BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●
Top Ad
සාහිත්‍ය - කලා

සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද

Nethmini

Nethmini

October 3, 2026 • 12:40 PM

සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍යය මහා සාගරයකට සමාන කරන්නේ ඇයිද යන්න සහ එහි ඇති අපූර්ව දාර්ශනික ගැඹුර විමසා බලන හරවත් විවරණයක්.
  • (විද්‍යාත්මකව; සාගරය සහ මුහුද කියන්නෙ දෙකක් බව දන්නවා.
  • රුවනාකරය, අමරණීය බව සහ රසෝත්පාදනය මුහුදට කියන නමක් තමයි ‘රුවනාකර’ කියන්නෙ.
  • මහා නිර්මාණකරුවො සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කරල නික්මිලා යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

‘අර්ණව’ කියන්නෙ මුහුදට. ‘සාහිත්‍යය’ මුහුදක් හා සමානයි කියලයි සාහිත්‍යාර්ණව කියන එකෙන් වක්‍රව අදහස් කරන්නෙ. ඒත්… ඇයි සාහිත්‍යය මුහුදට සමාන කරන්නෙ?

මුහුද කියන්නෙ ඉතාම ගම්භීර දෙයක්! පරක් තෙරක් නොපෙනෙන දෙයක්! පමණ සීමා කරන්න නොහැකි දෙයක්! මෙතෙකැයි එතෙකැයි කියල ප්‍රමාණ කරන්න බැරි දෙයක්. ඉතින් සාහිත්‍යය කියන්නෙත් එහෙම දෙයක් නිසයි සාහිත්‍යය සාගරයට, නැත්නම් මුහුදට සමාන කරන්නෙ. (විද්‍යාත්මකව; සාගරය සහ මුහුද කියන්නෙ දෙකක් බව දන්නවා.

 නමුත්, සාහිත්‍යයෙදි ඒ දෙක සමාන වචන.) ඒත්… ‘මම හිතනවා’ සාහිත්‍යය මුහුදට සමාන වෙන්නෙ ඊට වඩා ලොකු වපසරියක තියෙන කාරණා නිසා කියල!

රුවනාකරය, අමරණීය බව සහ රසෝත්පාදනය

මුහුදට කියන නමක් තමයි ‘රුවනාකර’ කියන්නෙ. ‘රුවන්’ කියන්නෙ ‘මැණික්’වලට. ‘ආකර’ කියන්නෙ ‘යමක් උපදින/හටගන්න/එකතු වෙලා තියෙන තැන’ට. රුවනාකර කියන්නෙ මැණික් හටගන්න තැනට. සාහිත්‍යය කියන්නෙත් මිනිස්සුන්ගෙ ‘මනඃමාණික්‍ය’ (මනෝ මැණික්) නැත්නම් නිර්මාණ තියෙන තැන.

මහ සාගරේ කවදාවත් වියැකෙන්නෙ, මියයන්නෙ නෑ. කවුරුත් ආයාසයෙන් සාගරය රැකගත යුතු නැහැ. සාගරය ස්වයංව තමන්ම සුවපත් වෙනව. ඒ වගේ, කවදාවත් ‘සාහිත්‍යය’ කියන දේ මියයන්නෙ හෝ විනාශ වෙන්නෙ නෑ. සාහිත්‍යය තමන් විසින්ම රක්ෂා වෙමින් පවතිනවා.

beach.jpg

මුහුදෙ රැඳිය යුතු දේ සහ මුහුදට වැදගත් දේ, බාහිර බලපෑමක් නැතිව ම මුහුදෙ රැඳෙනවා. සාහිත්‍යය තුළත් රැඳිය යුතු දේ රැඳෙනවා. ආයාසයෙන් රැඳැවිය යුතු නැහැ. සාහිත්‍යය රඳන්නෙ ‘නිර්මාණ පරිශීලනය කරන්නන්’ සහ ‘නිර්මාණකරුවන්’ කියන බල කණු දෙක මත. ඒ දෙක සම සමව ඒ බර දරනවා.


මුහුද ලුණු රසයෙන් මුක්ත වෙන්නෙ, මිදෙන්නෙ නැහැ. ඒ වගේම, සාහිත්‍යයත් විවිධාකාර රසවලින් තොර වෙන්නෙ නැහැ.

නිර්මාණකරුවාගේ ප්‍රතිභාව සහ අංකුර පරපුර

මුහුදෙ ගැඹුරට, දියඹට එක විදියට ම යන්න හැමෝට ම බෑ. තමන්ගෙ ශක්තිය සහ හැකියාව මත කෙනෙක්ට යන්න පුළුවන් දියඹ කොයිතරම්ද  කියල තීරණය වෙනවා. ඒ වගේ ම, සාහිත්‍යය තුළත් නිර්මාණකරුවෙක් ගෙ ගමන කොයිතරම් ද කියල තීරණය වෙන්නෙ ඒ පුද්ගලය ගෙ ‘ප්‍රතිභාව’ (පෙර නොවූ විරූ, නොඇසූ විරූ සහ නොදුටු විරූ අයුරින් අපූර්ව වස්තු හෝ අදහස් නිර්මාණය කිරීමේ සහජ හැකියාව හෝ දක්ෂතාව) මත.

මහා ගංගා මුහුදට ගලාගෙන ඇවිල්ල මුහුද පෝෂණය කරනවා; ඒ වගේම, සමහර වෙලාවට ඒ ගංගා වියළිලා යනව. සාහිත්‍යයත් ඒ වගේ. මහා නිර්මාණකරුවො සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කරල නික්මිලා යනවා.

හැම මොහොතකම මහ මුහුද පුරවන්න සියක් දහසක් අලුත් දිය දලු ගලා එනවා. ඒ වගේම සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කරන්නත් සියක් දහසක් අංකුර නිර්මාණකරුවො උපදිනවා. ඇතැම් දිය දලු පරිණත වෙලා මහා ගංගා බවට පත් වෙනවා. තවත් දියදලු වේළිල ගිහිල්ල අතුරුදන් වෙනවා. අංකුර නිර්මාණකරුවොත් එහෙමයි. සමහරු පරිණත (සමහරු 'පත නරි') වෙනවා.

සහෘද බුද්ධිය, සාහිත්‍ය රැලි සහ ස්වයං පවිත්‍රතාව

මහ මුහුද ප්‍රතිඵලදායකයි. ආහාර, වස්තු සම්භාර, සුන්දර ජීවියො වගේ වටිනා දේවල් තියෙනව. මහ මුහුද භයානකයි. වසවිෂ, ජීවිත හානි වගේ අනතුරුදායක දේවල් තියෙනව. හැබැයි මහ මුහුද ඇසුරු කරන මිනිස්සු හොඳ සහ නරක වෙන් කරගෙන ඒකෙන් 'හොඳ සහ වටිනා' දේ විතරක් ගන්නව. සාහිත්‍යයත් ඒ වගේ… වටිනා දේවල් සහ නොවටිනා දේවල් දෙකම තියෙනව. හොඳ දේවල් වගේ ම නරක දේවලුත් තියෙනව. ප්‍රශස්තව සාහිත්‍යය ඇසුරු කරන, සාහිත්‍යය ගැන අදහසක් තියෙන, භාවිත බුද්ධිය තියෙන සහෘදයො/පරිශීලකයො (සාහිත්‍යවේදියො සහ සාහිත්‍යකාමියො) හොඳ නරක වෙන් කරගන්නවා. හංසයා දියෙන් කිරි වෙන් කරගන්නව වගේ, නරකින් හොඳ වෙන් කර ගන්නවා.

මහ මුහුද කියන්නෙ කුඩා රැලි - මහ රැලි නිතර ඇති වෙන - බිඳෙන තැනක්. සාහිත්‍යය කියන්නෙත් නිරන්තරයෙන් රැලි ඇති වෙන - රැලි බිඳෙන (මතක තියාගන්න; බිඳෙන) තැනක්. එක රැල්ලක් බිඳෙනකොට, තව රැල්ලක් නැගෙනවා. ඒක නැගෙනකොට, තව එකක් බිඳෙනවා. මහ මුහුදෙ සදාකාලිකව එකම මට්ටමෙන් රැඳෙන කිසිම රැල්ලක් නෑ. සාහිත්‍යයෙත් එහෙම තමා.

deeman.jpgඩීමන් ආනන්ද

උදාහරණයකට; කාම කතා රැල්ල, ඩීමන් ආනන්ද මාරක කතා රැල්ල, සුජීව ප්‍රසන්නාරච්චි රැල්ල, 'වැලපත්තර' කියන නම් ලැබුණ කාම ලිපි සඟරා රැල්ල වගේ රැලි කොච්චර ආව ද? ඒත් ඒ එකක්වත් ස්ථිරව තිබුණ ද? හැබැයි එදා ගැරහුම් ලබපු සමහර රැලි අද වෙද්දි ගෞරවනීයයි!

මුහුදෙ කුණු කසළ ජරාව රඳන්නෙ නෑ. මුහුදට වැටෙන කැතකුණු සියල්ල ම නැවත වරක් ආ තැනට ම යැවෙනවා. වෙරළට ම ගොඩගහනවා. සාහිත්‍යයත් ඒ වගේ. කුණු රඳන්නෙ නෑ. ඒවා සාහිත්‍ය ප්‍රවාහයෙන් ක්‍රමිකව, ටිකෙන් ටික ඉවත් කෙරෙනවා. සාහිත්‍යයට අනුගත නොවෙන දෑ ඉවත් වෙනවා. ඉතිරි වෙන්නෙ 'කුණු කසළ නොවෙන දේවල්' විතරයි!



උපුටා ගත්තේ Chandika Abeywickramaගේ face book පිටුවෙන්

චන්දික අබේවික්‍රම

වෘත්තීය සොදුපත් පරීක්ෂක

info.panhinda@gmail.com

View all stories by චන්දික අබේවික්‍රම
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...