‘මිත්‍ර‘ සිතුල්පව්ව වෙහෙර අසබඩ දී උපන්නෙකි. එමෙන්ම සමහර වර්ථාවල දැක්වෙන්නේ ඔහු වව්නියාව අසබඩ උපන් බවය.

ඒ ක්‍රි . පු . 187 දී පමණ වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

ඔහුගේ මව් පියන් දෙපල දරුවන් නොමැතිව දිගු කාලයක් කරන ලද මහත් පුජා භාර හාර ඵල දැරුවේ බොහෝ කලකට පසු ‘මිත්‍ර‘ උපත ලැබීමත් සමගය. ඉක්මනින් දැඩිව හැඳු වැඩුණු ‘මිත්‍ර‘ සමකාලීන සෙස්සන් අභිබවන්නට සමත් වුයේ ළඳරු ළපටි සමයේ සිටය.

ඔහු ළපටි ළමා වියේ පටන් තනිව ම හැඳුණු වැඩුණෙකි. “මිත්‍ර“ පවුලේ එකම දරුවා වීමත් වනවාසී ගමක හුදෙකලා දරුවෙකු වීමත්, ඔහුගේ දිවියේ පදනම බවට පත් විය.

අන් අතකින් ‘මිත්‍ර‘ වෙනස් වනුයේ ඔහුගේ පුදුමාකාර ජෛවමය අසාමාන්‍යතා නිසාය. ඔහු දණ ගාන්නට පෙර දෙපයින් ඇවිද ගිය දරුවෙකි. දත් මෝදුවන්නේ කෘන්තක දත් පළමුව හටගැනීමෙනි. බහ තෝරන්නේ ''අලියායි'' පවසමිනි.

මේ සියල්ල මැද ඔහුගේ කාය බලය ද අසාමාන්‍ය වූවකි. කුඩා වියේ ම උණ පඳුරු උදුරා දැමීමටත්, මෝල්ගස්, වංගෙඩි සරළ ලෙස පසෙක තබන්නටත් මිත්‍ර සමත් විය.

මේ සියල්ල මැද ඔහු හිරිමල් වියට පා තබන්නේ විසේකාර හැඩකාරයකු වශයෙනි. දැඩි සෙනෙහස නිසා මිත්‍රගේ පියා මිත්‍ර ගස් බඳින්නේය. ගස් බැඳි මිත්‍ර රැහැන් කඩාගෙන රම්බා නුවර වීදිවල අයාලේ ඇවිද යන ජේත්තුකරුවකු බවට වුයේය. ඔහුගේ අතේ නිබඳව රැදුණු ලණු වළල්ලක් විය. තම පියා ගස් බැඳි රැහැන් පට අත තබා ගෙන ඇවිද යන මිත්‍රගේ ලණු වළල්ල කල්යත් ම ජනකාන්ත විලාසිතාවක් ද බවට පත් විය.

sdsfer

මේ සියළු විශේෂතා අභිබවන්නේ ඔහුගේ අසම්මත පුරුෂ ලිංගය නිසාය. සමකාලීන තතු විත්තින්හි මෙන්ම ඉතිහාස කතා ලතාවේ අතීශය දූර්ලභ පුරුෂ නිමිත්තක් මිත්‍ර සතු විය. එය මිත්‍රගේ ජනප්‍රිය භාවයට හේතුවක් ද වන්නට ඇත. “මිත්‍ර“ යුග යුග ගණන් නොමියෙන චරිතයක් වී කෙරෙහි එය ද එක් හේතුවක් වන්නට ඇත.


පෙරදිග අංග ලක්‍ෂණ විද්‍යාවට අනුව මහා පුරුෂ ලක්‍ෂණ විග්‍රහයේ දී පුරුෂයකු, මහා පුරුෂයෙකු යැයි නම් කිරීමට විවිධ දේහ ලකුණු වල ප්‍රමිති ගවේෂණයක් වේ. මහා පුරුෂ ලක්‍ඛණ සුත්‍රය ද මේ පිළිබඳ කදිම විවරණයක් සපයා ඇත. ඒ අනුව පුරුෂ නිමිත්ත අරභයා වු ලලිත විද්‍යා වියමන අනුව ගෞතම සිද්ධාර්ථයාණන් වහන්සේ හා සමානම පුරුෂ නිමිත්තක් මිත්‍රට ද වු බව කියවේ.

එබැවින් “මහාවංශය“ ස්වකීය විසි එක්වන පරිච්ජේදයේ මහත් හරසර පෙරටුව මිත්‍රගේ පුරුෂ නිමිත්ත වර්ණා කරයි. මෙලෙස නන් විසිතුරු යෞවනයකු වූ ‘මිත්‍ර‘ ඔහුගේ මහා පුරුෂ නිමිත්ත නිසාම ලෝක ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි චරිතයක් බවට පත්වන්නේය.

පසුව මාගම නගරයට සේන්දු වන මිත්‍ර එහි වැසි නාගරික අරුමැසියකු බවට ද පත් විය.

එවැනිම තරුණ කල්ලියක සමවැසියෙකු වන හෙතෙම නීලවර්ණ අශ්ව රෑනක නැගී අනුරාධ නුවරට යාමේ අභියෝගයට එක්විය. එකල මහවැලි නදියෙන් එතෙර එළාර රජූ ද මෙතෙර කාවන්තිස්ස රජු ද පාලනය කළ සමයකි. එම සමයේ ගඟින් එතෙරට යෑම විශ්මයක් ද විප්ලවයක් ද වැනිය. ඒ නිසාම නිරායාසයෙන් ම මිත්‍ර එකී අමුතු අභියෝගයේ පෙර ගමන් කරුවා වුවේය. ඒ හැඩකාර දඟකාර බවට අමතරව දේශපාලනික හැඩයක් ද සහිත තරුවක් බවට මිත්‍ර පත්වුයේය.

අනුරාධ නුවරට ඇතුළු වූ මේ ඉලන්දාරි කල්ලිය තම මවුපියන්ගේන් ඇසුණු සිහින කතාවක සරන්නා සේ එහි ඇවිද ගියහ. ඒ වනවිට අනුරාධ නුවර එළාරට යටත්ව බොහෝ කාලයක් ගතව තිබුණි. මේ අතර මාපියන් වැඩිහිටියන් පමණක් දැක තිබු ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ දකින්නට ‘මිත්‍ර‘ ට ආශාවක් පහළ විය. ඒ අනුව මහා මෙව්නාඋයන් තලාවට පිවිසි මිත්‍ර හා සහචර මිතුරන් දුටු දසුනින් අවේගාත්මක වුහ.

 
මිත්‍ර, දුටුවේ ජය ශ්‍රී මහා බෝධි මළුවේ මළ පහ කරන එළාරගේ රාජ පුරුෂයන්ය. වහා පෙරට දිව ගිය මිත්‍ර රාජ පුරුෂයන් අල්ලා දෙපා ඇද ඉරා විසි කළේය. පුවත එසැනින් රජ මැඳුරට වාර්තා විය. රුහුණු රටින් පිහිටි රටට පැමිණි ආගන්තුක තරුණ කල්ලිය වහා අල්ලා ගෙන එවයි එළාර රජු අණ කර සිටියේය. ඒත් නීල වර්ණ අශ්ව රෑන මත නැගී “මිත්‍ර“ තම මිතුරු සඳ රෑන ද සමග විශ්මිත ලෙස අතුරුදහන් වුහ.


පසුව අණබෙර වැයුණේය. ගිරා, මයින පරවි පණිවිඩ පත් ඇවිලුණේය. රට සිව් අත මෙලස යැවුනේ එළාර රජු නිකුත් කළ වරන්තුවය. ඒකි වරේන්තුවෙන් කියවුනේ “නන්දි“ අල්ලා දෙන්නාට ඇත් බරට රජ පඬුරු ලැබෙන බවය. “නන්දි“ යනු පෙළ බසින් රැහැන, වළල්ල යන අරුතය. මහමෙවුනාවේ දී එළාර රාජ පුරුෂයන්ට දඩුවම් දුන් තරුණයාගේ අත රෑහැන් තිබු බෑව් දුටූ දනන් කී පුවත වරේන්තුවන් ප්‍රකාශයට ඇතුල් විය.
 
ඒ අනුව පුවත රුහුණ රටට ද සැළ විය.

“නන්දි“ යන්න මිත්‍ර හැඳින්වීමට සහවැසියන් ද භාවිතා කළේය. ඒ කුඩා වියේ සිට තම පියා ගස්බැද දැමු රැහැන (නන්දි) කඩාගෙන එම අතබැඳි රැහැන සමඟ ඒමේ පුරුද්ද නිසාය.. මේ ‘නන්දි‘ අල්ලා දෙන්නැයි එළාර වරන්තු නිකුත් කිරීමත් සමග “නන්දි“ රුහුණූ පුරයේ ද ජනප්‍රිය චරිතයක් බවට පත්විය.
 
ඒ මිත්‍ර “නන්දිමිත්‍ර“ වුයේ එලසිනි.

 මේ “නන්දිමිත්‍ර“ එළාරට එරෙහි ජාතික සටනේ රණකාමී මුහුණත වුයේය. නන්දිමිත්‍ර යෝධයා ගැන බොහෝ පුවත් දන්නා සිංහලයන් නොදන්නා පුවත මෙයය.


එමෙන්ම ඔහු දිවමන් ව දිවි ගෙවු අවසාන සමය පිළිබඳ ඇත්තේ අතිශය වියවුල් සහගත තොරතුරුය. මේ අතර කුඩිම්බිගල ඇති නන්දිමිත්‍රගේ වන නිකේතනයේ ඉතිරිව ඇති බොහෝ සංකේත පෙන්වා දෙන්නේ එහි යම් ආධ්‍යාත්මික සටන් ශෛලීන් සම්බන්ධ ගුරු කුලයක් පැවති බවකි. කෙසේ නමුත් නන්දිමිත්‍රයන් යුධ, ජයෙන් අනතුරුව සම්බුදු සසුනේ මහණව රහත් වු බවට ද වාර්තා පවතී. මේ සියල්ල මැද පසක් වන එක් කරුණක් වේ. එනම් එළාරට එරෙහි යුධ ජයග්‍රහණයෙන් පසු දුටුගැමුණු මහරජූ පමණක් මතු වි අන් චරිත යටපත් වී ඇති බවය.
 


කෙසේ නමුත් නන්දිමිත්‍ර බලවේගයක් වන්නේ එළාරගේ වරන්තුව නිසාය. ඔහු වීරයෙක් වන්නේ දුටුගැමුණු බිහිකළ බැවිනි. බොහෝ යුධ විරුවන් රජ විරුවන් අභියස මැකී යන්නේය. එය ඉතිහාසය පුරාත් මතු මත්තේ ද විය හැකි අයුරු නන්දිමිත්‍ර පෙන්වා දී ඇත.

නමුත් නන්දිමිත්‍ර නම් අසමාන පුරුෂයා ඔහුගේ පුරුෂ ලිංගය නිසා ම ඉතිහාසයෙන් නොමැකෙනු ඇත. නන්ද මිත්‍රගේ පුරුෂ ලිංගය ලියාතැබීමෙන් මහානාම තෙරිඳු පෙන්වා ඇත්තේ සිංහලයන් සතුව පැවතිය යුතු රාග විසිතුරේ දිග පළලය.
 
 
Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


සුජිත් අක්කරවත්තගේ වෙනත් ලිපි :


පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

 
වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

 

 

 


 

THE  LEADER  TV


පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 


සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ?
 


නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති... !!

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්