BREAKING
ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහ මංගල්‍යය රොනාල්ඩෝ උපන් මෙඩීරා දූපතේදී

T

The Leader Desk

August 3, 2026 • 12:36 PM

රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහ මංගල්‍යය රොනාල්ඩෝ උපන් මෙඩීරා දූපතේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක පූජිත පාපන්දු තරුව සිය උපන් භූමිය වන ෆුන්චාල් හි ප්‍රධාන දේවස්ථානය සහ සැවෝයි පැලස් හෝටලය වෙන් කරයි
  • දෙදෙනාගේ මහා විවාහ මංගල්‍යය වෙනුවෙන් මේ දූපතේ අගනුවර වන ෆුන්චාල් හි ප්‍රධාන දේවස්ථානය ලබන සෙනසුරාදා දිනයට වෙන්කර ඇතැයි දේශීය වාර්තා සඳහන් කරනවා.
  • ෆුන්චාල් නුවර හැදී වැඩුනු පෘතුගාල පාපන්දු තරුවක් වන 41 හැවිරිදි රොනාල්ඩෝ සහ  32 හැවිරිදි නිරූපිකාවක වන ජෝජීනා ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීම සඳහා දේවස්ථානය අසල තිබෙන සැවෝයි පැලස් තරු පහේ හෝටලය වෙන් කරගෙන තිබෙනවා.
  • මේ උත්සවය වෙනුවෙන් ලබන සිකුරාදා හා සෙනසුරාදා දිනවල හෝටලයේ මහල් දෙකක් මෙන්ම බාර් පෙදෙස් කිහිපයක් ද අනෙකුත් අමුත්තන්ට විවෘත නොවනු ඇති බවට හෝටලය දන්වා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 ලෝක කුසලානයෙන් පසු දිවියට නව අලුත් පිටුවක්: වසර 10ක ආදර කතාවේ අභිෂේකය ලබන සෙනසුරාදා


ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ නමැති ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා ඔහු උපත ලැබ හැදී වැඩුනු දූපතේදී ඔහුගේ පෙම්වතිය වන ජෝජීනා රොඩ්රීගෙස් සමග විවාහ වීමට නියම කරගෙන සිටිනවා.

යුවල විවාහ වීමට තීරණය කර තිබෙන්නේ පෘතුගාලයේ මෙඩීරා (Madeira) දූපතේ.

දෙදෙනාගේ මහා විවාහ මංගල්‍යය වෙනුවෙන් මේ දූපතේ අගනුවර වන ෆුන්චාල් හි ප්‍රධාන දේවස්ථානය ලබන සෙනසුරාදා දිනයට වෙන්කර ඇතැයි දේශීය වාර්තා සඳහන් කරනවා.

ro934875

ෆුන්චාල් නුවර හැදී වැඩුනු පෘතුගාල පාපන්දු තරුවක් වන 41 හැවිරිදි රොනාල්ඩෝ සහ  32 හැවිරිදි නිරූපිකාවක වන ජෝජීනා ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීම සඳහා දේවස්ථානය අසල තිබෙන සැවෝයි පැලස් තරු පහේ හෝටලය වෙන් කරගෙන තිබෙනවා.

මේ උත්සවය වෙනුවෙන් ලබන සිකුරාදා හා සෙනසුරාදා දිනවල හෝටලයේ මහල් දෙකක් මෙන්ම බාර් පෙදෙස් කිහිපයක් ද අනෙකුත් අමුත්තන්ට විවෘත නොවනු ඇති බවට හෝටලය දන්වා තිබෙනවා.

හිටපු එංගලන්ත මැන්චෙස්ට යුනයිටඩ් ක්‍රීඩක රොනාල්ඩෝ දැන් ක්‍රීඩා කරන්නේ සෞදි අරාබියේ.

 

f456y546y

රොනාල්ඩෝ ට ස්පාඤ්ඤ-ආජන්ටිනා ජාතික ජෝජීනා මුණගැසුනේ 2016 වසරේ. ඔහු ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ. රොනාල්ඩෝ සහ ජෝජීනා දියමන්ති මුදු පැලඳ ස්පාඤ්ඤයේ මෙයියෝකා දූපතේදී කෙළිනැවකට ගොඩවෙන අයුරු පසුගිය සතියේදී කැමරාවට හසුව තිබුණා.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පසුව දෙදෙනා විවාහ වීමට සැලසුම් කර තිබෙන බව රොනාල්ඩෝ කලින් ප්‍රකාශ කර තිබුණා. පසුගිය මාසයේ එම කුසලානය දිනා ගත් ස්පාඤ්ඤය විසින් පෘතුගාලය තරගාවලියෙන් ඉවත් කරනු ලැබුවා.

ජයග්‍රාහී කුසලානය අතැතිව විවාහ මංගල්‍යයට පැමිණීමට අපේක්ෂා කරන බව රොනාල්ඩෝ මීට පෙර කියා තිබුණා.

තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තමාට විවාහ වීමට අවශ්‍ය වූ එකම කාන්තාව ජෝජීනා බව රොනාල්ඩෝ පවසනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...