1200 x 80 DMirror

 
 

ක්‍රි:පු: 119 දි ආභිධම්මික ගෝධත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සිරිලක්දිව අගවිනිසුරු පදවි ප්‍රාප්තිය සිදුවු සේක එකල්හි සිංහල භික්‍ෂු සසුන බරපතල ලෙස කිළිටිව තිබුණි.


එයට හේතු නිමිත්ත වූයේ එළාර රජ පරාජය කිරීමේ ජාතික අභිලාශය තම වගකීම ලෙස සිතූ භික්‍ෂුන් වහන්සේලා සමුදායකගේ දේශපාලනාගමන වුහ.

එළාර පරාජය වුවද දුටුගැමුණු කුමරු සේසත් නැඟුවද භික්‍ෂුන් වහන්සේලාගේ දේශපාලන භුමිකාව නතර නොවිණි. එය කෙතරම් බරපතල වුයේද යත් එළාර රජ පරාජය කිරීම උදෙසා සිදු වූ ජාතික යුද්ධයට ස්වකීය රණකාමී අවේශය ලබා දුන් නන්ද මිත්‍ර ගෝඨයිම්බර, වේලුසුමන, භරණ සහ ඵුස්සදේව මෙන්ම ලභියවසභ සමඟ සෘජුව උන්වහන්සේලා  ගැටෙන්න වුහ.

drtyryt

මේ ගැටුමෙහි ප්‍රතිඵලය වන්නේ දුටුගැමුණු රජුව තම අරමුණට නම්වා ගත් දේශපාලන සගුන් වහන්සේලා රජු සහ දසමහා යෝධයන් අතර ගැටුමකට මඟ පෑදිමය. එම අප්‍රසන්න ගැටුම නිසා කළකිරුන ගෝඨයිම්බර යෝධයා දුටුගැමුණු රජුගේ සේනාධි නායක පදවියෙන් ඉල්ලා අස් වීය. ඔහු මවුබිම ද අතහැර හිමාලයට ගොස් බවුන් වඩන්නට වුයේය.


දේශපාලන සඟුන් වහන්සේලාගේ රාජ්‍ය බල ලෝලීත්වය තිව්ර වුවා මිස නතර නොවුහ. ඊළගට මතවාදී ගැටුම නන්දිමිත්‍ර යෝධයා සහ උන්වහන්සේලා අතර පැන නැගීමේ ප්‍රතිඵල වුයේ විධායක සේනාධිපති, නන්දිමිත්‍ර දුටුගැමුණු රජ හැර යාමය.



මෙලස දසමහ යෝධයන් සහ දේශපාලන සඟුන් වහන්සේලා අතර වු ගැටීම කෙළවර වන්නේ ගැමුණු රජ තෙමේ රාජ්‍ය බලකාමී සඟුන් වහන්සේලාගේ සිරකරුවෙකු බවට පත් වීමෙනි.



මෙලස ගොඩනැඟුන සඟුන් සහ රජුන් සහවාසී “අමුතු යුගය” දෙස කම්පිත වු සසුන් භාරධාරීන් වහන්සේලාට හඬක් නොවුහ. රාජ්‍ය බලයෙන් පෝෂිත වු ඕලාරික සඟුන් වහන්සේලාගේ නොපනත්කම් වල ගලා යාම ගිහි සමාජය ද වෙලා බැද ගති. මේ විපරිත සමය පිලිබඳ“සම්මෝහ විනෝදනී නාම විභංගට්ඨකථාවෙන් ” මනා කොට තහවුරු වේ.

 මෙවන් තත්වයක් මත සසුන් පිළිවෙත නොදත් ගිහි ප්‍රභූන්ද භික්‍ෂුව දමනය කිරීමේ ව්‍යාපාරයක් ද අරඹන්නේය. ඒ අනුව දුටුගැමුණු රජු දිවිමන්ව සිටියදීම දේශපාලන සඟුන් වහන්සේලා දමනය කර ගැනීම පිණිස ගිහි ප්‍රභුන්ගේ උත්සහයන් ගණනාවක් මතු වී ඇත්තේය.

නමුත් ඔවුන්ගේ විතර්ක වාදය යථාවාදී සසුන් සම්ප්‍රදාය හා ගැටීමක් විය.



ඒ අතර සිවුසාලිස් වසක විජාතික පාලනය පරාජය කළ අනුරාගීක ජාතික උදානයක උරුම කරුවන් ලෙස මෙම සඟුන් වහන්සේලා මහත් ප්‍රබල හඬක් ද නංවා ඇත්තාහ. සසුන රාජ්‍ය බලය සමග පෑහි නොතිබුන විටක කිරුළ සතුරාට අත්වන බව උන්වහන්සේලා නැගු තර්කයය.




මෙකී තර්කයට සාධාරණ පදනමක් තිබුණි. එම නිසාම විතර්කවාදීන් දේශපාලන සඟුන් සමඟ විවාදයට බියද වූහ. අන් අතකින් මෙම තර්කනයට මුවා වී උන්වහන්සේලා රාජ්‍ය ඉසුරින් ගිහියන් පරයන තරමට මැදුරු ප්‍රාසාද, ධන භව භෝග, රිය සක සහිත විසල් ව්‍යාපාරික ප්‍රජාවක් බවට පත්ව සිටි බහු භාණ්ඩිකයෝ ද වුහ.

 මෙලස ගැමුණු සමයෙන් ඇරඹී බහු භාණ්ඩික භික්‍ෂු පංන්තියට එරෙහිව මතු වූ මතවාදය නායකත්වයක් නැති විසිරුනු සමාජ මතයක්ව තිබුණ’. ගැමුණු රජුගේ අභිරහස් ඝාතනයයෙන් පසු රජ පවුල එක්සත් කරමින් සද්ධාතිස්ස කුමර තෙමේ සෙසත් නගන්නේය.

ඒ ක්‍රි.පු. 137 වසරේදී ය. එවිට සද්ධාතිස්ස රජු ඉදිරියේ ලඹදුන් ප්‍රධාන ජාතික ගැටළුව බවට පත්ව තිබුණේ දේශපාලන සඟුන් වහන්සේලාය. එතුමාණෝ මුහුණ පෑ මේ වියවුල ස්වකීය දෙටු සොයුරාගේ රාජ්‍ය සමයෙන් උරුම වු සංකීර්ණ ගැටළුවක් වූ අතර, එය එක් අතකින් ගැමුණු නිරිඳු වෙතින් සිරිලක්දිවට උරුම වූ තවමත් නොවිසුදුණු ජාතික ගැටළුව ද වන්නේය.

කෙසේ නමුත් එළාර රජුට එරෙහිව ද,පක්‍ෂව ද, සිංහල සසුන දෙකට බෙදී තිබු අතර, එයට ඉහලින් දේශපාලනයට එරෙහිව ද පක්‍ෂයද ලෙස මහ සඟුන් වහන්සේලා අතර මතවාද දෝලනයක් වුයේය.

chanakya

භික්‍ෂුව සංසාර විමුක්ති සාධන මාවතින් බැහැරට යෑම විනය විරෝධි බව පසක් කරන විට අන්‍ය භික්‍ෂුන් පැවසුවේ බහුජන හිත සුව පිණිස හැසීරිම භික්‍ෂු සිරිත බවත් රට ජාතිය නිදහස් කර ගැනීම එම බහුජන සිත සුව පිණිස වු උපරිමය බවය.



එම නිසා එළාර රජුද දුටුගැමුණු කුමරුද මැදි කරගෙන ලක් සසුන දේශපාලනික වනවිට සසුන් භාරධාරී පිළිවෙත් සරු සංඝ නේතෘවරු නිහඬ වුහ. නමුත් උන්වහන්සේලා සීල තපෝ ගුණ වඩමින් ස්වකීය ධර්ම මාර්ගයේ නිමග්නව වැඩ විසුවෝය.

එවන් භික්‍ෂු සංඝයා අතරින් ප්‍රභාවිත හිරිමල් තරුණ භික්‍ෂුව වුයේ ධම්මික ගෝධත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේය. දුටුගැමුණු රජුද, සද්ධාතිස්ස රජු ද සමඟි කොට එකී පාලන යුග දෙක තුල පවා නිර්මල මහ රහත් මඟට පේ වෙමින් රාජ්‍ය බල තුටු පඬුරහි නොයෙලුණේ ය. උන්වහන්සේ සද්ධාතිස්ස පුත් ලජ්ජික තිස්ස රජ වන විට ජාතියේ අසහාය සංඝ නේතෘවරයාණන් වහන්සේ සේ වැජඹුණාහ.

සද්ධාතිස්ස රජු දවස ලියලමින් මෝදුවෙමින් තිබූ සසුන රාජ්‍ය බලකාමිත්වයෙන් මුදවා ගැනීමේ ජාතික අපේක්‍ෂාව ඔහුගේ දෙටු පුත් කුමරු හිස මත පැවරුණ වගකීම ද උරුමයද විය.

 ලජ්ජික තිස්ස කුමරු සේසත් නැඟු කළ ඔහු ලද මහත් වාසනාව වුයේ ධම්මික ගෝධත්ත නාහිමිපාණන් සසුන පිවිතුරු කිරීමට වැඩමවමින් රාජ ලෞකික ධුරයක් වූ අග විනිසුරු පදවිය භාර ගැනීමය. එකී පදවිය භාරගනිමින් ලෞකික පදවිය උන්වහන්සේ ලොව්තුරු කළේය.



මෙලස අගවිනිසූරු පදවි ප්‍රාප්ත මහ තෙරණුන් අභියස වුයේ එකල්හි දෙලක්‍ෂයක් පමණ වු සිංහල සඟුන් වහන්සේලා අරඹයා විනය වත විචාරාලීමටය. නමුත් උන්වහන්සේ කිස‘දු විනය වත් චාරිත්‍රක් විචාර නොකර වැඩ විසීය. එවිට ඒ ඒ සසුන් ගුරු කුල විසින් විනය විචාරන්නට විය එලෙස විනය විචාරමින් සසුනින් පිටමං කළ යතිවරු විත් ගෝධත්ත මහ තෙරුන් වහන්සේට අභියාචනා ඉදිරිපත් කරන්නට විය.



එවිට රට කැළඹෙන්නට වුයේ “අදින්නාදාන පාරාජිකාව” නිසාය.


අන්සතු ධනය සොරා ගත් භික්‍ෂුන් අපමණ විය. අන්සතු ධනය අතර මහා ධනය වුයේ ජාතික ධනයය. එක් තැනක ඇතුන් වනයෙන් සොරා ගත් භික්‍ෂුන් ය. මැණික් සොරා හැරූ භික්‍ෂුන් ය. රජ වරමින් විහාර සොරා ගත් භික්‍ෂුන් වහන්සේලා ය. තවත් තැනක කතුන් අදින්නාදාන කර ගත් සළෙලු යති පුතුන්ය. තවත් තැනෙක පුතුන් තැනූ සංඝ පියවරුන්ය. තවත් තැනෙක ආමිස පුජා සමූහ සමාගම් හිමි තෑරව්කාර සඟුන් වහන්සේලා විය. මේ අතර බිසෝ මැති - ඇමැති සිටු පුතුන් සමඟ සමවැසි අමුතු සඟුන් ද විය. මේ සියල්ල වැඩ වසන විට “අදින්නාදාන පාරාජිකාව” පැනවූයේ පොල් කටු පාත්‍රයක් සොරකම් කළ භික්‍ෂුන් වහන්සේ නමකටය.



“අදින්නාදාන පාරාජිකාව” පැනවූ කල්පිටිය මණ්ඩලාරාම මහ වෙහර වාසින් වහන්සේ මෙම අවනඩුව මහා සෑය පාමුලටආභිධම්මික ගෝධත්ත මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විචාරන්න පටන් ගති. ලක් සසුන් ඉතිහාසයේ පළමු අභියාචනාධීකාරී නඩුව එය විය. එය සැලවී දසදහස් ගණන් මහ සඟුන් වහන්සේලා වියතුන් සදෑහැවතුන් ද මහාසෑය මළුවට පැමිණියේය.

අභියාචනය විභාගය ට ගත් අගවිනිසුරුන් වහන්සේ පැමිණිලිකාර භික්‍ෂුන් වහන්සේට විනය දඩුවම් පැමිණ වූ මිහින්තලා මහා විහාර සඟ ගණය කැදවිය. පසුව අගවිනිසුරුන් වහන්සේ මෙසේ විචාරා ඇත්තේය.


   “මේ භික්‍ෂුව මේ තලිය කවර තැනින් සොරා ගනු ලැබිද? අන්තර් සමුද්‍ර විහාරයෙන් සොරාගත් බව පැවසීය. එම තලිය කොපමණ වටීදැයි ඉන්පසු විමසා ඇත. එවිට චූදිත භික්‍ෂුව දඩුවම් පැමිණි වූ මිහින්තලා සඟ ගණය කිසිදු වටිනාකමක් නැති බවත් ඒවා මිනිස්සු පොල් බිද මදය අනුභව කොට කටු බාහිරට දමන බවත්, එවා දර පිණිස ප්‍රයෝජනයට ගන්නා බවත්, අගවිනිසුරු වහන්සේට ප්‍රකාශ කර ඇත.

එවිට ආභිධම්මික ගෝධත්ත ස්ථිවරයාණන් වහන්සේ විමසා ඇත්තේ මේ පොල් කටුවෙන් තලිය සෑදීමට වැය කල අත්තම කොපමණ ද කියාය. එවිට පිළිතුරු වී ඇත්තේ මසසක් හෝ මස්සකට අඩු බවය.

එවිට අගවිනිසුරුන් වහන්සේ විමසන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මස්සක් හෝ මස්සකට අඩු වටිනාකමෙන් ඇති වස්තුවක් සොරකම් කිරීමෙන් අදින්නාදාන පරාජිකාවට පත් වේ යැයි පැණ වූ විනයක් හෝ තැනක් වේදැයි කියාය. එවිට ගෝධත්ත මහ තෙරිඳු හමුවේ මිහින්තලා සඟ ගණය සහ සමස්ත භික්‍ෂු සංඝයා නිරුත්තර වේ.



මහ සෑ මළුවේ වැඩ සිටි චූදිත භික්‍ෂුව එම නිසා අදින්නාදාන පාරාජිකාවෙන් නිදොස් කොට නිදහස් කළේ ය. එවිට මහ සෑ මළුවේ විනිසුරු සභාවට කන් දීමට පැමිණ සිටි සිරිලක් රජ ලජ්ජික තිස්ස විෂයෙහි නෙත් යොමු කළ අගවිනිසුරුන් වහන්සේ මහ රජ මස්සකට අඩු සොරකම පාරාජිකා නැතැයි ද, මස්සකට වඩා සොරකම පාරාජිකාවද බව වදාලහ.




එය අසා උන් රැස්ව සිටි අඩ මස්සකට වඩා සොරකම් කර ඇති මහා චෞර සංඝයා වහන්සේලා චූල චෞර භික්‍ෂුවට නිදහස ලැබී තමනට දඩුවම් ලැබී ඇති බව දැනී එවලේහිම සිවුර හැර සමාව ඇයැද මහණ උපසම්පදා යලිත් පැතුවේය.

එකල්හි අගවිනිසුරුන් වහන්සේ “අදින්නාදාන පාරාජිකාව” පැනවු අතර එයින් චුදිතව සිවුරු හැර දැමුවන් රජුටභාර කළේය. එවිට මහරජ විමසන්නේ “ ස්වාමීණි අගවිනිසුරුන් වහන්ස, මේ කවුරුන් වේද යන්නය. එවිට තෙරිඳු වදාරන්නේ, මහ රජ මේ ළාමකයන්ය ඔහුනට පැවිද මඟද ගිහි මඟද නැත කියාය.

එසේ නම් කවර මඟක් ඔහුනට උරුම වේදැයි රජ තෙමේ නැවත විමසන්නේය. එවිට අගවිනිසුරුන් වහන්සේ පවසන්නේ ඔහුනට අභියාචනාධීකරණයට පිවිස පැවිදි මාවත හෝ ගිහි මාවත තෝරා ගත හැකි බවය.

එකල්හි පැවිදි මාවත මනාප වු චූදිත පරාජිකා වූවන් ආභිධම්මික ගෝධත්ත මහා තෙරිදුගෙන් පැවිද්ද, ගිහි ජිවිතයට මනාප වුවන් ලජ්ජික තිස්ස රජුගෙන් ගිහි පැවැත්ම ද යදිමින් අභියාචනා අධීකරණයට පිවිසීමෙන් ලක් සසුන් ඉතිහාසයේ ප්‍රථම සංඝ විපරිතය නිමා වුයේය.


මෙවන් ප්‍රජාතාන්ත්‍රවාදී මාවතක ඓතිහාසික පූර්වා දර්ශය ඇති ජාතික දේශපාලන සම්ප්‍රද්‍රයකට සහ ශාසනික සම්ප්‍රද්‍රයකට නුතන විපරිත ශාසන විපතින් මිදෙන්න අදින්නාදාන පාරාජිකාව පූර්වාදර්ශයක් වේවා.



Sujith 2021

 

(සුජිත් අක්කරවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි

භල්ලුකගේ සොහන - -(වායාම 19 : සුජිත් අක්කරවත්ත)

මල් මද බිසෝ යොන් ලියන් -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

ශාසනයත් දේශපාලනයත් බේරාගත් මධුසාදය -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට

 
 
 

Leader Whats app


 
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 


225ටම ඇමතිකම්! | වියත්කතා
 



මේ පාර දෙන්නෙ හූ නොවෙයි චූ ! | මොණරවිලගේ ලියමන
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා