BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහය යැයි සිතා වෙනත් යුවලකගේ මංගල්‍යයට පාපන්දු ලෝලීන් දහස් ගණනක් කඩා පනිති!

T

The Leader Desk

August 10, 2026 • 11:00 AM

රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහය යැයි සිතා වෙනත් යුවලකගේ මංගල්‍යයට පාපන්දු ලෝලීන් දහස් ගණනක් කඩා පනිති!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *මදෙයිරා දූපතේ 15 වැනි සියවසේ ෆුන්චාල් දේවස්ථානය වටකළ සෙනඟ නිසා මනාල යුවලට සහ ආරාධිතයන්ට දැඩි අසහනයක්
  • පාපන්දු ලෝලීන් දහස් ගණනක් අනපේක්ෂිත අයුරින් මේ 15 වැනි ශතවර්ෂයේ දේවස්ථානයට පැමිණ සිටි බැවින් Fabio Ramos හා Fatima Nicole Cunha Teixeira යන මනාල යුවලගේ පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන්ට පල්ලියට ඇතුළු වීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවුණා.
  • කෙසේ වෙතත් එයින්, රොනාල්ඩෝ හා ජෝජීනා ව්‍යාජ නම්වලින් දේවස්ථානය කලින් වෙන් කරගෙන ඇති බවට ක්‍රීඩා ලෝලීන් තුළ තිබූ විශ්වාසය නැතිව ගියේ නැහැ.
  •   පෘතුගාල සංකේතාත්මක පාපන්දු ලෙජන්ඩ්ගේ අංක 7 සඳහන් කමිස ඇඳ සිටි බොහෝ පාපන්දු ලෝලීන් ද ඇතුළු සෙනඟ පසුකර යාමට මනාලියට ලොකු සටනක් කිරීමට සිදුවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

*රොනාල්ඩෝගේ සොහොයුරියගේ සමාජ මාධ්‍ය වීඩියෝවෙන් ලැව්ගින්නක් සේ පැතිර ගිය මංගල කතාවට රොනාල්ඩෝ සිනහවෙන් දුන් පිළිතුර

ලෝක පූජිත පාපන්දු තරුවක් වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය වන ජෝජීනා රොඩ්රීගෙස් යැයි වරදවා වටහා ගත් දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් වෙනත් මනාලයෙක් හා මනාලියක වටකර ගැනීම හේතුවෙන් මෙඩීරා නමැති පෘතුගීසි දූපතේ මහා ව්‍යාකූල තත්ත්වයක් හටගත්තා.

දෙදහසක පමණ සෙනඟක් සෙනසුරාදා ෆුන්චාල් දේවස්ථානය වටා රැස්ව සිටියේ රොනාල්ඩෝ හා ජෝජීනා එදින එම ස්ථානයේ විවාහ වන බවට අනුමාන කරමින්.

wddig 3

පාපන්දු ලෝලීන් දහස් ගණනක් අනපේක්ෂිත අයුරින් මේ 15 වැනි ශතවර්ෂයේ දේවස්ථානයට පැමිණ සිටි බැවින් Fabio Ramos හා Fatima Nicole Cunha Teixeira යන මනාල යුවලගේ පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන්ට පල්ලියට ඇතුළු වීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවුණා.

 මේ යුවල මෙඩීරා දූපතේ වැසියන් වූවත් ජීවත් වන්නේ ප්‍රංශයේ. කෙසේ වෙතත් එයින්, රොනාල්ඩෝ හා ජෝජීනා ව්‍යාජ නම්වලින් දේවස්ථානය කලින් වෙන් කරගෙන ඇති බවට ක්‍රීඩා ලෝලීන් තුළ තිබූ විශ්වාසය නැතිව ගියේ නැහැ.

 

පෘතුගාල සංකේතාත්මක පාපන්දු ලෙජන්ඩ්ගේ අංක 7 සඳහන් කමිස ඇඳ සිටි බොහෝ පාපන්දු ලෝලීන් ද ඇතුළු සෙනඟ පසුකර යාමට මනාලියට ලොකු සටනක් කිරීමට සිදුවුණා.

“මේක නම් මහ පිස්සුවක්. මනමාලයා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ බවට හැමෝම හිතන්නේ ඇයි? මනමාලි හොඳටම සසල වෙලා. මේ කලබලය නිසා ඇගේ විවාහ දිනය විනාශ වෙයි කියලා එයා කනස්සල්ලට පත්වෙලයි ඉන්නේ” යනුවෙන් විවාහ උත්සවයට පැමිණ සිටි එක් ආරාධිතයෙක් පැවසුවා.

 මේ ව්‍යාකූලත්වයට රොනාල්ඩෝ ප්‍රතිචාර දැක්වූයේ සිනාසෙන ඩිජිටල් සංකේත (emojis) ජනප්‍රිය වූ සමාජ මාධ්‍ය පෝස්ටුවක බෙදා හරිමින්.

 ronaldo sister

රොනාල්ඩෝගේ සොයුරිය වන Katia Aveiro, තමා “පාටියකට” සහභාගි වීම සඳහා මෙඩීරා දූපතට පැමිණි බව කියන වීඩියෝ පටයක් පෙර දින රාත්‍රියේ පෝස්ට් කරමින් රොනාල්ඩෝ-ජෝජීනා යුවලගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන බවට පැතිර තිබූ දූෂමාන ආරංචිය අවුළවා තිබුණා. ඇය හෝටල කාමරයක් ලෙස පෙනෙන ස්ථානයකදී ඔවුන්ගේ මව වන 71 හැවිරිදි Maria Dolores පිළිගන්නා අයුරු ඇගේ ඉන්ස්ටග්‍රෑම් කතාවලින් දැක්වුණා.

 ‌මේ අතර, සැවෝයි පැලස් නමැති තරු පහේ හෝටලයේ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ රොනාල්ඩෝ එහි තිබෙන The Reserve නමින් හැඳින්වෙන සුවිශේෂ කොට‌සේ ඉහළ ම තට්ටු දෙක වෙන් කර ගෙන ඇති බවට හෝටලයේ කළමනාකාරිත්වය තමන්ට දැන්වූ බවයි.

 Se Catedral Funchalෆුන්චාල් දේවස්ථානය

එදිනට වෙන්කර ගත් වෙනත් විවාහයන් නැති බවට ෆුන්චාල් දේවස්ථානයට අයත් මීසමේ පූජක Marcos Goncalves තහවුරු කළා.

 

“අද තියෙන එකම විවාහය මෙයයි. ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සම්බන්ධයෙන් කලින් වෙන් කර ගැනීමක් මට නැහැ” යනුවෙන් එම පූජකවරයා කියා සිටියා.


රොනාල්ඩෝ සහ ජෝජීනා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මුදු මාරු කර ගත්තේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පසුව විවාහ වන බවට ප්‍රතිඥා දෙමින්.

 

 warnan Gunasekara

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...