leader s

එළඹෙන ඔක්තෝම්බර් මස 04 වෙනිදා අධිකරණය ඉදිරියට පැමිණ කරුණු දක්වන ලෙස කොළඹ අභියාචනාධිකරණය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට අද (30)

දිනයේ නොතීසියක් නිකුත් කර ඇතැයි වාර්තාවේ.

අභියාචනාධිකරණය විසින් එම නියෝගය නිකුත්කර ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව කර තිබු පැමිණිල්ලක් සලකා බලමිනි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල කාලය දික් කරමින් නිකුත් කර තිබු ගැසට් නිවේදනය කිසිඳු පුර්ව දැනුම්දීමකින් තොරව අවලංගු කිරීමෙන් තමන්ට බරපතල අගතිය සිදුව ඇතැයි අදාල පෙත්සමේ සඳහන් වේ.  

එසේම, දිගින් දිගටම සිදුවන දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාව තහනම් කිරීමේ අවධානමක් පවතින බවද පෙත්සම් පාර්ශවය පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේවනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසුරුවා හැර ඇති අතර එම තත්වය තුළ එහි පරිපාලන කටයුතු මුලුමනින්ද අඩාලවී ඇතැයි වාර්තාවේ.

එම තත්ත්වය තුල ආයතනයේ සේවක වැටුප් ගෙවීම් ඇනහිට ඇති අතර උස්බෙකිස්තානයේ පැවැත්වීමට නියමිත  17න් පහළ ආසියානු කුසලාන පලවෙනි වටයේ සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියට 17න් පහල ජාතික කණ්ඩායම පිටත්කර යැවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ ක්‍රීඩා පනත යටතේ මෙරට ඕනෑම ක්‍රීඩා සංගමයක් සම්බන්ධයෙන් ලැබෙන චෝදනා සලකා බලමින් එම සංගම් විසුරුවා හැර අවශ්‍ය විධිවිධාන සැලසීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලය ඇති බවයි.


සබැඳි පුවත් :
 
 
 
 
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්