දණ්ඩ නීති සංග්‍රහ (2023 සංශෝධන) පනත් කෙටුම්පතට සහය දෙන ලෙසත් ශ්‍රී ලාංකික LGBTIQ පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට සහාය දෙන ලෙසත් ඉල්ලා සිටිමින්,

ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරීන්, නීතිවේදීන් සහ සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් සහ ආයතනික වෘත්තිකයන් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

යෝජිත පනත් කෙටුම්පත මඟින් ළමා අපයොජනය අපරාධයක් නොවන ලෙසට පත්කරන බවට දේශපාලන අභිප්‍රේරිත ක්‍රියාකාරීන් විසින් ගෙන හැර දක්වන අසත්‍ය චෝදනා විශ්වාස නොකරන ලෙස ඔවුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහය මඟින් ළමා අපයොජකයන්ට වැඩි දඬුවම් ලබා දෙන විධිවිධාන කිහිපයක් තිබෙන අතර ඒ හරහා ළමුන් ප්‍රමාණවත් ලෙස සහ වඩා හොඳින් ආරක්ෂා කර ඇති බව ඉතා ගෞරවයට පාත්‍ර වූ ළමා හා මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතීඥයින්  විසින් ජනපතිට යොමු කළ ලිපියේ පැහැදිලි කර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති යොදාගෙන අහිංසක මිනිසුන්ගේ ජීවිත සාපරාධී බවට පත් කිරීමටත්, අතීතයේ  සිට එම නීති මඟින් සමකාමී පුද්ගලයන් ළමා අපයොජකයන් බව හුවා දක්වන සාවද්‍ය ප්‍රචාර පතුරුවා හැරීමටත් යොදාගෙන තිබේ.  

මෙම නීති ඉවත් කිරීම ඓතිහාසික අසාධාරණයක් නිවැරදි කරනු ඇති බවද ලිපිය යොමුකළ සංවිධාන සහ වෘත්තිකයන්  විසින් පෙන්වා දී තිබේ.

IMG 0376IMG 0377IMG 0378IMG 0379IMG 0380



සබැඳි පුවත් :

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්