leader s

තමන්ට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසත්, අදාළ පුද්ගලයන්ට අවවාද කිරීම ප්‍රමාණවත් බවත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා

ඇතැයි වාර්තාවේ.

 කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේ රඳවා සිටින සැකකරුට කිසියම්  පිරිසක් පසුගියදා පහර දුන් බවට ඔහුගේ පවුලේ පිරිස මානව හිමිකම් කොමිසමට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් එම ආයතන දෙක වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කළේ ඉන් අනතුරුවයි. මානව හිමිකම් කොමිසම බන්ධනාගාරයට පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම් වු අවස්ථාවේ එම පරීක්ෂණ අවශ්‍ය නොවන බවට සේපාල් අමරසිංහ දැනුම් දුන් බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේවෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරන බවයි. ඒ අනූව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජේලර්වරයෙකු පත් කර ඇත. ඔහු විසින් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකුගෙන් සහ බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව වාර්තාවේ.

තවත් රැඳවියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිද්ධියට අදාළ වාර්තාව බොහෝ දුරට අද දිනයේම බන්ධනාගාර මූලස්ථානය වෙත භාර දීමට සැලසුම් කර ඇත.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ අද (10) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


(nethnews.lk)

 

වැදගත් වෙන්නේ මිෂන් එක, ප්‍රකාශනය නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

කොහොම හරි සේපාල් දැන් 'පොරක්' - උවිඳු කුරුකුලසූරිය

උසාවියේදී සේපාල් තනි නොකළ මංජුල හා නාමල්

යූ ටියුබ් - ෆේස්බුක් නියාමනයට අලුතින් අණ පනත් !

සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අමරසිංහ රිමාන්ඩ්

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

සේපාල් අමරසිංහ හා සිංහල-බෞද්ධ ආගමික සත්‍යය - (අජිත් පැරකුම් ජයසිංහ)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අත්අඩංගුවට

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මහා නාහිමිවරුන් ගෙන් විරෝධයක්
 JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්