පුවත්
Showing page 134 of 1715 (25,721 articles)

'ලංකාවේ දෙමළ ජන සංහාරයක් වුණේ නෑ!' – සිඩ්නි මතභේදය ගැන ඇමති විජිත කැන්බරා සිට කියයි
ශ්‍රී ලංකාව තුළ කිසිදු අයුරකින් දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.

ජොන්ස්ටන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට!
ශ්‍රී ලංකාවට මෑතකදී රහසිගතව ගෙන්වන ලද, බිලියන ගණනක් වටිනා 'අයිස්' (Methamphetamine) මත්ද්‍රව්‍ය අඩංගු බහාලුම් (Containers) දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ ජාලය දැන් දේශපාලන කරළිය දෙසට දිගු වෙමින් පවතී.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක ‘හැකර්’ මංකොල්ලය: හර්ෂගේ ගෙදරට ආ රහස් වාර්තාව හරවා යවයි!
මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදලක් හැකර් ප්‍රහාරයක් මගින් වෙනත් පාර්ශ්වයකට සාපරාධී ලෙස යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව

විදුලි බිල ඉහළ යාමට සාපේක්ෂව ජල ගාස්තුව ද සුළු ප්‍රමාණයකින් ඉහළට !
මෑතකදී සිදුකළ විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව, ඉදිරියේදී ජල ගාස්තුව ද ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

ලලිත්-කුගන් අතුරුදහන් කිරීම: ගෝඨාභයට අනිවාර්යයෙන්ම යාපනය උසාවියේ සාක්කි දීමට සිදුවේ
අවුරුදු 14 කට පෙර තරුණයන් දෙදෙනකු අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු විභාගය සඳහා යාපනයට පැමිණීමෙන් මේතාක් කල් වැළකී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාර්ගගත ක්‍රමයෙන් හෝ වෙනත් ක්‍රමයකින් අනිවාර්යයෙන් යාපනය උසාවියටම සාක්ෂි දෙන ලෙස නියම කර තිබේ.

ඩොලර් හිඟය නිසා ‘QR සූත්තරය’ යළිත් තද වෙයි: නීති කඩන ෂෙඩ්වලට රතු එළි; කෝටාව වෙනස් වෙන්නේ නෑ!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ රටින් පිටතට ඇදී යන දැවැන්ත ඩොලර් ප්‍රමාණය පාලනය කිරීම සඳහා, මේ සතියේ සිට ‘ජාතික ඉන්ධන බලපත්‍ර’ (QR ක්‍රමවේදය) මීට වඩා ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

ණය උගුලෙන් මිදී ආර්ථික ස්වෛරීභාවය දිනාගන්නා ‘මිලින්දගේ සරල සූත්‍රය’ මෙන්න!
ශ්‍රී ලංකාව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ගැන නිරන්තරයෙන් කතා කළද, ඩොලර් බිලියනයක් රැගෙන පැමිණෙන විදේශීය ආයෝජකයෙකුට මෙරට සාධාරණ ප්‍රතිලාභයක් සහිතව ආයෝජනය කිරීමට පැහැදිලි අවස්ථාවන් නොමැති බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ පවසයි.

OTP හොරුන්ටයි, පිරමිඩ ජාවාරම්කාරයන්ටයි වැට බඳින්න මහ බැංකුවෙන් ‘Be Scam Proof’ මෙහෙයුමක්! - නව ආරක තේමා ගීතයක් එළිදැක්වේ
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින විවිධ මූල්‍ය වංචාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) ආරම්භ කළේය.

ලිංගික අපචාර චෝදනා ලබන අම්පාර තරුණයා ගැන පොලිසිය කියන කතාව ඇත්තද?
බාල දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අම්පාර දිස්ත්‍රික්කයේදී අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තරුණයා මවුලවිවරයකු බවට පොලිසිය කරන ලද ප්‍රකාශය ශ්‍රී ලාංකීය ඉස්ලාම් භක්තිකයන්ගේ ඉහලම අධිකාරියක් වන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

කපිල චන්ද්‍රසේන මරණ පරීක්ෂණය: නීතිඥයන් දෙදෙනෙකුට සිතාසි! දුරකතනය FBI හරහා ඇපල් සමාගමට!
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දැඩි ආන්දෝලනාත්මක පෙරළියක් සිදුවෙමින් පවතී.

කැනඩා සිහිනය ඉතියෝපියාවේ වධකාගාරයක කෙළවර වෙයි !
ලාංකිකයන් ප්‍රාණ ඇපයට ගෙන ඩොලර් 30,000ක කප්පම් ඉල්ලූ ජාවාරම ගැන පුළුල් පරීක්ෂණ!

යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ හදිසි ස්ථාන මාරුව පිටුපස දේශපාලන හස්තයක්? - යාපනය නීතිඥ සංගමය ජනපතිට ලියයි
යාපනය මහාධිකරණ විනිසුරු ඒ. ජී. ඇලෙක්ස්රාජා ධුරයට පත්ව මාසයක් ගතවීමටත් මත්තෙන් බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

විනිසුරු විශ්‍රාම වයස ස්ථිරවම දික්කරන බව ජනපති කියයි
ජුනි 1 වැනිදා සවස ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හමු වූ අවස්ථාවේදී, අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන්ම දිගු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇතැයි වාර්තා වෙයි.

මෙරට උද්ධමනය 7% දක්වා ඉහළ යාමේ අවදානමක්: මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
* ඉන්ධන මිල ඉහළ ගියත් පරිභෝජනයේ අඩුවක් නෑ; ඉල්ලුම පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි.* විදේශයන්හි සිට නීත්‍යානුකූලව උපයන මුදල් මෙරට බැංකු පද්ධතියට එවීමට කිසිදු බාධාවක් නෑ.

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ ආයෝජන විභවයන් ජාත්‍යන්තරය හමුවේ තැබීමේ අරමුණින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවරදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර තිබේ.

