පුවත්
Showing page 135 of 1715 (25,722 articles)

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ ආයෝජන විභවයන් ජාත්‍යන්තරය හමුවේ තැබීමේ අරමුණින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවරදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර තිබේ.

පොහොර හිඟයක් නොවන්න සමාගම් සහතික වෙයි: ‘පරණ ණය’ මැද ලාල්කාන්තගෙන් විශේෂ සාකච්ඡාවක්!
ඉදිරි මහ කන්නය සඳහා රටට අවශ්‍ය පොහොර ප්‍රමාණය කිසිදු හිඟයකින් තොරව ගෙන්වා බෙදා හැරීම තහවුරු කිරීම වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මෙරට ප්‍රමුඛ පෙළේ පොහොර ආනයන සමාගම්වල නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (01 වැනිදා) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මැදපෙරදිග අර්බුදය නිසා මැයි මාසයේ තෙල් ආනයන බිල ඩොලර් මිලියන 520 දක්වා සිව්ගුණයකින් ඉහළට
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ පීඩනයෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය විසින් වෙන් කර තිබූ රුපියල් බිලියන 57 ක ඉන්ධන සහනාධාර ප්‍රතිපාදනය එළඹෙන ජූනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ.ඒ.එස්.ද එස්. රාජකරුණා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

'රට නැවතත් බංකොලොත් අගාධයට?' - රාජිතගෙන් සංඛ්‍යාලේඛන සහිතව දැඩි ප්‍රහාරයක්!"
කොළඹ මල් පාර ඒකාබද්ධ විපක්ෂ කාර්යාලයේ ඊයේ (1) පැවැති මාධ්‍ය සාකච්ඡාව අමතමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වත්මන් පාලකයින්ට දැඩි ආර්ථික විවේචනයක් එල්ල කළේය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
2016 දී සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව රජයේ අරමුදල් රුපියල් බිලියන 36 කට වඩා අවභාවිත කර ඇති බවට පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව වහාම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය.

උදය ගම්මන්පිලගේ ප්‍රකාශ පිළිබඳ විමර්ශනයක් : සංස්කරණය නොකළ දර්ශන අධිකරණයට කැඳවයි
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් විද්‍යුත් නාලිකා ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ආරම්භ කර ඇති විමර්ශනවලට අදාළව අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක් නිකුත් වී තිබේ.

බහිරවකන්ද කළු පැල්ලම: 15 හැවිරිදි දැරිය කෙලෙසූ හිමිනම රිමාන්ඩ් !
බහිරවකන්ද සුදර්ශනාරාම විහාරස්ථානයේ (ශ්‍රී මහා බෝධි විහාරය) 25 හැවිරිදි බෞද්ධ හිමිනමක් විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ තැතිගන්වනසුලු පුවතක් මහනුවරින් වාර්තා වේ.

ඥානසාර හිමිට එරෙහි දශකයකට වඩා පරණ 'විල්පත්තු කතාව' උසාවියට එයි
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව, ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් පවතින නඩුව විභාග කිරීම සඳහා ලබන ජූනි 26 වනදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

'පනින රිළවුන්ට' වැට බඳින පක්ෂ මාරු තහනම් පනත ලෑස්තියි! - විපක්ෂයෙනුත් කොළ එළියක්!
පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් මුදලට හෝ වරප්‍රසාදවලට පිල් මාරු කිරීමේ දූෂිත සංස්කෘතිය සහමුලින්ම තුරන් කිරීම සඳහා වන "පක්ෂ මාරු තහනම් පනත් කෙටුම්පත" සකස් කිරීමේ මූලික කටයුතු මේ වන විට සාර්ථකව ආරම්භ කර තිබේ.

'ඩොලර් නෑ... තෙල් පාවිච්චිය අඩු කරපල්ලා !' : තෙල් මිල වැඩිවීමේ ඇතුළු පැත්ත ඇමැති අනුර දිග හරියි!
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමට ඩොලර් පිටතට ගලා යාමේ බරපතල අර්බුදයකට රජය මුහුණ දී සිටී.

'ජනතාවගේ කඳුළෙන් එන ඩොලර් ටික ‘පැලවත්තෙන්’ කොල්ලකනවා' - චම්පිකගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්
වත්මන් ආණ්ඩුව ජනතාව මත අධික බදු බරක් පටවමින්, විදේශගත ශ්‍රමිකයන් අසීරුවෙන් උපයන ඩොලර් වංචනික ජාවාරම් හරහා කොල්ලකන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

කෝටිපතියන් පිනවන ආණ්ඩුවේ 'මගඩි' ගැන ජී.එල්. ගෙන් දැඩි විවේචනයක්!
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටීමේ සහනය අනෙක් රටවල් තම ජනතාවට ලබා දෙද්දී, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටත් වෙමින් පස් මාසයක් තුළ හත්වැනි වතාවටත් ඉන්ධන මිල ඉහළ දමා ජනතාව දැඩි පීඩනයකට පත් කර ඇති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යය තුළ දෙමළ ජනතාවට ‘යුක්තිය නෑ’
වෙනම රටක් ඉල්ලා සිටීමට හේතු වුයේ බෞද්ධ ආධිපත්‍ය සහිත ඒකීය රාජ්‍යය තුළ දෙමළ ජනතාවට යුක්තිය නොලැබීම නිසා බව වසර විසි දෙකකට ඉහතදී වෙඩි පහරින් බිම හෙලන ලද ජ්‍යෙෂ්ට දෙමළ මාධ්‍යවේදියකුගේ අනුස්මරණයකට එක්වෙමින් දෙමළ ජනතා නියෝජිතයකු පවසා තිබේ.

ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවට මිලියන 99ක දැවැන්ත ආයෝජනයක්
ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) අද (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

'බාල ගල් අඟුරු පාඩුව පියවන්න ජනතාවගෙන් බදු අය කරනවා' - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට දුන් පොරොන්දු අමතක කර, තමන්ගේ නොහැකියාව, වංචාව සහ දූෂණය හේතුවෙන් සිදුවන සියලු පාඩු ජනතාව පිට පටවමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

