Prasanna Weerakkody- Paintings

 

සිරි ලක වටේ ඇති හැම අතීත නටබුමක්ම ඇති කළ කුතුහලයට වඩා වෙනස් කුතුහලයක් ඇති කලේ සොහනකින්ය. ඒ එළාරගේ සොහොනය. මේ සොහන ලංකාවේ පුරාවිද්‍යා ඉතිහාසය දෙදරුම් කැව් කථාවකි. විටෙක සිංහළ දෙමළ බෙදුම් රේඛාව අනූව සත්‍යට වඩා හැඟීම් බලවත් කළ අඳුරු කථාවකි.

සිංහළ රජුකුගේ ලෝක පරමාදර්ශය වූ ස්වකීය සතුරාට ගෞරව බුහුමන් පිනිස සොහොනක් නොව සෑයක් තැනූ ගැමුණු රජු අනගිභවනීය කිරීමට තිබූ මහාම ස්මාරකයය. එත් එය හරි ලෙස ලොව මුදුනට තැබීමට අප තවමත් මැලවී ඇත්තේය.

 

මහසෑය වගේම එළාර සෑයද ලොවට සිංහල අභිමන කියා දීමට තිබූ මහා දයාදයකි. ඒත් වර්ග වාදයෙන් ඉතිහාස බෙදා ගැනීම නිසා ඒ කදිම  කම රහස් ගබඩාව ඇතුලේ වැලලී ගියේය. ලංකාවේ ඉතිහාස ලියු වගේම ලංකාව පාලන කළ මෑත පාලකයන් ලේඛකයන් මේ කදිම උරුමය සිංහලයන්ගේ ලෝක උරුමයක් ලෙස දැකීමට තරම් පුළුල් වී නැත්තේය. 'සතුරා' මරා මහ සෑයක් තනා ගෞරව බහුමන් පිදූ සිංහලයන්ගේ සූවිශේෂ මානව ප්‍රේමය සතුරා මරා කිරිබත් කා ප්‍රීති වන තැනට අදූරදර්ශී වන්නේ මේ නිසාය.

 

 

එළාර සොහන වසා දැමීම ඒ කැත ගතියට සිංහලයා ගොදුරු කරපු ආරම්භය බව කිව යුතුය. ඒ සදහා සිංහල ඉතිහාසඥයන් පමණක් නොව දෙමළ ඉතිහසඥයන්ද වග කිවයුතුය.

 මේ දෙගොල්ලාම  ඉතිහාසය ලියා ගන්නේ දෙගොල්ලාටම විරුද්ධවය. එහෙම අයගෙන් දෙගොල්ලාම එක් කළ හැකි ඉතිහාසය ලියවෙන්නේ නැත.

දෙගොල්ලාම එක්වීමට ඉතිහාසය ලිවිය යුතු බව ලියා ඇත්තේ මහානාම මහ තෙරිඳුය. එය එසේ විය යුතු බැවින් එළාර සොහොන සිංහලයාට මතක හිටින පාඩම කොට මහාවංශයට ඇතුලත් කර තැබුවේය.

ඒත් නූතන පුරාවිද්‍යා පරියේෂණ සියල්ල කර ඇත්තේ දුටු ගැමුණු තරමටම ජනප්‍රිය ඵළාරගේ සොහොන ජන අවධානයෙන් ඈත් කර තබා තිබීමය. මෙහෙම සිදුකර තැබීමෙන් ලොකුම අගෞරවය සිදු වන්නේ මහරජ දුටු ගැමුණුටය.


ඉතිහාස ගත ගොනුවේ සොයා නොගිය කථාව :


කොහොමින් නමුත් දැන් සොයා යා යුතු ඉතිහාස ගත ගොනුවේ සොයා නොගිය කථාව විවර කර ගත යුතුය. මහරජ ගැමුණු මහ රජ ඵළාරට ජාතික ස්මාරකයක් තැනුවේ මන්දැයි පැහැදිලිය. ඒ ගැන මොන විදියට හෝ හේතු දැක්විය හැකිය.

දුටු ගැමුණු රජ ගැන අමනාප අයෙකුට එය රජුගේ සටකපට උපායකයැයිද කිව හැකිය. ඒත් එළාර රජු වෙනුවෙන් ජාතික ස්මාරකයක් තනන්නට ගැමුණු පත් වන්නේ ඔහු තුල වූ උත්තරීතර මානුෂීය ගුණාංග නිසා විය හැකිය.

ඒ වගේම එළාර රජු නිසා විශාල දෙමළ සංක්‍රමණයක් රට තුළ සිදු වී තිබෙන්නට ඇත. අන් අතකින් එළාර රජුගේ දැහැමි පාලනය ඉවසූ මහා විහාර මහා සඟුන් වහන්සේලා රජ ගැමුණුට එවැනි අනුශාසනාවක් කරන්නට ද ඇත.

මේ සියල්ල කැටි වී රජු එම තීරණයට එළබි බව පැහැදිලිය.

මේ සියල්ල දෙස බලා ගැමුණු රජ තෙමේ එළාර රජුට ජාතික ස්මාරකයකින් ගෞවරවණීය කිරීමට තරම් නාම්‍යශීලී වන්නේ දුටුගැමුණූටම අනන්‍ය උත්තරීතර මනුදම් පිහිටි නිසාය. යුදජය උරුම කර ගත ලොව කිසිම විරුවෙක් නොකල මෙවන් මනු දම් පිරුනු ක්‍රියාවක් එසේ නොවන්නට කිසි කළක අපේක්ෂා කළ නොහැකි තරම්ය.




භල්ලුක වෙනුවෙන් ස්මාරකයක් තැනුවේ මන්ද ?

 

චීන භාරත ග්‍රීක යුරෝප හැම යුධ විරු පාලක නාමාවලියෙන්ම රජ ගැමුණු වෙනස් වන්නේ මෙතැනින්ය. ඒත් දැන් ප්‍රශ්ණය වන්නේ එළාරගෙන් නිදහස් කරගත් රට යලි උදුරා ගැනීමට පැමිණි භල්ලුකටද එවන් ස්මාරකයක් තැනුවේ මන්ද කියාය .

 

මේ ප්‍රශ්ණයට උත්තර සෙවීමේ දී වැදගත් කරුණ වන්නේ භල්ලුකගේ සොහොන තවමත් නිරුපද්‍රිතව තිබීමය. ඔහු මරා දැමූ තැන ලෙස ලියවී ඇත්තේ ඇත් ගාල හෙවත් ආනමඬුවය. ආනමඬුව ආසන්නයේ ඇති සොහොන් කැල්මය. එහි කුලම් වැව අසල ඇති ශෛල ටැඹ භල්ලුක වෙනුවෙන් තැනූ ස්මාරකයය.

එතකොට නූතන අර්ථයෙන් රාජ ද්‍රෝහීයකු වූ භල්ලුකටද ජාතික විරුවා වූ ගැමුණු අතින් පැසසුම් සහගත සම්මානයක පාත්‍රව ඇත්තේය. ඒ අතින් බැලූ විට නූතන අපට වඩා අතීත පාලකයන් තුල උත්තර මනුදම් රැදී ඇති බව පෙනේ.

wijeweera prabhakaran

රෝහණ විජේවීර - වේළුපිල්ලේ ප්‍රභාකරන්

 

සරලව කීව හොත් ලංකාවේ නීත්‍යානුකූල රජය පෙරලා දමන්නට යත්න දරූ රෝහණ විජේවීර වෙනුවෙන් හෝ රට දෙකඩ කොට වෙනම රටක් තනන්නට වෙර දැරූ වේළුපිල්ලේ ප්‍රභාකරන් වෙනුවෙන් ජනපති ප්‍රේමදාස සහ ජනපති රාජපක්‍ෂ සමරු ලකුණක් ඉතුරු නොකලේය. එසේ කිරීමට බැරිතරම් වෛරයක් මිස මැදහත් බාවයක් මේ දෙදෙනාටම රට තුල මතු කළ නොහැකි විය.

 

ඒත් දුටුගැමුණූ වසර දෙදහසකට පෙර පෙන්නා ඇති මිනිස්කමේ පරමාදර්ශය නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් තුල නොතිබූ ලකුණකි. මේ තුලින් අදට ගෙන ආ යුතු ප්‍රශ්ණය වන්නේ මේ තරම් දියුණු රාජ පාලක චරිත ලකුණක් අප වෙතින් ගිලිහී ගියේ කවර හෙතුවක් නිසා යන්නද.

 

ඒ වගේම භල්ලුක හිතුවාට වඩා අතීත ලංකා සමාජයට චරිතයක් වී සිටි චරිතයක් වගත් පෙනේ. ඒ නිසා භල්ලුක ගැන ගැඹුරින් සිතා සොයා බැලීම ඉතිහාසය ගැන අලුත් පිටුවක් සොයා ගැනීමක් වනු නියතය.

ඒත් චරිතය දෙමළ නම් මකා දැමීමට තරම් සිංහළයා හීන වී ඇති විටත්, චරිතය සිංහල නම් එයම කරන්නට දෙමළාත් හීන වී ඇති විටත් මේවා සොයන්නාට සිදුවන්නේ මුල්ලකට වන්නටය. මුල්ලකට වී මුළු ගැන්වී සිටීම වෙනුවට ජාතික යහ ගුණ වෙනුවෙන් නැගී සිටීමට තරම් දිරියක් ඇති මානුෂික ජාතියක් සේ මේ ගැන සෙවිය යුතුය. සොයා ලිවිය යුතුය.

ලංකාවේ ජාතිවාදී ගෝරනාඩුව නිමා කරන්නට බැරිව ඇත්තේ මේ මුළු ගැන්වීමේ විපාකය නිසාය. ජාතිවාදයට එරෙහිවන්නෝ තවත් ජාතිවාදයකට පක්‍ෂපාතී වීම නිසා ගැටළු උත්සන්න වී ඇත්තේය.

 

සමහරු දෙමලාගේ ඉතිහාසය සොයන්නේ සිංහළයාගේ ඉතිහාසයට පහර දෙන්නටය. අනෙක් අතකට සිංහළයාගේ ඉතිහාසය ලියන්නේ දෙමළාට බැට දෙන්නටය. මේ දකුණු උතුරු අන්තයෙන් දෙකට බෙදුනු ඉතිහාස සාකච්ඡාවට මනුෂ්‍යවාදය කැදවිය යුතුය. ඒ සදහා ‘භල්ලුකගේ සොහොන’ කදිම මාවතකි.

 

භල්ලුකට සොහොනක් සෑදූ ගැමුණු රජු ගැන කථාවක් නැත. ඒ කථාව ලියන්නට වර්ගවාදී ඉතිහාසකාරයා බයය. ඒ වගේ බියක් ඔවූනට ඇත්තේ ඇත්ත පෙන්නා දෙමළ සිංහළ බෙදුම් රේඛාව තදින් අදින්නට බැරිවන නිසාය.

 ඒ නිසා ඇත්තටම ගැමුණු එළාර ගැටුම කියන්නේ සේනානායක බණ්ඩාරනායක ගැටුම වගේ ගැටුමකි. එය ජාති වර්ග බෙදීමෙන් මැනගැනීම වියවුලට හේතුවය. බලය සදහා ඇතිවූ ගැටුමක් වර්ග ජාති මායිමට අදාල නැත්තේය. එය පෙන්වා දෙන්නේම ජයගත් ගැමුණුත් මිය ගිය එළාරත් භල්ලුකත්ය.

 

මේ තේරුම තේරුම් ගන්නේ නැති නිසා දුටුගැමුණුට ලංකාවේ පාරවල්, පිළිම සහ විශ්‍රාම ශාලා ඇත. එළාරට මුකුත් නැත. ඒත් දුටු ගැමුණුට පාරවල් හදන පිළිම හදන විශ්‍රාම ශාලා හදන අපට ගැමුණු තනා දී ඇත්තේ ජාතික ස්මාරක පහකි. එකක් රුවන්වැලි මහා සෑයය. අනෙක මිරිසවැටිය ය. ඊළගට ලෝවාමහා ප්‍රසාදයය. මේ තුනම හදන්නට පෙර හැදුවේ එළාර සොහොනය. භල්ලුක සොහොනය. ආපසු හැරීබලා සිතිය යුතු කථාව මෙතනය.

 

අනුරාධපුර පූජා නගරය නැවත ස්ථාපිත කිරීමට මුල්වූයේ ඩී.එස් සේනානායකයන්ගේ රජයේ පලාත් පාලන ඇමතිව සිටි එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකයන්ය. ඒ වන විට ඔහු පසු පස සිටි වර්ග ප්‍රේමී ඉතිහාසකරුවන් ඔහු ඇදගෙනගිය වැරදි අන්තයේ ප්‍රතිඵලය වන්නේ අනුරපුර පූජා නගර සැලැස්මෙන් එළාර සෑය හෙවත් එළාර සොහොන අප්‍රකට තැනක් වීමය.

මේ එළාර සෑය අප්‍රකට කිරීම නිසා භල්ලුක සොහොන පැත්තකටම තල්ලු වී ගියේ ඒ ගැන සදහනක් සොයා ගැනීමත් අසීරු කරමිනි.

සේනානායක රජයේ ඇමතිවරයෙකු ලෙස බණ්ඩාරනායකයන් ගත් මේ පිලිවෙත එම රජයේම ඇමතිවරයෙකු වූ ජී.ජී පොන්නම්බලම්ගේ මාරක විරෝධයට හේතු වන්නේය. ඒත් පොන්නම්බලම් ද දේශපාලන සරු පොළොව ලෙස වර්ග ප්‍රේමයම තෝරා ගැනීම ඔහුත් තම කැබිනට් සගයාගේම තත්වයට පත්කලේය.

ඒ නිසා ඉතිහාස පොතේ ප්‍රකට තැනක තිබූ එළාර සොහොන ඵෙතිහාසික මහ පොලවේ අප්‍රකට තැනකට තල්ලු වී ගියේය. මේ ගැන වර්ග ප්‍රේමී ඉතිහාස වාදයක් සිංහළ දෙමළ දෙගොල්ලා අතර ඇදී ගියා මිසක මානුෂික ඉතිහාසය ඒ වදනින් අකුරින් හා හැඟීමෙන් මතුකර ගැනීමේ ව්‍යායාමයක් මතුවන්නේ නැත.

 

එවකට ලංකාවේ වම ලොකු  බලයක් තිබූ ව්‍යාපාරයකි. ඔහුහූ ගත්තේද පිඩිතයාගේ පැත්ත මිසක මනුෂ්‍යත්වයේ පැත්ත නොවේය. ඉතින් ඔවූන් අතින් සිදු වූයෙත් වර්ග ප්‍රේමයක් ඇතිවීම හැර වෙනත් දෙයක් නොවේ. මේ විදියට එළාර සෑය අතීතයටම ගිලී අප්‍රකට වෙන විට, භල්ලුක සොහොන නමක් තබා මතකයත් නැතිව යට ගියේය. දැන් යලිත් අසා සොයා බලා විමසාගත යුත්තේ භල්ලුකට සොහොනක් බැන්දේ කිමද කියාය?.

 

භල්ලුක දීඝ ඡන්තුගේ සගයාය - දුටු ගැමුණුගේ සගයා වේළුසුමනය


අතීත තතු විත්ති අනූව නම් භල්ලුක දීඝ ඡන්තුගේ සගයාය. දීඝ ඡන්තු එළාරගේ සේනාධිපතිය. දුටු ගැමුණුගේ සගයා වේළුසුමනය. වේළුසුමනට අයත් බල ප්‍රදේශය වූ වන්නියට සහ වයඹට භල්ලුක අභියෝග කර ඇත්තේය. එළාර පරාජය වීමෙන් පසු දකුණු ඉන්දියාවෙන් මන්නාරමට ගොඩබසින භල්ලුකගේ උවමනාව පැහැදිලිය. ඒ තම සගයා වූ දීඝඡන්තුගේ සිහිනය සබෑ කර ගැනීමය.

මේ සදහා ඔහු සිරිලක් රජුව යුධ ජය පාමුලදී යලිත් අභියෝගයේ හෙලන්නේය. ගැමුණුට ජය සදහා භල්ලුක ඝාතනය කළ යුතුම විය. එබැවින් ඔහු ඝාතනය වන්නේය. දැන් ප්‍රශ්ණය හදිස්සියේ භල්ලුක මෙරට පැමිණීයේ නම් ඔහුගේ ඝාතනයට පසු ජයග්‍රාහකයාම භල්ලුක වෙනුවෙන් ස්මාරකයක් තනා තැබුවේ මන්ද යන්නය.

 එය තුල තිබුනේ මනුෂ්‍යත්වයට අමතරව කවර රාජ දේශපාලන හේතුවක්ද. ඒ වගේම සාමාජීය භූ කලාපිය හෝ ආගමික මහජන බැදීමක්ද. මේ තුලින් පෙනෙන සියුම් ඇතිතක් වන්නේ භල්ලුක ලංකා පොලවට කඩා පැමිනි අහම්බයෙකු නොවන බවය.

භල්ලුක යුද දක්‍ෂයෙකුට අමතරව මහජන ආනුභාවය සහිත ජනතා ලකුනක් නොවූනේ නම් ජයග්‍රාරකයා ලෙස දුටු ගැමුණු මෙවන් ස්මාරකයක් තනා තබනුයේ නැත.

 

මිනිස්කමේ නාමෙන් ඒසේ කලේ නම් එලාරට පසුව භල්ලුකට පමණක් විශේෂ වන්නේ කුක් නිසාද?. මේ සියල්ල වැසීගිය කථාය. කථාව වැසුනත් භල්ලුකගේ සොහොන ඇත්තේය. ඒ සොහොන තනා ඇත්තේ සිංහලේ මහා ජාතික යුද විරුවාය. ඉතින් කතාව මැකී තිබුනත් සොහොන මැකී නැත. භල්ලුකගේ සොහොන යටගිය දවසට බැදුනු දිගු කථාවකි.

 

Sujith 2021

(සුජිත් අක්කරවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි


මල් මද බිසෝ යොන් ලියන් -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)


ශාසනයත් දේශපාලනයත් බේරාගත් මධුසාදය -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට


Leader Whats app

 
 
 
 
තත්ත්වය දරුණු අතට, බී .ආර්ගෙන් බුද්ධි අංශයක් .! | මොණරවිලගේ ලියමන
 
 
 
මහින්ද එලවීම පවුලේම කුමන්ත්‍රණයක්!
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්