leader s

තමන්ගේ ආශාව රැකියාව බවට පත් කරගත්ත මිනිස්සු සාපේක්ෂ වශයෙන් ඉතා අඩුයි.
ඒත් ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්නේ ආශාව - රැකියාව, එහෙම නැත්නම් ඉපැයීමේ මාර්ගය කරගත්ත මිනිස්සු. ඒ අතරිනුත් ඇතැමුන් ඉන්නවා තමන්ගේ ජිවිතේ එදිනෙදා පැවැත්ම වඩා සෞන්දර්යාත්මක නැවුම් ආරෙකින් ලෝකෙට ඉදිරිපත් කරලා සාර්ථක වුණු. අද අපේ කතාව එහෙම දෙන්නෙක් ගැනයි.
 
Imported Image 1648718514maopG4vLAc
එක්කෙනෙක් Yehuda Devir. ඔහු ඊශ්‍රායල් ජාතිකයෙක්. ඉලස්ට්‍රේටර් ආරෙන් සිතුවම් අඳින්න පටන් ගන්න කලින් ඔහු ඉතාම කුඩා කල සිට සැම දරුවෙකු මෙන්ම ගෙදර බිත්ති වල චිත්‍ර ඇඳි බවත්, ඔහුගේ පියා ඒ වෙනුවෙන් බැනවදිනු වෙනුවට රාත්‍රියේ අලුතින් නැවත බිත්ති වල තීන්ත ආලේප කර ඔහුට නැවත ඇඳීමට ඉඩ සලසා දුන් බවද පැවසෙනවා.
5eafc5a1714e1 funny parenting comics yehuda devir 5e996ef51850b 700
 
ඊශ්‍රායලයේ අනිවාර්ය හමුදා සේවයට බැඳුනු කාලයේදී ඔහු හඳුනා ගන්නා Maya Zeltzer ඔහු හඳුනා ගන්නේ එම කාලයේ එකම හමුදා කඳවුරක රැඳී සිටියදීයි. අනිවාර්ය සේවයෙන් ඉවත් වීමෙන් පසු එකිනෙකා හා පෙමින් බැඳෙන ඔවුන් 2016 වසරේදී විවාහ වෙනවා. ඇමරිකානු කොමික් ආරෙන් යුතු මෙම ඉලස්ට්‍රේටර් සිතුවම් ඔවුන් අතින් නිමවන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවයි. ඒ ඔවුන් දෙදෙනාගේම සුන්දර දිවියේ විවිධ අතිශය සාමාන්‍ය එදිනෙදා සිදුවීම් වල හාස්‍ය රසය ඉස්මතු වන ආකාරයෙන්.
 
Hkm5YX3mq 0 0 3000 2084 0 x large
One of Those Days  නමින් නම් කෙරුණු මෙම සිතුවම් පෙළ 2020 වසරේදී කොමික් ආර්ට් ග්‍රන්ථයක් ලෙසද එළි දැක්වුණා. සිතුවම් ඇඳීම Yehuda විසින් සිදු කරන අතර එහි අධ්‍යක්ෂණ සහ සංස්කරණ කටයුතු සිදු කෙරෙන්නේ Maya  අතින්. ස්වභාවික ජිවිතයේ අසම්පුර්ණ එහෙත් දුක සතුට විනෝදය මුසු එම සිතුවම් ලෝකය පුරා අතිශය ජනප්‍රිය වීමට ගත වූයේ කෙටි කාලයයි. මේ වන විට එය ඔවුන්ගේ වත්කම් ඉහල නංවන ප්‍රධානම ව්‍යාපාරය වන අතර, ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා වැඩමුළු යනාදිය ඔස්සේ දැනුම බෙදා දීමද Yehuda සහ Maya විසින් සිදු කරනවා.
workout e1605017643422 1024x446
 
මේ වන විට ඔවුන් දෙදෙනාගේ පමණක් නොවේ ඔවුන්ගේ දරුවන්ගේද අපූරු ක්‍රියාකාරකම් වලින් යුතු මේ කොමික් සිතුවම් ග්‍රන්ථ කිහිපයක් ලෙසද පළවී තිබෙනවා. මේ ඔවුන්ගේ අපුරු සිතුවම් වලින් කිහිපයක්.
 
yehudaq2yehuda354tumblr 958f56d690a25ade2e988867e2c8c9b6 2c5834e9 64060360374ee780 parenting comics yehuda devir 8 6034ae2e3c3db 700
Amanda Oleander 
 
amanda o
මෙලෙසම සිය ජීවිතයේ එදිනෙදා හැඟීම් සහ මනුස්ස ජීවිතයක අසම්පුර්ණබාවය සිතුවමට නගන තවත් ඉලස්ට්‍රේටර් ශිල්පිනියක් තමයි Amanda Oleander ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පිනියක් වන ඇය සිය නිර්මාණ කටයුතු ආරම්භ කරන්නේ 2014 වසරේදීයි.

ඇගේ සිතුවම් මගින් ඇඳේ ගුලි වී සිටීම හෝ රාත්‍රී ආහාරය පිසීම වැනි අතිශය සාමාන්‍ය අවස්ථාවන් රසිකයින්ගේ ජීවිත සමඟ චිත්තවේගීය ගැඹුරක් සහ සමීපතාවයක් ඇති කරවනසුලු වීම විශේෂත්වයයි. කලාකරුවෙකු ලෙස ඇගේ මෙම ආකර්ෂණීය වෘත්තීය ජීවිතය සමඟින්, Oleander විවිධ කැපී පෙනෙන වෙළඳ නාම සහ ග්‍රීන්පීස් සහ ලෝක වනජීවී අරමුදල වැනි ලාභ නොලබන සංවිධාන සමඟත් කටයුතු කරලා තියෙනවා.
 
ol34645
මෙලෙස ජාත්‍යන්තර අවධානය දිනාගෙන ඇති ඇයගේ කලා කෘති රටවල් 110 කට අධික සංඛ්‍යාවකට අලෙවි වෙලා තියෙන බව තමයි කියන්නේ. Amanda Oleander ගේ ප්‍රශංසනීය සිතුවම් මාලාවෙන් ඔබ්බට, ඇයගේ දෛනික ජීවිත නිදර්ශන සිතුවම් කෙතරම් ප්‍රසිද්ධියක් සහ ප්‍රමුඛත්වයක් ලබා ගත්තාද යත්, සැන් ඩියාගෝ විශ්ව විද්‍යාලයේ TEDx talk ඒකන දේශනයක් පැවැත්වීමටත් ඇයට ආරාධනා ලැබුණා. Joey Rudman හා විවාපත් වී සතුටු දිවියක් ගෙවන ඇය දැන් ඇයගේ සිතුවම් තුලින් ඔවුන්ගේ හා ඔවුන්ගේ දරුවාගේ ජීවිතයේ විවිධ අවස්ථා සිතුවමට නගනවා.
FACT BAHRAIN JULY AUGUST 2020 Final Hi Res 89
 
ol678678
 

සටහන : Yesha Fernando

රචිකාවගේ වෙනත් ලිපි :  

ඉන්දියානු ෆ‍්‍රීඩා - අම්රිතා ෂෙර් ගිල්

ද සිම්ප්සන්ස් අනාවැකිකරුවෝ

මත්පැන්, ගැහැනු සහ අඳුරු මනසට ගොඳුරු වූ සිත්තරා

ගිබ්ලි vs ඇමරිකන් AI

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර් 

බැන්ක්සි බලපෑම 

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු 

ඇමරිකාව කොමඩ් එකට දැමු ‘කැටලන්‘
 
කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනව ද ?
 
මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
 
සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!
 
කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?
 
උපුල් නුවන් විදහා සිනා නොවන ඩාවින්ලිසා

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්