සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත

(online safety bill) පාර්ලිමේන්තුවේදී හෙට (23) සහ අනිද්දා (24) විවාදයට ගැනීමට නියමිතය.

මේ අනුව පනත් කෙටුම්පත සම්මත කිරීම අනිද්දා (24) පස්වරුවේ සිදුකෙරේ.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ දුරට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

මෙම පනත් කෙටුම්පත සලකා බැලෙන අවස්ථාවේදී සංශෝධන ගණනාවක් ඊට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.

Online Safety Bill ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මෙතනින්  

ඔන්ලයින් පනතට ඒකාබද්ධ විරෝධයක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 'ඔන්ලයින්' පනත් කෙටුම්පතට  විරෝධය පළ කරමින් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සාමූහිකව පරාජය කළ යුතු යැයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වෙයි.

වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හනා ඊබ්‍රහිම් ගේ අත්සනින් යුතු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මහජන පීඩාකාරී පනත් කෙටුම්පත් සම්මත කරගැනීමේ අරමුණ ඉදිරි මැතිවරණ කෙසේ හෝ ජය ගැනීමේ ඉලක්ක  ක්‍රියාවට නැංවීම බවයි.

සබැඳි පුවත් :

ඔන්ලයින් අවකාශ නියාමනය කිරීම අනවශ්‍ය ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත: ඇමති ටිරාන් සහ සිවිල් සංවිධාන අතර එකඟත්වයක් !

ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නඩු මගට

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට ආසියානු අන්තර්ජාල සභාගයේ (AIC) කනස්සල්ල

ආන්දෝලනාත්මක පනත් දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට !

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ආණ්ඩුවේ අලුත්ම ඉන්ටර්නෙට් පනත ගෙනා සැනින් විරෝධය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද?

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනතේ පසුබිම් කතාව

සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?

'අතත් බැඳලා කටත් වහලා මිලියන 22ක් පාලනය කරන්න ඉඩ දෙන්න එපා' !

Google, Facebook, YouTube, TikTok ලංකාව හැරදා යාමේ අනතුරක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්