BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
ක්‍රීඩා

කප්පම් චෝදනාවෙන් දින දෙකකට පසුව FIFA ජෝර්දානයට හිමි ත්‍යාග මුදල ලබා දෙයි

T

The Leader Desk

August 8, 2026 • 4:11 PM

කප්පම් චෝදනාවෙන් දින දෙකකට පසුව FIFA ජෝර්දානයට හිමි ත්‍යාග මුදල ලබා දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාස අටක් ප්‍රමාද වූ ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල ලැබුණද ඉන්ෆන්ටීනෝට සහාය නොදක්වන බවට ජෝර්දානයෙන් තහවුරු කිරීමක්
  • ඔහු විසින් නම් කරන ලද එක් ගැටළුවක් වී තිබුණේ කටාර් දේශයේ පැවති අරාබි කුසලාන අවසාන තරගයට පිවිසීම වෙනුවෙන් හිමිවිය යුතු ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල ලබා ගැනීම පිණිස ජෝර්දාන පාපන්දු සංගමයට පසුගිය දෙසැම්බරයේ සිට බලා සිටීමට සිදුවීමයි.
  •   “මෙය මීට මාස අටකට පෙර ලැබිය යුතුව තිබූ මුදලක්.”   “අපේ පාපන්දු සංගමයට උදව් උපකාර ලබා ගැනීමේදී සභාපතිවරයාට සහාය දැක්වීම බොහෝ ඵලදායී වේවි” යනුවෙන් ලෝක කුසලාන තරගාවලිය අතරතුර FIFA තමාට වාචිකව සන්නිවේදනය කළ බවට අලි කුමරු චෝදනා කර තිබෙනවා.
  • මේ මුදල් ලැබීම සාදරයෙන් පිළිගැනෙන පාපන්දු සංවර්ධනයක් බව පවසන අලි කුමරු, එහෙත් FIFA නායකත්වය කෙරෙහි තම සංගමයේ තිබෙන මතය මෙයින් වෙනස් නොවනු ඇතැයි කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඡන්ද ලබාගැනීමේ පදනම මත මුදල් රඳවාගත් බවට වූ 'කප්පම්' චෝදනාව හමුවේ FIFA සහ ජෝර්දාන පාපන්දු සංගමය අතර උණුසුම් තත්ත්වයක්

2025 අරාබි කුසලාන පාපන්දු තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් ජෝර්දානයේ ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩලයට කලක් තිස්සේ ලැබිය යුතුව තිබූ ත්‍යාග මුදල දැන් ලැබී තිබෙනවා. එය කප්පම් මුදලක් ලෙස රඳවා තබාගෙන සිටින බවට ජෝර්දාන පාපන්දු සංගමයේ සභාපති අලි බින් හුසේන් කුමරු විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට චෝදනා කර දින දෙකක් ගතවීමත් සමග සිදුවීම විශේෂත්වයක්.

ලෝක කුසලාන තරගාවලියේ කොටස් පෞද්ගලික අයෝජකයන්ට විකිණීමේ සැලැස්ම හකුළා ගැනීමෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ විවේචනයට ලක් කළ අලි කුමරු, ජෝර්දානයේ ගැටළු නිරාකරණය කිරීම සඳහා කරන උපකාරය වෙනුවෙන් ඉන්ෆන්ටීනෝ නැවත වරක් සභාපති ලෙස අනුමත කරන ලෙසට FIFA තමාගෙන් ඉල්ලා සිටි බව කියා සිටියා.

ඔහු විසින් නම් කරන ලද එක් ගැටළුවක් වී තිබුණේ කටාර් දේශයේ පැවති අරාබි කුසලාන අවසාන තරගයට පිවිසීම වෙනුවෙන් හිමිවිය යුතු ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල ලබා ගැනීම පිණිස ජෝර්දාන පාපන්දු සංගමයට පසුගිය දෙසැම්බරයේ සිට බලා සිටීමට සිදුවීමයි.

“පසුගිය දෙසැම්බර් මාසයේ කටාර් හි පැවති FIFA Arab Cup අවසාන තරගයට ජෝර්දාන ජාතික කණ්ඩායමේ පිවිසීම වෙනුවෙන් අපේ ක්‍රීඩකයින්ට හා පුහුණු කාර්ය මණ්ඩලයට ලැබිය යුතුව තිබූ ත්‍යාග මුදල හදිසියේම අද උදෑසන ලබා දීම ගැන FIFA පරිපාලනයට ස්තූතියි” යනුවෙන් අලි කුමරු X වේදිකාවෙන් ප්‍රකාශ කළා.

 
“මෙය මීට මාස අටකට පෙර ලැබිය යුතුව තිබූ මුදලක්.”
 
“අපේ පාපන්දු සංගමයට උදව් උපකාර ලබා ගැනීමේදී සභාපතිවරයාට සහාය දැක්වීම බොහෝ ඵලදායී වේවි” යනුවෙන් ලෝක කුසලාන තරගාවලිය අතරතුර FIFA තමාට වාචිකව සන්නිවේදනය කළ බවට අලි කුමරු චෝදනා කර තිබෙනවා.

මේ මුදල් ලැබීම සාදරයෙන් පිළිගැනෙන පාපන්දු සංවර්ධනයක් බව පවසන අලි කුමරු, එහෙත් FIFA නායකත්වය කෙරෙහි තම සංගමයේ තිබෙන මතය මෙයින් වෙනස් නොවනු ඇතැයි කියනවා.

“මගේ පාපන්දු සංගමය හා මම සභාපති ඉන්ෆන්ටීනෝව අනුමත කරන්නේ නැහැ. අපි එයට ඡන්දය දෙන්නේත් නැහැ.”

ලෝක කුසලානයේ කොටස් විකිණීමේ අත්හැර දැමුනු යෝජනාව සම්බන්ධයෙන් සිදුකළ වැරදිවලට සාමාජික සංගම්වලින් FIFA සමාව ගත්ත ද, මොරොක්කෝවේදී බදාදා පැවති හදිසි රැස්වීමකින් පසුව එහි නායකත්වය ඉන්ෆන්ටීනෝ ට සහයෝගය ලබා දෙන බවට යළි සහතික වී තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com  


සබැඳි ලිපියක් :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කප්පම් චෝදනාවෙන් දින දෙකකට පසුව FIFA ජෝර්දානයට හිමි ත්‍යාග මුදල ලබා දෙයි | The Leader