BREAKING
නීතිවිරෝධී පිරමිඩ ජාවාරම්වලට දැඩි තහංචි: බිලියන ගණනක වත්කම් අත්හිටුවයි● විපක්ෂයේ පොදු සතුරා සජිත්ද - අනුරද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●flydubai නියමු ප්‍රහාරය: ඕස්ට්‍රේලියානු සම්බන්ධතා ගැන පුළුල් පරීක්ෂණ●කොළඹ විරෝධතාවෙන් පසු ජන අරගල සාමාජිකයෝ හයක් අත්අඩංගුවට●අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග● පාම් තෙල් තහනම ඉවත් නොකරන්නැයි ඇමැති වසන්තගෙන් ඉල්ලීමක්● කටුනායකදී කෝටි 3.6ක රන් භාණ්ඩ සමග පල්ලේකැළේ ව්‍යාපාරිකයෙක් දැලේ●ව්‍යාජ ආනයන හරහා කෝටි 19,000ක ඩොලර් ජාවාරමක්: තවත් සමාගම් 17ක් දැලේ● අත්අඩංගුවට ගත් ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයට●සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●
Top Ad
පුවත්

ජවිපෙ මන්ත්‍රී බිමල්ගේ බිරිඳ ගේනාවා යයි කියන සුපිරි BMW රථය තෑගි දීමට යයි!

T

The Leader Desk

December 31, 2019 • 3:24 AM

ජවිපෙ මන්ත්‍රී බිමල්ගේ බිරිඳ ගේනාවා යයි කියන සුපිරි BMW රථය තෑගි දීමට යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමාගේ බිරිඳ සුපිරි BMW රථයක් මිලදී ගෙන ඇතැයි වාර්තා කර ඇති 'මඩ වෙබ්කරුවා' එම රථයේ අනන්‍යතාවය ඔප්පුකරන්නේනම්,
  • එම සටහනේ තවදුරටත් මෙසේද සඳහන්වේ.
  • නමුත් බොහෝදෙනා fb massanger මගින් කල ඉල්ලීමට ගරු කරමින් මෙම සටහන තබමි.
  • මෙම මඩ ප්‍රවාරක වෙබ් සයිට් කර්තෘට කිව යුත්තෙ එම රථයේ අනන්‍යතාවය ඔප්පුකරන්නේනම්, එම රථය තෑගි වශයෙන් ලබාදිය හැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම රථය ඔහුට තෑගි වශයෙන් ලබාදිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100 ඉක්මවා තිබෙන බවටත් ඔහුගේ  බිරිඳ විසින් සුඛෝපභෝගී BMW 7 Series M760i වර්ගයේ මෝටර් ‍රථයක් මිලදී ගෙන ඇති බවටත් ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය කිහිපයක පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිය FB පිටුවේ එබව සටහන් කර ඇත.

එම සටහනේ තවදුරටත් මෙසේද සඳහන්වේ.

''දේශපාලනිකව අනාථ වුණු පිරිස් ගෙනයන මෙවැනි මඩ ප්‍රවාරයන් සදහා උත්තරදීමට අප කාලය වැය නොකරමු. නමුත් බොහෝදෙනා fb massanger මගින් කල ඉල්ලීමට ගරු කරමින් මෙම සටහන තබමි.

මෙම මඩ ප්‍රවාරක වෙබ් සයිට් කර්තෘට කිව යුත්තෙ එම රථයේ අනන්‍යතාවය ඔප්පුකරන්නේනම්, එම රථය තෑගි වශයෙන් ලබාදිය හැකි බවයි.

ජනාධිපතිවරනය අවසන්වීමත් සමග ජවිපෙටත්, NPP එකටත්, එහි නායකයින්ටත් එරෙහිව ගෙන යන දැවැන්ත මඩ අවලාද ව්‍යාපාරය ගැන දේශපාලන විවාර බුද්ධියක් හා දේශපාලන සදාවාරයක් සහිත, අපට විපක්ෂ දේශපාලන මත දරන පිරිස් පවා අවබෝධකරගෙන සිටින බව අපි දනිමු.

මෙම දැවැන්ත FB, වෙබ් සයිට් හා අනෙකුත් මාධ්‍ය හරහා ගෙන යන මඩ ප්‍රවාරයන්ගෙන් පෙන්නුම් කරන්නේ අන්කවරක්වත් නොව, අප නියොජනය කල මතවාදයේ ප්‍රබලත්වයයි.

දුෂණ වංවා කරපු, නීතිය අවනීතිය බවට පත්කරපු, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරපු, ඩීල් දේශපාලනය කරන පොහොට්ටුවත්, UNP එකත් නියෝජනය කරන මෙවැනි පිරිස්වලට අපට කීමට ඇත්තේ මාවෝ සේතුං වරක් කී පරිදිම,

"අපි අපේ සාර්ථකත්වය මනිනු ලබන්නේ මිතුරන්ගේ ප්‍රශංසාවෙන් නොව හතුරන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළුහඩිනි" යන්නයි.......

බිමල් රත්නායක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...