මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත

පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.

මෙම පනත ගෙන ඒමේදී පාර්ශ්වකරුවන් සමග පුළුල් සාකච්ඡාවක්, උද්දේෂණ ක්‍රියාවලියක් සිදු කළ යුතුව තිබූ නමුත් එසේ නොකොට මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුලින් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇති බවත්, මෙම පනත තුලින් අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස ඇහිරීමත්, දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ස්වාධීන නොවන කොමිෂන් සභාවක් මගින් ප්‍රකාශණ පිළිබඳව තීරණ ගැනීම ද සිදු වන බවත් මෙහිදී එම නියෝජිතයින් පෙන්වාදුන්නේ ය. 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්ද එහිදී කරුණු පැහැදිලි කරමින්, මෙම පනත ගෙන ඒම 2016 වර්ශයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක් බවත්, අධිකරණ අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ ක්‍රියාත්මක වුනු, නීති කොමිසම විසින් මෙම පනත සකස් කර ඇති බවත්, එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය තමා වෙත පැවරූ බවත්, ඒ අනුව තමා විසින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, මාර්ගගත ක්‍රම හරහා වින්දිත භාවයට පත් වන කාන්තාවන් ළමුන් ඇතුලු පිරිස් වලින් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල යන බවත්, මෙම පනත හරහා ඔවුනට සිදු වන පීඩා අවම කිරීමටද අරමුණු කරන බවත් ප්‍රකාශ කලේය. 

තවද, මෙම සාකච්චාවේ ප්‍රතිඵලයක් ලෙස, මෙම පනත පිළිබඳ ලබා දෙන අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා අතරම ආසියානු අන්තර්ජාල සහයෝගීතාවය (Asia Internet Coalition) , ශ්‍රී ලංකා නීතීඥ සංගමය, තානාපති කාර්‍යාල සහ සිවිල් හා මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් පැවසීය. 

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, මාධ්‍ය නීති සංසඳය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, FACTUM ආයතනය, සමාජ මාධ්‍ය එකමුතුව ඇතුළු සංවිධාන සහභාගී විය.

.

සැබෑ අවභාවිතයන් සම්බන්ධයෙන් නිසි නියාමනයක අවශ්‍යතාව 

මෙම සාකච්ජාවට සහභාගිව සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරික රංග කලන්සුරිය එම සාකච්ජාවෙන් පසුව සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන අද (ඔක්තෝබර් 6) මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සහ අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා සමග එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා. 

 

වෙබ් අවකාශයේ සැබෑ අවභාවිතයන් සම්බන්ධයෙන් නිසි නියාමනයක අවශ්‍යතාව ගැන සියලු දෙනා එකඟ වූ අතර, කෙටුම්පතේ ප්‍රකාශන නිදහසට අහිතකර යෝජනා නුදුරු අනාගතයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුනා ගනු ඇතැයි විශ්වාසය පල වුණා.

 

ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු සහ විෂමතා රැසක් ඇති බැවින් මෙවැනි නව නීතියක අර්ථ නිරූපණ සහ වැරදි ඉතා නිශ්චිත ලෙසින් ප්‍රකාශිතව තිබීම වැදගත් බවත් රැස්වීමේදී පිළි ගැනුණා. 

ගැසට් කොට තිබෙන කෙටුම්පතේ අඩුපාඩු රැසක් සංශෝධනය විය යුතු බවත්, ඒ සඳහා අදාල සියලුම පාර්ශවයන් සමග පුළුල් සාකච්ඡා සහ සංවාද පැවැත්වීම අවශ්‍ය බවත් අප විසින් පෙන්වා දුන් පසු, ඇමතිවරයා ඊට පූර්ණ එකඟතාව පළ කළා. 

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යම් කාල සීමාවක් තුල දෙස් විදෙස් පාර්ශවකරුවන්ගේ සහ මහජනයාගේ අදහස් උදහස් විමසීමෙන් පසුව පමණක් බවටත්, පාර්ශවකරුවන් සමග පවත්වන සාකච්ඡා විනිවිදභාවයකින් පවත්වන බවටත් අමාත්‍යවරයා එකඟ වුණා. 

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පවතින සියලුම ගැටළු මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලිඛිතව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා සිටියා.''

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මෙතනින්  

සබැඳි පුවත් :

ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නඩු මගට

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට ආසියානු අන්තර්ජාල සභාගයේ (AIC) කනස්සල්ල

ආන්දෝලනාත්මක පනත් දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට !

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ආණ්ඩුවේ අලුත්ම ඉන්ටර්නෙට් පනත ගෙනා සැනින් විරෝධය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද?

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනතේ පසුබිම් කතාව

සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?

'අතත් බැඳලා කටත් වහලා මිලියන 22ක් පාලනය කරන්න ඉඩ දෙන්න එපා' !

Google, Facebook, YouTube, TikTok ලංකාව හැරදා යාමේ අනතුරක් !


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්