මෙහිදී ජපානයේ අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත් අවුරුදු 19න් පහළ කණ්ඩායම තරග 05කින් සමන්විත ද්විපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට සූදානම් කර තිබේ.

අවුරුදු 19න් පහල ජපන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමන් ඇතුළු කළමණාකාරීත්වය අතර හමුවක්ද ඊයේ (අගෝස්තු 03) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහිදී දෙරට අතර ක්‍රිකට් ක්‍රීඩාවේ මීලඟ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමද සිදු විණි..






