leader s

දළදා මාලිගාවට අපහස කලා යැයි චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් පසු

රිමාන්ඩ් භාරයට පත්කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අමරසිංහව සිරගෙය තුලදී දණගස්සා හිරිහැර කල බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් රාජපක්ෂ පැවසිය.

සේපාල අමරසිංහ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටී ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් රාජපක්ෂ එබව කියා සිටියේ, සේපාල අමරසිංහට රිමාන්ඩ් භාරදී හිරිහැර සිදුකර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.  

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සේපාල අමරසිංහව දණගස්සා හිරිහැර කල බවට ලැබුන තොරතුරු සම්බන්ධයෙන් බන්ධනාගාර පාලනාධිකාරියට කල පැමිණිල්ලක් මත සිදුකල පෙරටුවකදී අදාල නිලධාරීන් හඳුනා ගෙන ඇතැයි පැවසු නාමල් රාජපක්ෂ, එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනයානුකුලව කටයුතු කරන බවට බන්ධනාගාර ප්‍රධානින් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය. 

 
සේපාල අමරසිංහ මේවනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේ රඳවා සිටින අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම අදාළ පහර දීම පිළිබඳ විමර්ශන දෙකක් ආරම්භ කර තිබේ.

නීතිඥ නාමල් රාජපක්ෂ 'සුදා cration' නැමති youtube නාලිකාව සමග සිදුකර ඇති කතාබහකදී එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලිකර තිබේ.

පැවිද්දෙක් වන සමන්තභ්‍ර හිමියන් කලකට ඉහතදී දළදා මාලිගාවට ඌරු දතක් කියා පවසා තිබු අතර ඔහුට අස්ගිරි පාර්ෂවයේ හිමින් දළදා මාලිගාවට කැදවා සමාව ලබා දී ඇති නමුත් ගිහියෙක් වන සෙපාල් අමරසිංහට සමාව නොදෙන්නේ ඇයිද යන්න ගැටලුවක් බව නීතිඥ නාමල් රාජපක්ෂ පවසයි.
 
 
 
 
 
සබැඳි ලිපි හා  පුවත් :

වැදගත් වෙන්නේ මිෂන් එක, ප්‍රකාශනය නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

කොහොම හරි සේපාල් දැන් 'පොරක්' - උවිඳු කුරුකුලසූරිය

උසාවියේදී සේපාල් තනි නොකළ මංජුල හා නාමල්

යූ ටියුබ් - ෆේස්බුක් නියාමනයට අලුතින් අණ පනත් !

සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අමරසිංහ රිමාන්ඩ්

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


සේපාල් අමරසිංහ හා සිංහල-බෞද්ධ ආගමික සත්‍යය - (අජිත් පැරකුම් ජයසිංහ)


සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අත්අඩංගුවට

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මහා නාහිමිවරුන් ගෙන් විරෝධයක්
 
 

 JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්