BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
Opinion

ප්‍රසන්න රණතුංගගේ නොමග යවන ප්‍රකාශ, ජනතා විමුක්ති පෙරමුණ සහ 1983 කළු ජූලි කෝලාහලයේ ඛේදවාචකය - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

March 1, 2024 • 8:37 AM

ප්‍රසන්න රණතුංගගේ නොමග යවන ප්‍රකාශ, ජනතා විමුක්ති පෙරමුණ සහ 1983 කළු ජූලි කෝලාහලයේ ඛේදවාචකය - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණේ දේශ විමුක්ති ව්‍යාපාරය යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද එකක් සහ උතුරු නැඟෙනහිර දශක ගණනක් දිග් ගැස්සුණු සන්නද්ධ ගැටුමක් වශයෙන් නැඟිටීම් දෙකකට මඟ පාදවමින් ඒ කාලය තුළ ජේ.ආර්.
  •   ඔවුන් දෙන ලද පොරොන්දු සහ සැබෑ ප්‍රතිඵල අතර ඇති අතිවිශාල විෂමතාවයන් මගින් පෙන්නුම් කර දී ඇති පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සතුව මැතිවරණ ව්‍යාපාර වලදී දෙසන ලද බේගල්වල ඉතිහාසයක් පවතී.
  •   1948 දී නිදහස ලැබුන දා සිට, ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබ ඇත්තේ මූලික වශයෙන් බල පිපාසයෙන් සහ ආර්ථික අවශ්‍යතා මත මෙහෙයවනු ලැබුණු රාජපක්ෂලා, බණ්ඩාරනායකලා සහ සේනානායකලා යනුවෙන් පවුල් වර්ග තුනක් විසිනි.
  • නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයන්, දූෂණය සහ අකාර්යක්ෂමතාව පිළිබඳ ඔවුන් දක්වන නොසැලකිල්ල බොහෝ විට අනෙකෙකු බිල්ලට දීම මඟින් වසන් කරනු ලැබ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කර ඇති කර A5 News Facebook පිටුව මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන මෑත කාලීන ප්‍රකාශයක් මෙම ලිපිය කෙටුම්පත් කිරීමට හේතු පාදක විය. 

 



ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශය 1980 න් පසු ඉපදුන තරුණ පරම්පරාව මුලා කරන්නට ගත් නොමඟ යවන අන්දමේ උත්සාහයක් ද යන්න තවමත් පැහැදිලිව නැත. දකුණේ දේශ විමුක්ති ව්‍යාපාරය යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද එකක් සහ උතුරු නැඟෙනහිර දශක ගණනක් දිග් ගැස්සුණු සන්නද්ධ ගැටුමක් වශයෙන් නැඟිටීම් දෙකකට මඟ පාදවමින් ඒ කාලය තුළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලනය ඉටු කළ කාර්යභාරය ගැන ඔවුන් බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකියි.

 

ඔවුන් දෙන ලද පොරොන්දු සහ සැබෑ ප්‍රතිඵල අතර ඇති අතිවිශාල විෂමතාවයන් මගින් පෙන්නුම් කර දී ඇති පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සතුව මැතිවරණ ව්‍යාපාර වලදී දෙසන ලද බේගල්වල ඉතිහාසයක් පවතී. 2024 වසර මැතිවරණ වසරක් බවට පැවසෙන අතර අතීතයේ මෙන් මෙවැනි අසත්‍ය ප්‍රකාශ සාමාන්‍යයෙන් කරනු ලබන්නේ ඡන්දදායකයන් වංචනික ලෙස හසුරුවා ගන්නට සහ රවටා ලීමට ය; මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවන එහෙත්, ලොව පුරා ප්‍රචලිත, විශේෂයෙන් මැතිවරණ කාලවල දී යොදා ගන්නා උපක්‍රමයකි.

 

1948 දී නිදහස ලැබුන දා සිට, ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබ ඇත්තේ මූලික වශයෙන් බල පිපාසයෙන් සහ ආර්ථික අවශ්‍යතා මත මෙහෙයවනු ලැබුණු රාජපක්ෂලා, බණ්ඩාරනායකලා සහ සේනානායකලා යනුවෙන් පවුල් වර්ග තුනක් විසිනි. නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයන්, දූෂණය සහ අකාර්යක්ෂමතාව පිළිබඳ ඔවුන් දක්වන නොසැලකිල්ල බොහෝ විට අනෙකෙකු බිල්ලට දීම මඟින් වසන් කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, 2022 දී, දරුණු ආර්ථික අර්බුදයක් සැහැල්ලු කිරීම සඳහා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට සිදු වූ විට මෙම මුහුණත රට මුහුණ දී තිබෙන ඛේදජනක තත්වයේ සැබෑ හේතු හෙළිදරව් කරමින් බිඳ වැටුණේය.

1983 කළු ජූලි කෝලාහල

 

කළු ජූලිය, ශ්‍රී ලංකාවේ ස්වදේශීය දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව ම්ලේච්ඡත්වය අතින් පෙර නොදුටු අන්දමේ නිපුණතාවයක් විදහා දැක්වූ  සතියක් පැවති සංහාරයක් සනිටුහන් කළේය. මෙයට උත්ප්‍රේරකය වූයේ එල්ටීටීඊ (දෙමළ කොටි) සංවිධානය විසින් 13 දෙනෙකු මරුමුවට පත් කරමින් සිංහල හමුදා වෙත සැඟවී සිට එල්ල කරන ලද ප්‍රහාරයකි. ඊට පළිගැනීමක් වශයෙන් හමුදාව උතුරේ දී සිවිල් වැසියන් හැටක් පමණ ඝාතනය කළ අතර බොහෝ විට ඒ කරුණ දකුණේ සඳහන් නොකරන ලද්දකි. ඉන් අනතුරුව, මැර කල්ලි කොල්ලකෑම්, දේපළ ගිනි තැබීම සහ නිවැසියන් ප්‍රචණ්ඩත්වයට ලක් කරමින් ක්‍රමානුකූලව කොළඹ දෙමළ නිවෙස් සහ කඩ සාප්පුවලට පහර දුන්හ. මරණ සංඛ්‍යාව, 300 ක් පමණයයි ආණ්ඩුව කරන ලද ප්‍රකාශවල සිට එය 3,000 යයි දක්වන වඩා විශ්වාසදායක ඇස්තමේන්තු දක්වා වන පරාසයක අවිනිශ්චිත ලෙස පවතී.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

 

ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

කෝලාහල සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවූ මෙන්ම නිර්දය වූ ද එකක් විය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දෙමළ ජීවිත කෙරෙහි සැළකිල්ලක් නොපෙන්වූ අතර, ඔහුගේ ආණ්ඩුව තෝරා පත් කර ගැනීමේ නියෝජනය දෙමළ ජනතාවට අහිමි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනය සම්මත කිරීම ද ඇතුළුව, ඔවුන් තව දුරටත් කොන් කරවන ක්‍රියාමාර්ග නීතිගත කළේය. දෙමළුන්ට පාඩමක් ඉගැන්විය යුතු බව ඔහු එදා ඉතා දුෂ්ට අන්දමින් ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකා රාජ්‍යයේ අනුග්‍රහයෙන් බුදුන් නසා අවුරුදු 41 යි
ආණ්ඩුව කැරලි කෝලාහල සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය වැනි දේශපාලන පක්ෂ තහනම් කොට විපක්ෂය බිල්ලට යොදා ගත්තේය. කෙසේ වෙතත්, පිළිගත හැකි සාක්ෂිවලට අනුව පෙනී යන්නේ එවකට කාර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යවරයා වූ  සිරිල් මැතිව් වැනි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඊට සම්බන්ධව ඇති බවයි. ප්‍රචණ්ඩත්වය, විශේෂයෙන්ම 1981 ජුනි මාසයේ දී යාපනය පුස්තකාලයට ගිනි තැබීම ද ඔවුන් විසින් මෙහෙයවන ලදී.

පුද්ගලික සාක්ෂ්‍යය

 

blk

එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මම, කළු ජූලියේ දී දෙමළ ජනතාවට එල්ල කරන ලද සංවිධානාත්මක ප්‍රහාරය දුටුවෙමි. සන්නද්ධ මැර කල්ලි දමිල ජනයාට අයත් දේපළ ඉලක්ක කිරීමත් සමඟින් කොළඹ වීදි ප්‍රචණ්ඩත්වයෙන් හා වියවුලෙන් ගිලී ගියේය. සාහසික ක්‍රියා කෙරී ගෙන යන්නට ඉඩ සලසමින් ආරක්ෂක හමුදාවෝ බලා සිටියහ.

අප පක්‍ෂ කාර්යාලයේ සිට නිවස බලා යන අතරතුර දී මම ම්ලේච්ඡත්වයේ සහ කෲරත්වයේ සිදුවීම් බොහොමයක් දුටුවෙමි. කැලණිය ලංකා ටයර් සංස්ථාව ඉදිරිපිටදී කඩු හා යකඩ පොලු අතැති ඇතැමෙක් මා නවතා ලීය. මට හඬ නඟා 'බල්දිය' යනුවෙන් කියන ලෙස මට පවසන ලදි. එසේ කළ විට, මා සිංහල බව දැන ගත් ඔවුහු මට පහර නොදුන්හ. කෙසේ වෙතත්, මෝටර් රථයෙන් පෙට්රල් ඉවත් කර ගන්නට ඔව්හු තීරණය කළහ. පිරිස අතරින් එක් අයෙක් මාව හඳුනා ගත් අතර, මට යන්නට ඉඩ දෙන ලෙස අනෙක් අයට කීවේය. මට යන්නට ඉඩ දුන් විට පෙට්‍රල් ටැංකියෙන් බාගයක් හිස් කොට තිබුණි. කළු ජූලිය විදහා දැක්වූ වධ හිංසාව සහ සහ දාමරිකත්වය මම එහිදී දුටුවෙමි. කලහකාරීහු ලොරි නවත්වා, එහි තිබූ භාණ්ඩ සියල්ල කොල්ලකා, සියළුම භාණ්ඩ වෙනත් වාහනවලට පටවා මගීන් සහ රියැදුරන් පුළුස්සා දමමින් ලොරිවලට ගිනි තැබූහ.

 

communal riots2
කිරිබත්ගොඩ සිට මාවරමණ්ඩිය පාර දිගේ යද්දී කඩු හා අලවංගු ලෙලවූ කල්ලියකින් පිරුණු ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවා ට්‍රක් රථයක් මාව නවතා ලීය. ඔවුහු ට්‍රක් රථයෙන් බැස රංචු පිටින් මා දෙසට දුවගෙන ආවේ සිතාගත නොහැකි තරම් අන්දමේ නින්දිත වචනයෙන් බැණ වදිමිනි. ඔවුන් සිතා ගෙන තිබුණේ මා කොළඹින් පලා යන දෙමළ ජාතිකයෙකු බවට යි. මම සිංහලෙන් ඔවුන්ට ආපසු කෑගැසුවෙමි. ඉන් නතර වූ ඔවුන් ආපසු තම ට්‍රක් රථය වෙත ගොස් කොළඹ දෙසට ගමන් කළහ. පසුදා, මෙම කැරලිකාර කණ්ඩායම් විසින් නගරයට කරන ලද දැවැන්ත හානිය මම දුටුවෙමි.

නාරාහේන්පිට, මරදාන, කොටහේන යන ප්‍රදේශවල පදිංචිව සිටි අපේ පක්ෂයේ දෙමළ සහෝදරවරුන් ගැන සොයා බලන්නට ගියෙමි. ඒ නිවාසවලින් වැඩි ප්‍රමාණයක් පහර දීමට ලක් කොට හෝ ගිනි තබා තිබුණි. මට අසන්නට ලැබුණු අන්දමට, ආරක්ෂක නිල ඇඳුමින් සැරසුණු අය ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නට මිනිසුන්ව දිරිමත් කරවමින් තැනින් තැනට ගමන් කළහ. දෙමළ ජනතාවට අයත් දේපළ හඳුනාගැනීම සඳහා බෞද්ධ භික්ෂූන් ඡන්ද නාම ලේඛන රැගෙන ගිය බවට විශ්වාසදායක වාර්තා පළවී තිබුණි. ඔවුහු මේ මැරයන් සමඟ ගමන් ගත්හ.

july 83 1

 

පසුව මා නිවසේ සිටියදී ක්ෂණිකව අත්අඩංගුවට ගන්නා ලද අතර, හුදකලාව සිර කොට තබා, මානසික වධහිංසා පමුණුවන ලද නමුත් කිසිදු වරදක් සම්බන්ධයෙන් මට එරෙහිව චෝදනා එල්ල නොකෙරිණ. මාගේ බිරිඳ චිත්‍රා ගොනු කළ හේබියස් කෝපස් අයදුම්පත විභාගයට ගැනීමට නියමිතව තිබියදී මාස හයක් පමණ රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් පසුව නිදහස් කර හරින ලදී.

වැරදිකරුවන් සමහරෙක්

RAJAN HOOLE 02 4රාජන් හූල්ආචාර්ය රාජන් හූල් සිය “බලයේ අහංකාරය: මිථ්‍යාවන්, පරිහානිය සහ මිනීමැරුම” යන කෘතියෙහි සිය සුපරීක්ෂාකාරී වාර්තාව ඉදිරිපත් කරයි. රටේ ඉතිහාසයේ මෙම බිහිසුණු කථාංගය පිළිබඳව කරන ලද තවත් සවිස්තරාත්මක විමර්ශන පවතී. පසුව කරන ලද සාක්‍ෂිවලින් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු සංහාරයේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවයි. ඒ අතරින් ප්‍රමුඛයා වූයේ කැබිනට් ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව් ය. මැරයන් ප්‍රවාහනය කළ ට්‍රක් රථ සහ දෙමළ වෙළඳ ව්‍යාපාර ගිනි තැබීමට යොදාගත් පෙට්‍රල් පැමිණියේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය සංස්ථාවලිනි.

 

black july 1280x720

රාජ්‍ය දේපළ යොදා ගැනීම සහ සිය පාලනය යටතේ සිටි සේවකයින්ගේ සහභාගී වීම ගැන දෙඇස් පියා ගෙන සිටි තවත් සමහරක්ද විය. එවකට අගමැතිවවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා ඉන් එක් අයෙකි. ඔහු බොහෝ විට කායික ලෙස සම්බන්ධ නොවූ නමුත් ඔහුගේ බල පදනම වූයේ පිටකොටුව සහ ඒ අවට පැවති ලුම්පන් ජන කොටස් ය. ඔවුහු පසුව ඇති වූ ව්‍යසනයේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කළහ.

ලංකා ගමනාගමන මණ්ඩලය තම මැරයන්ගෙන් පිරවූ එවක කොළඹ නගරාධිපති සහ ප්‍රේමදාසගේ රැකවලෙකු වූ සිරිසේන කුරේ මහතා තවත් කෙනෙකි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එවකට අධ්‍යාපන හා යෞවන කටයුතු අමාත්‍යවරයා යි. ඔහුගේ සම්බන්ධයක් පිළිබඳව සෘජු සාක්ෂි නොමැති අතර, ඔහුගේ විශ්වාසවන්ත සහකාරයා වූ ගෝනවල සුනිල් සහ සුනිල්ගේ කල්ලියේ සාමාජිකයෝ මේ සඳහා සහභාගී වූහ.

 

black july


කෙසේ වෙතත්, කිසි කලෙක මේ සා ඛේදජනක මෙන්ම අතිශය කුරිරු සිදුවීම පිළිබඳව සැබෑ පරීක්ෂණයක් මේ දක්වා සිදු කර නොමැති අතර කිසිදු අපරාධකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරාද නැත.
 
ඉතාමත් බිහිසුණු සහ හෙළා දැකිය යුතු සිදුවීමක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා සිටි දෙමළ සටන්කාමීන් ඝාතනය කිරීම යි. ප්‍රචණ්ඩත්වයෙන් සහ මැර කල්ලියේ නීතියෙන් කොළඹ වෙලී තිබියදී වැලිකඩ බන්ධනාගාරයේ A3 වාට්ටුවේ සිටි සිංහල සිරකරුවන් 400ක් පමණ යකඩ පොලු, ලී පොලු, මන්නා පිහි, පොරෝ, උල් යකඩ කූරු, කැඩුණු පුටු කකුල්, කම්බි දඟර ආදියෙන් සන්නද්ධව ප්‍රහාර එල්ල කර දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා සිටි B3 සහ D3 වාට්ටු වල දොරවල් විවෘත කළහ. ඔවුහු නිරායුධ දෙමළ සිරකරුවන් 35 දෙනෙකු කපා කොටා මරා දැමූහ. කුට්ටිමනී සහ තංගතුරෙයිගේ ද ඇතුළුව මළ සිරුරු ඔවුන් රඳවා සිටි ශාලාවේ කොරිඩෝව පුරා විසිරී තිබුණි. පහර දෙන්නන්ගේ ලේ පිපාසාව පහව නොගිය අතර ඔවුහු ක්‍රමානුකූලව යන්තමින් පණනල ගැට ගසා ගෙන සිටි අය සොයා ගොස් මිය යන තුරුම පහර දුන්හ.
image 0d3efed8c7
 
ඊට පසු දින එනම්, ජුලි 26 වැනිදා තමන් වෙත යළිත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට උපරිමයෙන් මුහුණ දී මිය යාම jvd හොඳ යැයි සිතා හැකි පමණ සූදානම් වියයුතු බව මානික්කදාසන්, පනාගොඩ මහේෂ්වරන්, පරන්තන් රාජන්, ඩග්ලස් දේවානන්දා (වර්තමාන කැබිනට් අමාත්‍යවරයා) හා අන්තෝනිපිල්ලෛ අලගිරි යන සිරකරුවෝ සෙසු සියලු දෙනාට අවධාරණය කළහ.
 
දෙමළ සිරකරුවන් තමන්ට සොයාගත හැකි උපකරණ යොදා ගනිමින් ආරක්‍ෂා වෙන්නට උත්සාහ කරන අතර ආරක්ෂක අංශ ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. 1983 ජුලි 26 වෙනිදා තත්වය සමනය වූ විට තවත් දෙමළ සිරකරුවන් 17 දෙනෙකුගේ මළ සිරුරු හමු වූයේය. දෙවැනි දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ දී එල්ල කරන ලද ප්‍රහාරයෙන් මියගිය අය අතර ගාන්ධියම් ව්‍යාපාරයේ ලේකම් ආචාර්ය සෝමසුන්දරම් රාජසුන්දරම් ද විය. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ඉක්මණින් රෝහල් වෙත නොයැවූවා පමණක් නොව, රෝහල් කාර්ය මණ්ඩලයේ වාර්ගික අගතිය හේතුවෙන් රෝහල්වලට ඇතුළත් වූවන්ට පවා නිසි ප්‍රතිකාර නොලැබුණු බව වාර්තා විය.
 ලොකු ප්‍රේමදාසලා හා පොඩි ප්‍රේමදාසලා - ඇටමැස්සා (11)
 
බන්ධනාගාරය තුලට එල්ල කරන ලද මේ මැර ප්‍රහාරය හොඳින් සැලසුම් සහගතව කළ එකක් බව ඉතා පැහැදිලි ය. කලක් සිරභාරයේ සිටි ජනාධිපති ජයවර්ධනගේ පොදු සමාවක් ලැබ නිදහස් වුනු පෙර සඳහන් කළ මැරවරයකු වූ සුනිල් පෙරේරා හෙවත් ගෝනවල සුනිල් ද මෙම බිහිසුණු ප්‍රහාරයට එක්ව තිබූ බව වාර්තා විය. එකපිට දෙදිනක් ඇතුළත වැලිකඩ බන්ධනාගාරයේ දී දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනෙක් ඝාතනය කිරීම පිළිබඳව විපක්ෂය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීම එවකට අගමැති ආර්. ප්‍රේමදාස විසින් මඟ හැරියේ සිද්ධියේ දී, ‘එක් සිංහල සිරකරුවෙක් ද මියගොස් ඇති බව’ ප්‍රකාශ කරමිනි.

නිගමනය
 
 90500242 87dce9f056fa0e541fb0abcc5f73bfaf82be2456වගකිවයුතු ඇමැතිවරයකු කිසිදු සත්‍ය පදනමක් නොමැතිව නොහොබිනා ප්‍රකාශ කරන්නේ මක් නිසාද? කළු ජූලි සංහාරයේ ප්‍රතිවිපාක ව්‍යසනකාරී විය. එය වාර්ගික ආතතීන් උත්සන්න කළ අතර දිග්ගැස්සුනු සිවිල් යුද්ධයකට මග පෑදීය. ප්‍රචණ්ඩත්වය පිළිබඳව ට අසාධාරණ ලෙස දෝෂාරෝපණයට කළ ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් ලේ වැගිරීමට මඟ පාදමින් සිය කටයුතු තීව්‍ර බවට පත් කළේය. එවැනි ප්‍රකාශ හෙළිදරව් කොට ඒවා තරයේ හෙළා දැකිය යුතුව ඇත්තේ එබැවිනි.

ඉදිරියේ දී, ශ්‍රී ලංකාව සිය අතීත වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන වඩාත් සාධාරණ සමාජයක් බිහි කර ලීම සඳහා පරිශුම දැරිය යුතුය. අතීතයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට වගවීමට භාජනය කිරීම, විනිවිදභාවය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ තම විවිධ වූ ජන කොටස් අතර සමගිය සහ සංහිඳියාව පෝෂණය කිරීම මෙයින් හඟවා ලයි.

ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ එහි අතීතයට මුහුණ දෙන්නට සහ එහි සියලු පුරවැසියන් වෙනුවෙන් සාමය, සාධාරණත්වය සහ සමෘද්ධිය වෙත වැටී තිබෙන මාවතක් වැළඳ ගැනීමට ඊට ඇති හැකියාව මත ය. අපගේ අනාගතය තීරණය කිරීමට අතීතයේ කරන ලද පාප කර්මවලට ඉඩ නොදිය යුතුය. ඒ වෙනුවට, ඉදිරි පරම්පරාවන්ට දීප්තිමත් හෙට දවසක් සහතික කරවන අන්දමින්, ප්‍රඥාවෙන් හා එකමුතුවෙන් යුතුව අපි ඉදිරියට ගමන් කළ යුතු වන්නෙමු.

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)(ආචාර්ය ලයනල් බෝපගේ)
සභාපති, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගීතාව
ඔස්ට්‍රේලියාව

(අදාල වකවානුවේ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්)
ඊමේල්: lionel.bopage@gmail.com

2024 මාර්තු 1 වන දා


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...