මෑතකදී ජනාධිපතිවරයා විසින් කරන ලද යම් යම් පත්වීම් සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් ද විවිධාකාරයෙන් විරෝධයන් එල්ල වෙමින් තිබේ.

එහි දී ප්‍රධාන තැනක් ගන්නේ චීනයේ මුල්‍ය අනුග්‍රහය ලබන ෆාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘ, මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසත්, ෆාත්ෆයින්ඩර් ආයතනයේ හිටපු ප්‍රධානින් වන අද්මිරාල් (විශ්‍රාමික) ජනනාත් කොළඹගේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙසත්, විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙසත් පත් කිරීම පිලිබඳවයි.

මෙම පත්කිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වා ගෙන යන සමාජ මාධ්‍ය හරහා බරපතල විවේචනයක් ඉදිරිපත් කරමින් සිටින අතර එහි පෙරමුණ ගෙන සිටින්නේ එම පක්ෂය විසින් මෙහෙයවන Lanka Lead News වෙබ් අඩවියයි. 

මේ අතර හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු වන මංගල සමරවීර පවසා සිටියේ, ෆාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ හරිනම් පත්කළ යුත්තේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස බවයි. ප්‍රබල චීන නියෝජිතයකු වන මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීම රටට එතරම් යහපත් නොවන බව මංගල වැඩිදුරටත් කියා සිටියේය. 

''මේ අතර හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු වන මංගල සමරවීර පවසා සිටියේ, ෆාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ හරිනම් පත්කළ යුත්තේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස බවයි. ප්‍රබල චීන නියෝජිතයකු වන මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීම රටට එතරම් යහපත් නොවන බව මංගල වැඩිදුරටත් කියා සිටියේය. '' 

ජනාධිපති කාර්යාලයේ නිවේදනය :


මෙවැනි බලපෑම් හමුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කල නිවේදනයක සඳහන් වන්නේ, ජනාධිපතිවරයා විසින් සිදුකළ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමින් බවයි.

එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් එම නිවේදනය මගින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
 
Screen Shot 2020 09 03 at 8.37.23 AM
ජනාධිපතිගේ නිවේදනය ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක් වාර්තා කර තිබුනේ මෙසේය.
 

ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බැව් ජනාධිපතිවරයා එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරයි.

එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස ජනාධිපති සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.

පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇතැයි ජනාධිපතිවරයා අදහස් කරයි.


මිලින්දට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා?

Screen Shot 2020 09 03 at 8.34.46 AM
ජනාධිපතිවරයා එසේ තමන්ගේ පත් කිරීම් විවේචනය නොකරන්නැයි අවවාදාත්මක නියෝගයක් නිකුත්කර තිබිය දී පවා Lanka Lead News ඊයේ (02) දිනයේ ද මිලින්ද මොරගොඩ අභියෝගයට ලක්කරමින් ''මිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා?'' යයි පුවතක් පළකර ඇත. 

අදාල බිල් පත් ද සහිතව පළකර ඇති එම පුවතේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

''නෝර්වේ රාජ්‍යයේ විදෙස් අමාත්‍යාංශය විසින් 2005 වර්ෂයට අදාලව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානව වලට සහ ක්‍රියාකාරී පුද්ගලයන්ට ගෙවන ලද මුදල් සම්බන්ධයෙන් කරන ලද ගෙවීම් පිළිබඳව නෝර්වේ රාජ්‍යය කරනු ලැබූ පසු විපරම් වාර්තාවක යැයි පැවසෙන පිටුවක ඡායාරූපයක් අන්තර්ජාල පරීශීලකයන් අතර හුවමාරු වෙමින් පවතී.

එම ලියවිල්ලට අනුව ශ්‍රී ලංකාවේ නෝර්වේ ගෙවීම් ලද පුද්ගලයන් අතර වැඩිම මුදලක් ගෙවූ පුද්ගලයා වන්නේ මිලින්ද මොරොගොඩ මහතායි. ඔහුට ගෙවා ඇති මුදල නෝර්වේජියන් ක්‍රෝන 8,400,000ක් හෙවත් ශ්‍රී ලංකාවේ රුපියල් 154,547,046.75ක් ලෙස එකී වාර්තාව පෙන්නුම් කරයි.''

''එම ලියවිල්ලට අනුව ශ්‍රී ලංකාවේ නෝර්වේ ගෙවීම් ලද පුද්ගලයන් අතර වැඩිම මුදලක් ගෙවූ පුද්ගලයා වන්නේ මිලින්ද මොරොගොඩ මහතායි. ඔහුට ගෙවා ඇති මුදල නෝර්වේජියන් ක්‍රෝන 8,400,000ක් හෙවත් ශ්‍රී ලංකාවේ රුපියල් 154,547,046.75ක් ලෙස එකී වාර්තාව පෙන්නුම් කරයි.''

එකී ලියවිල්ලට අනුව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද නෝර්වේ ආධාර ලැබූ ලයිස්තුවේ සිටී. එම ලියවිල්ල පවසා සිටින පරිදි මෙම පුද්ගලයන් හැරුණු විට ඉතිරි මුදල් සියල්ල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන වලටය.

එසේ ගෙවීම් ලැබූ සියළු සංවිධාන කොටි හිතවාදී බෙදුම්වාදී සංවිධාන වීමද විශේෂත්වයක් බව Lanka Lead News වැඩිදුරටත් පවසයි. 


සබැඳි පුවත් 

පාත්ෆයින්ඩර් මොරගොඩ ඉන්දියානු මහ කොමසාරිස් ධුරයට! -කැබිනට් බලතලත් දීලා ලු!

විදේශ ලේකම්ගේ ප්‍රකාශයට 'දේශප්‍රේමීන්ගේ' විරෝධය!

මිලින්ද මොරගොඩගේ පත්වීමට 'ජාතික සංවිධාන' විරෝධය!

ජනාධිපති වටේ මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් !

''ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් කොළඹගේ ඔත්තු සේවා ඒජන්තයෙක්''- ඇමති විමල්

ඇමරිකානු කුමන්ත්‍රණයක් : ගෝඨා-මිලින්ද-බ්ලේක් හවුල ගැන වාසුටත් සැකයක් (වීඩියෝ)

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58