සීනි බද්ද අඩු කිරීම නිසා රජයට 2020 ඔක්තෝබර් 13 දින සිට පෙබරවාරි 20 දින වන විට රුපියල් කෝටි 15,900ක් අහිමි වී
ඇති බව අනාවරණය කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව සමාජ මාධ්‍ය ඔස්සේ පැසසුමට ලක්ව තිබේ.
 
සීනි බද්දට අදාල ගැසට් නිවේදනය නිකුත් කළ මුදල් අමාත්‍යංශයම රජයට සිදුව ඇති බරපතල පාඩුව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට සිදුවුයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ මැදිහත්වීම නිසාය. 
 
සිනී බදු අඩු කිරීමේ වාසිය මහාපරිමාන සීනි ආනයන කරුවන් කිහිපදෙනෙකු අතට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් කරන ලද විමසුමකට පිළිතුරු වශයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (09) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් මෙතෙක් වසන්කල රහස් ගණනාවක් අනාවරණය වී තිබේ. 
 
සීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයන්ට හිමි වන්නේද යන්න පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස එම කාරක සභාවේ සභාපති, 'පොහොට්ටු' පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා  මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට මිට ඉහතදී දැනුම් දුන්නේය.
 
මුදල් අමාත්‍යංශය විසින්  2020 ඔක්තෝබර් මස 13 පැනවූ අංක 2197/12 දරන ගැස‍ට් පත්‍රය මඟින් ආනයනිත සීනි කිලෝග්‍රෑමයක් සඳහා එතෙක් රු.50.00 ක් ලෙස පැවති බදු මුදල ශත 25 ක් තෙක් සංශෝධනය  කිරීම මඟින් එහි වාසිය පාරිභෝගිකයන්ට  කිසිසේත්ම නොලැබී ගිය බවද මුදල් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කර තිබිණ. 
 
ඒ, පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට නිකුත් කළ මුදල් අමාත්‍යංශයට අදාළ අති විශේෂ ගැසට් පත්‍ර කිහිපයක් ජනවාරි 05දා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ගැනුණු අවස්ථාවේ දී ය.
 

1 1

2 1

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාවට එසේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කිරීමට සිදුවුයේ, මෙම අවිධිමත් බදු ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍යය මඟින් හෙලි කිරීමත් ඉන් පසුව විපක්ෂයේ සීමිත මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම වැරදි ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දිගින් දිගටම දැනුවත් කිරීම නිසාය.
 
රුපියල් කෝටි ගණනක බදු රජයට අහිමි වීම පිළිබඳ රජය පාර්ශවයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොදැක් වු අතර පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක, පාඨලි චම්පික රණවක, ආචාර්ය හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න, හරේන් ප්‍රනාන්දු, රන්ජිත් මද්දුම බණ්ඩාර  වැනි මන්ත්‍රිවරුන් මේ පිළිබඳව ජනතාව දැනුවත් කරද්දී ජාවාරම්කාරි සමාගම්වල මාසික වැටුපෙන් යැපෙන ආණ්ඩුවේ හා විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් අදාල ව්‍යාපාරික සමාගම්වලට සහය දැක්විය.
 
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව තුල දී සීනි මගඩිය හෙළිදරව්කර සිටියේ මෙසේය.
 

 
 
අතීත කථාව කෙටියෙන් :
 
Gazzet Suger 1

Gazzet Suger 2

 
2020 ඔක්තෝම්බර් මස 13 දින වනවිට සීනි ආනයනයේදි විශේෂ ආනයන බද්ද ක්‍රියාත්මක වූයේ 2020 මැයි මාසයේදී සීනී කර්මාන්තයේ උන්නතිය සදහා රජය විසින් පණවන ලද කිලෝවකට රුපියල් 50/-ක් වශයෙනි.
 
මුදල් අමාත්‍යංශය, මහා භාන්ඩාගාරය, අයවැය දෙපාර්තමේන්තුවටත් ජීවන වියදම් කමිටුවත් හොරෙන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සන යොදා 2020-ඔක්තෝම්බර් මස 13 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන් එවකට පැවති රුපියල් 50/= ආනයන බද්ද කිලෝවකට ශත. 25 දක්වා අඩු කෙරින. පාරිභෝගිකයාට අඩු මිලට සීනි ලබා දීමේ පරමාර්ථයයෙන් එවැනි පියවරක් ගත්බව ජනාධිපති මාධ්‍ය සඳහන් කරනු ලැබීය. 
 
ඒ වන විටත් ඊට ප්‍රථම (සැප්තැම්බර්) මාසයේ මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ටොන් 80,000ක් ව්‍යාපාරිකයන් 15 දෙනෙකුගේ ගබඩාවල තිබුණ අතර ඔවුන් සියලු දෙනාම ආනයනය කරන ලද සෑම සීනි කිලෝවකට රුපියල් 50/- තීරු බද්දක් ගෙවා තිබුණි. 
 
මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවට මාස 2කට සෑහෙන සීනි ප්‍රමාණයකි. මුදල් අමාත්‍යංශයේ වාර්තාවේ සඳහන් කර ඇති සමාගම තීරුබදු නොගෙවන ලද සීනි ‌ටොන් 8000ක් බන්දිත ගුදම්වල තිබු අතර ඔවුන් පසුදිනම එම සීනි තොගය සඳහා ශත 25 බැගින් තීරු බදු ගෙවා නිදහස් කරගෙන රජය විසින් අඩු කළ රුපියල් 50 වාසිය ජනතාවට නොදී එවකට පැවති වෙළෙඳපල මිල වු රුපියල් 125/-ට සීනි අළෙවි කළේය.
 
 රාජ්‍ය ආයතනයක්වන ලක් සතොසට ද රුපියල් 105/= හා 110/= වැනි මිල ගණන් වලට සීනි අලෙවි කර ඇත.
 
මෙම ක්‍රියාවලිය දිගටම පැවති අතර සීනි ටොන් 80,000ක් ආනයනය කරන ලද සමාගම්වලට කිසිවක් කිරීමට නොහැකි ආකාරයට ඉන්දියාවේ ලාභ සීනි ශත.25 බද්දට ශ්‍රී ලංකාවට ගොඩ බෑවුණි. 
 
පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විසින් සීනි සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 85/ක් වශයෙන් ගැසට් පත්‍රයක් 2020 ඔක්තෝබර් 01 දින නිකුත් කළත් එය බොහෝ සමාගම් පිච්චියකටවත් ගණන් නොගෙන අද වන විටත් ශත.25 තීරුබද්දට ආනයනය කරන සීනි තමන්ට සිතු මුදලකට අලෙවි කරමින් සිටි.
 
කෙසේ වූවද අවම වශයෙන් ගිණුම් කාරක සබාවේ සභාපතිවරයා විසින් කැඳවන ලද මෙම වාර්තාවෙන් බොහෝ කරුණු හෙලි වී ඇත. 
 
අදාල වාර්තාව පිළිබඳ අප ඉදිරියේදි කරුණු හෙලිදරව් කිරීමට  බලාපොරොත්තු වෙන අතර මෙම අවිධිමත් තීරුබදු පැනවීම නිසා රජයටත් සමහර සමාගම්වලට සිදු වූ අලාභය ගණනය කළ නොහැකි ප්‍රමාණයකි. 
 
මෙහිදී සාධාරණ වෙළඳාමේ නියලුන සීනී ව්‍යාපාරිකයන් වින්දිතයන් බවට පත් කළ ක්‍රියාවේ සාරාංශය මෙසේය-
 
 
1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.
 
 
2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු  අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.
 
 
3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.
 
 
4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත. එය 2021 අප්‍රේල් 13 දින නොනගතය දක්වා පවතිනු ඇත. 
 
හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ  අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.
 
 
5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය  කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.
 
 
6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.
 
 
 7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.
 
සීනි බදු වංචාව හා එහි මහ මොළකරුවන් ගැන හෙළිකරමින් 'ද ලීඩර්' පලකරනු ලැබූ ලිපි කිහිපයක් පහත පළවේ.
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  

 


 

 
 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්