාධිපති නීතිඥ වරයා කොටස් වශයෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී අදාළ ඖෂධ තොග ගබඩාවල ශුන්‍ය බව සඳහන් වුවද ආයතන සහ රෝහල් වාට්ටු තුළ තිබිය හැකි බව සාක්ෂිකාරිය සදහන් කළාය.
 
වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග සම්බන්ධයෙන් ලැබුණු ඊ මේල් වාර්තා අනුව  කොටස් වශයෙන් වෙන්කර සාක්ෂිකාරියට ප්‍රශ්න යොමු කරමින් පැවතිය යුතු  තොග තත්ත්වයන් සහ සැබැවින්ම පැවති තොග තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අදාළව ජනාධිපති නීතිඥවරයා කටයුතු කළේය.
 
එම කරුණු විමසීම දිගින් දිගටම සිදුවන අවස්ථාවේදී සාක්ෂිකාරිය  අධිකරණ ශාලාවෙන් මදකට පිටතට යවන ලද අතර ජනාධිපති නීතිඥවරයා අමතමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ මෙහිදී අදාළ කොටස් පිළිබඳ වෙන් වෙන්ව ප්‍රශ්න විමසීම කරන විට  වැඩි කාලය ගත වන බව  ද එය නඩු ගොනුවේ විශාලත්වය වැඩි කිරීමට හේතු වන බවය.
 
මෙම නඩුවේ ප්‍රස්තුත කාරණයට අදාළ ඖෂධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම වඩා පහසු වන බව විනිසුරු වරයා එහිදී පෙන්වා දුන්නේය. අනතුරුව සාක්ෂිකාරිය නැවත අධිකරණ ශාලාව තුළට කැදවන ලද අතර හරස් ප්‍රශ්න ඇසීම දිගටම සිදු කරන ලදී.
 
2022 ඔක්තෝබර් 14 වැනිදා වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාව හා ඊට අනුමත ආයතන තමන්ට වෙන්කළ මුදලින් 62.14%  ක් වියදම් කර තිබූ අතර පුද්ගලික අංශය සියයට 95.07අනූපය දශම බින්දුවයි හතක් ලෙස වියදම් කර තිබූ බව සංඛ්‍යා සටහන් ඇසුරින් සඳහන් කරන ලදී. 
 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අයදුම්කළ ඉල්ලුම්කරුවන් ට එම අයදුම්පත ඉල්ලා අස්කර ගැනීම හෝ අවලංගු කරන්න කිරීම් සිදුකර තිබේ නම් ඒ හොඳ ප්‍රවණතාවයක් නොවන බැවින් දඩ මුදල් අය කරගන්නා ලෙස නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ආර්.එම්.පී රත්නායක මහතා විසින්  දැන්වීමක් සිදුකළේද? යන්න පිළිබඳව නීතිඥවරයා සාක්ෂිකාරයකින් විමසා සිටියේය.
 
එවැනි ලිපියක් ප්‍රධාන කමිටුවට ලැබී තිබූ බවත් එම කමිටුව විසින් තම එය අනුකමිටුවට එය යොමු කර තිබූ බවත් සාක්ෂිකාරිය  සඳහන් කළාය. එසේ නොකළහොත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න  ඇතිවන බවට එහි සඳහන් කර තිබුණා නේද ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් යොමු කළේය. " එහෙමයි ස්වාමීනී" යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය. 
 
"ඖෂධ තොග සම්බන්ධයෙන් දන්නේ වෛද්‍ය සැපයුම් ඒකකය නේද ?ඔබ  ඒ සම්බන්ධයෙන් දන්නවාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර කමිටු රැස්වීම් පැවැත්වීමේදී ඒ සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයන් කැඳවීමට කටයුතු කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
files 2
 
එහිදී වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලක නන්දන බණ්ඩාර විසින් තොග  පිළිබඳ වාර්තා ඇතුළත් කරමින් යොමු කරන ලද ඊමේල් වල පිටපත්  මීට පෙර අධිකරණ නියෝගයක් මත තමන් ලබාගත් බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව හරස් ප්‍රශ්න විමසීමක් සිදුකරන බවද සඳහන් කළේය .
 
අදාල ඊමේල් ලිපිය සහිත ගොනු විශාල ඊමේල් සංඛ්‍යාවක් ඇති බැවින් මෙම කරුණට අදාළ  සහ තොග වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල අවධානය යොමු කිරීමෙන් අනතුරුව වාර්තා ගොනු වලඇතුළත් ඊමේල් පත් අටක් සම්බන්ධයෙන් සාක්ෂිකාරයකින් කරුණු විමසන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.  
ඒ අනුව තොග වාර්තා වල සඳහන් හියුමන්ඉමියුනෝග්ලොබියුලීන්  සහ රිටොප්සිමැප්  එන්නත් විවිධ  කාණ්ඩ  තොග සම්බන්ධ වාර්තා සහ ඊට අදාළ ඊමේල් ලිපි සාක්ෂිකාරියගේ අවධානයට ලක් කරමින් ප්‍රශ්න කළ අතර වෛද්‍ය සැපයුම් ඒකකයේ පවත්වා ගත යුතු තොග  සම්බන්ධයෙන් කරුණු විමසීමක් ජනාධිපති නීතිඥවරයා විසින් සිදු කළේය.  
එම ප්‍රශ්න කිරීම්වලදී සාක්ෂිකාරිය  දෙන ලද සංඛ්‍යාත්මක පිළිතුරු වැරදි බව පවසමින් නැවත ඒවා නිවැරදි  කිරීමට සාක්ෂිකාරි අවස්ථා කිහිපයකදීම කටයුතු කළාය.  
 
වැඩිදුර  සාක්ෂි විමසීම විසි තුන්වෙනිදාට කල් තබන ලදී
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medi 2
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.
 
  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
 නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...