BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

රන්ජන්ට තවත් වසර 2ක සිර දඬුවමක් - වසර 5කට අත්හිටුවයි

T

The Leader Desk

June 7, 2022 • 7:54 AM

රන්ජන්ට තවත් වසර 2ක සිර දඬුවමක් - වසර 5කට අත්හිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් රන්ජන් රාමනායක ට වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ
  • බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ ය.
  • තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ පැවසුවේ, වරද පිළිගැනීම සහ ඉදිරිපත් කළ සානුකම්පිත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිට වූ සිර දඬුවම් නියම කිරීමට තීරණය කළ බවයි.
  • අත්හිට වූ වසර 5 ක කාලය තුළ යම් වරදකට වරදකරු වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ මෙම දඬුවම ක්‍රියාත්මක වන බව සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රේෂ්ඨාධිකරණය එය 5 වසරකට අත්හිටවීය.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ ය.

තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ පැවසුවේ, වරද පිළිගැනීම සහ ඉදිරිපත් කළ සානුකම්පිත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිට වූ සිර දඬුවම් නියම කිරීමට තීරණය කළ බවයි.

අත්හිට වූ වසර 5 ක කාලය තුළ යම් වරදකට වරදකරු වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ මෙම දඬුවම ක්‍රියාත්මක වන බව සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

එම කාලය තුළ කිසියම් හෝ වරදකට වරදකරු නොවුයේ නම් වසර 5 ක කාලය අවසන් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි දඬුවමක් නියම නො කළා සේ සලකන බව ද විනිසුරු බුවනෙක අලුවිහාරේ, රන්ජන් රාමනායක වෙත අවධාරණය කර සිටියේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධ දෙවන නඩුව සඳහා රන්ජන් රාමනායක, බන්ධනාගාරයේ මගින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය.

රූපවාහිනී නාලිකාවක් ඔස්සේ කළ ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ බවට රන්ජන් රාමනායක ට විරුද්ධව නීතිපතිවරයා මෙම දෙවන නඩුව ගොනු කර තිබුණි.

පසුගිය නඩු දිනයේදී රන්ජන් රාමනායක වරද පිළිගමින් ප්‍රකාශ කර සිටියේ, තම ප්‍රකාශය මගින් යම් අපහාසයක්, නින්දාවක් හෝ හෑල්ලුවට ලක් කිරීමක් සිදු වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වන්නේ නම් ඒ සම්බන්ධව තමා කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කරන බවයි.

රූපවාහිනී නාලිකාවක් හරහා කළ ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලුවට ලක් කිරීමට තමා කිසිදු ආකාරයකින් අදහස් නොකළ බව ද රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය නඩු දිනයේ ප්‍රකාශ කර තිබුණි.

තමා වරදකරු බවට රාමනායක පසුගිය නඩු දිනයේදී ප්‍රකාශ කර තිබුණේ, හෝ ඊට පෙර තමන් නිවැරදිකරු බවට අධිකරණය හමුවේ ලබාදුන් විත්තිවාචකය ඉල්ලා අස් කර ගනිමිනි.


(News 1st) 

 

{gallery}radicalcenter2022531{/gallery}


 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...